තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය Information and Communication Technologies (ICT) යනු තොරතුරු සැකසුම් සහ සන්නිවේදනය සමිබන්ධ සියලු පැතිකඩ ආවරණය කෙරෙන යෙදුමකි.මෙතුළින් මූලික වශයෙන් පූර්ව-ඩිජිටල්(pre-digital) තාක්ෂණයන් ,එනම් මුද්‍රිත තාක්ෂණයන් ද ඇතුලත්ව විස්තර කෙරුනද, ප්‍රධාන වශයෙන්ම විස්තර කරනු ලබන්නේ තොරතුරැ සන්නිව්දනයට යෙදාගන්නා ඩිජිටල් තාක්ෂණ විධි ක්‍රම( සන්නිෙව්දන ටොකෝල,සම්ෙපේෂණය උපක්‍රම,සන්නිෙව්දන උපකරණ, මාධ්ය සන්නිෙව්දනය) සහ තොරතුරැ ගබඩා කිරිම සහ සැකසුම් (ගණනය කිරීම,දත්ත ගබඩා කිරිම)උපක්‍රමයන්ය.මෙම යෙදුම ජනප්‍රයතාවයක් අත්පත් කරගැනීමට පාර්ෂ්වික හේතුවක් වූයේ තොරතුරු තාක්ෂණය සහ ටෙලිකොම් තාක්ෂණය සන්නිපාතනයයි. සීග්‍රයෙන් වෙනස් වන ලොකයේ විවිධ සහ වර්ධනය වන තාක්ෂණයන් භාවිතයට අවස්ථාව ICT මගින් උදාකර දෙයි.