තොකෝසීල මාසිපා

විකිපීඩියා වෙතින්
දකුණු අප්‍රිකානු මහාධිකරණයෙහි ෂවුටෙන් කොට්ඨාශයෙහි විනිසුරු
තනතුර දරමින්
1 දෙසැම්බර් 1998
Nominated by අධිකරණ සේවා කොමිසම
Appointed byජනාධිපති නෙල්සන් මැන්ඩෙලා
පුද්ගලික තොරතුරු
උපත16 ඔක්තෝබර් 1947 (1947-10-16) (වයස 76)
ඔර්ලෑන්ඩෝ නැගෙනහිර, සුවේටෝ, දකුණු අප්‍රිකාව [1]
කලත්‍රයාමකුල්තා විල්සන් මාසිපා[1]
දරුවන්2[2][3]
උගත් ශාස්ත්‍රාලයදකුණු අප්‍රිකා විශ්වවිද්‍යාලය
රැකියාවවිනිසුරු
වෘත්තියනීතිවේදියා

තොකෝසීල මැටිල්ඩා මාසිපා (උපත 16 ඔක්තොම්බර් 1947) යනු, දකුණු අප්‍රිකානු මහාධිකරණයෙහි ෂවුටෙන් කොට්ඨාශයෙහි විනිසුරුවරියකි.[1][4]

මුල් දිවිය සහ අධ්‍යාපනය[සංස්කරණය]

මාසිපා උපන්නේ සහ ඇතිදැඩිවූයේ ඔර්ලෑන්ඩෝ නැගෙනහිර, සුවේටෝ, ජොහැනස්බර්ග් හිදී වන අතර දරුවන් 10 යුතු පවුලක වැඩිමලා විය. 1966දී ඇලෙක්සැන්ඩ්‍රා නාගරිකයේ ඉමාකුලාටා උසස් පාසැලෙන් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමෙන් පසුව, ඇය 1974දී, සමාජ සේවය පිළිබඳ විශේෂත්වය සහිතව BA උපාධියක් ලත් අතර, 1990දී දකුණු අප්‍රිකා විශ්වවිද්‍යාලයෙන් LLB උපාධියක් ලද්දාය. ඇය 1991දී අධිනීතිඥයෙක් ලෙසින් ඇතුළු කරගනු ලැබුවාය.[1][3]

අභිවෘත්තිය[සංස්කරණය]

ඇයගේ නීති අභිවෘත්තියට පෙර, සමාජ සේවකයෙකු ලෙසින් සහ අපරාධ වාර්තාකරුවෙකු ලෙසින් මාසිපා සේවය කල අතර, එය නිසා නීතිය පිළිබඳ ඇය හට උනන්දුවක් ඇති විය. ද වර්ල්ඩ්, පෝස්ට් සහ ද සුවේටන් පුවත්පත් වල ඇය සේවය කල අතර පේස් සඟරාවෙහි ක්වීන් කාන්තා අතිරේකය සංස්කරණය කලාය.[5][6][7][8]


රාජ්‍යය එරෙහි ඔස්කා පිස්ටෝරියස්[සංස්කරණය]

රීව ස්ටීන්කම්ප් ඝාතනය සහ තුවක්කු-ආශ්‍රිත චෝදනා කිහිපයක් පිළිබඳව, ප්‍රිටෝරියා මහාධිකරණයේදී, 2014 මාර්තු 3 දිනදී ඇරඹුනු ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු විභාගයෙහි විනිසුරු මඩුල්ලෙහි සභාපති ධුරය දරන්නේ මාසිපා විසිනි.[7][9] නඩුවෙහිදී ඇයට සහය වීමට සහයකයන් දෙදෙනෙකු ඇය විසින් පත් කෙරිණි.[10] දකුණු අප්‍රිකානු අධිකරණයේ ප්‍රකාශකයෙකු පරිදී, ඇයගේ ස්ත්‍රී භාවය නිසා මෙම නඩු විභාගයට විශේෂයෙන් පැවරීමක් සිදුවී නොමැත.[11][12] මෙම උසස් තලයෙහි නඩු විභාගයට ඇය පත්කිරීමත් සමගම, , දක්ෂ, ව්‍යක්ත සහ, අල්පභාෂි පුද්ගලයෙකු ලෙසින් ඇයගේ සගයන් විසින් ඇය විස්තර කෙරුණු බව වාර්තා වෙයි.[7][13] නඩුවෙහි මාසිපාගේ තීන්දුව විවාදාත්මකවූ අතර, ඇයගේ ස්ත්‍රීභාවය සහ ජාතිය අවඥාවට ලක් කල තර්ජන ඇය වෙත එල්ල විය. මේ නිසා පොලිස් ආරක්ෂාව සැපයුණි.[14]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "සෙකන්ඩ් බ්ලැක් වුමන් අපොයින්ටඩ් ඈස් අ ජජ්". කන්සල්ටස්. දකුණු අප්‍රිකානු නීතිඥ මණ්ඩලයේ මහා සභාව. 12 (1): 16. මාර්තු 1999. 13 සැප්තැම්බර් 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2014. {{cite journal}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. හන්ටර්-ගෝල්ට්, චාර්ලෙයින් (5 මැයි 2014). "ද වුමන් හූ විල් ජජ් ඔස්කා පිස්ටෝරියස්". ද නිව්යෝකර්. කොන්ඩි නස්ට්. 8 මැයි 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 මැයි 2014. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. 3.0 3.1 ටේ, නස්ටස්යා (10 අගෝස්තු 2014). "තොකෝසීල මාසිපා: ද වර්ල්ඩ් අවේට්ස් හර් වර්ඩික්ට් ඔන් ඔස්කා පිස්ටෝරියස්". දි ඔබ්සර්වර්. Archived from the original on 10 සැප්තැම්බර් 2014. http://www.theguardian.com/theobserver/2014/aug/10/thokozile-masipa-world-awaits-her-verdict. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 සැප්තැම්බර් 2014. 
  4. "ද සවුත් ඇෆ්රිකන් ජුඩිෂරි – ජුඩිෂරි". අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව. 1 මාර්තු 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 මාර්තු 2014. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. ලෙකෝටා, ඉඩෝ (19 ඔක්තොම්බර් 2009). "'ද මීඩියා ඊස් ස්ටිල් ඕන්ඩ් බයි වයිට්ස්'". ද සුවේටන්. http://www.sowetanlive.co.za/sowetan/archive/2009/10/19/the-media-is-still-owned-by-whites. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2014. 
  6. "පිස්ටෝරියස් ට්‍රයල් ටු බී හර්ඩ් බයි ෆෝමර් ක්‍රයිම් රිපෝටර්". eNCA. 17 ජනවාරි 2014. http://www.enca.com/south-africa/former-crime-reporter-hear-pistorius-trial. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2014. 
  7. 7.0 7.1 7.2 "එක්ස්පීරියන්ස්ඩ්, රිසර්ව්ඩ් ජජ් ෆො පිස්ටෝරියස් ට්‍රයල්". මේල් ඇන්ඩ් ගාඩියන්. 18 පෙබරවාරි 2014. http://mg.co.za/article/2014-02-18-experienced-reserved-judge-for-pistorius-trial. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 පෙබරවාරි 2014. 
  8. හියුමන් සයන්සස් රිසර්ච් කවුන්සිල්. ගෲප්: ඩිමොක්‍රසි ඇන්ඩ් ගවර්නන්ස් (2000). විමෙන් මාචිං ඉව්ටු ද 21ස්ට් සෙන්චරි: වතින්ට් ඒබාෆාසි, වතින්ට් ඉම්බෝකෝඩෝ. ප්‍රිටෝරියා: HSRC Press. p. 110. ISBN 9780796919663.
  9. බේට්මන්, බැරි (17 ජනවාරි 2014). "තොකෝසීල මාසිපා ටු ප්‍රිසයිඩ් ඕවර් පිස්ටෝරියස් කේස්". අයිවිට්නස් නිවුස්. http://ewn.co.za/2014/01/17/Thokozile-Masipa-to-preside-over-Pistorius-case. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2014. 
  10. වෙන්ටර්, සෙල්ඩා (13 පෙබරවාරි 2014). "ඔස්කා ට්‍රයල් ජජ් අපොයින්ට්ස් ඇසෙසර්ස්". ප්‍රිටෝරියා නිවුස්. http://www.iol.co.za/news/crime-courts/oscar-trial-judge-appoints-assessors-1.1646332#.Uw8UxuOSyyg. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2014. 
  11. වර්ස්ලවුස්, ජෑන්-මරී (17 ජනවාරි 2014). "සී ෆර්හූර් ඔස්කා [සී ට්‍රයිස් ඔස්කා]" (ඇෆ්රිකාන්ස් බසින්). බීල්ඩ්. http://www.beeld.com/nuus/2014-01-17-vrou-verhoor-oscar. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2014. 
  12. ඩූබෙ, ඩුඩූ; මාෆිසා, ඉටුමැලන් (20 ජනවාරි 2014). "ජුඩිෂරි ඩිෆෙන්ඩ්ස් වුමන් ජජ් ෆො ඔස්කා ට්‍රයල්". ද නිව් ඒජ්. http://www.thenewage.co.za/116673-1007-53-Judiciary_defends_woman_judge_for_Oscar_trial. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2014. 
  13. ඩි වෙට්, ෆිලිප් (7 පෙබරවාරි 2014). "ඔස්කා පිස්ටෝරියස් ට්‍රයල්: ලෙට් ද හිස්ටීරියා බිගින්". මේල් ඇන්ඩ් ගාඩියන්. http://mg.co.za/article/2014-02-06-oscar-pistorius-trial-let-the-media-frenzy-begin. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2014. 
  14. කොන්වේ-ස්මිත්. එරින් (16 සැප්තැම්බර් 2014), ජජ් හූ ෆවුන්ඩ් ඔස්කා පිස්ටෝරියස් නොට් ගිල්ටි මර්ඩර් අන්ඩර් පොලිස් ප්‍රොටෙක්ෂන්, ද ටෙලිග්‍රාෆ්
"https://si.wikipedia.org/w/index.php?title=තොකෝසීල_මාසිපා&oldid=315420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි