නෙල්සන් මැන්ඩෙලා

විකිපීඩියා වෙතින්
නෙල්සන් මැන්ඩෙලා
Nelson Mandela on the eve of his 90th birthday in Johannesburg in May 2008
2008 මැයි 13දිනදී ජොහැන්නස්බර්ග්හිදී මැන්ඩෙලා
දකුණු අප්‍රිකාවේ ජනාධිපති
තනතුර දරමින්
10 May 1994 – 14 June 1999
Deputyතාබෝ ම්බෙකි
ෆෙඩ්‍රික් විලියම් ද ක්ලාර්ක්
පූර්වප්‍රාප්තිකයාෆෙඩ්‍රික් විලියම් ද ක්ලාර්ක්
As State President of South Africa
අනුප්‍රාප්තිකයාතාබෝ ම්බෙකි
Secretary General of Non-Aligned Movement
තනතුර දරමින්
3 September 1998 – 14 June 1999
පූර්වප්‍රාප්තිකයාඇන්ඩ්‍රීස් පස්ට්‍රානා ඇන්ග්‍රෝ
අනුප්‍රාප්තිකයාතාබෝ ම්බෙකි
පුද්ගලික තොරතුරු
උපත
Rolihlahla Mandela

18 ජූලි 1918 (1918-07-18) (වයස 105)
Mvezo, Union of South Africa
දේශපාලන පක්ෂයඅප්‍රිකානු ජාතික කොන්ග්‍රසය
කලත්‍රයාEvelyn Ntoko Mase (1944–1957)
Winnie Madikizela (1957–1996)
Graça Machel (1998–present)
වාසස්ථාන(ය)Houghton Estate, South Africa
උගත් ශාස්ත්‍රාලයUniversity of Fort Hare
University of London External System
University of South Africa
University of the Witwatersrand
අත්සනSignature of Nelson Mandela
වෙබ් අඩවියMandela Foundation


1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.

දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට ‍එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝ‍සේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.

1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධාන‍වීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.

දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහ‍ු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.

මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.

සිරගතව සිටි කාලය[සංස්කරණය]

රොබෙනිගලෑන්ඩ් දූපතේ දිවිය: 1962 - 1982[සංස්කරණය]

රොබෙනිගලෑන්ඩ් දූපතේ නෙල්සන් මැන්ඩෙලා රඳවා තැබූ සිරකුටිය සහ prison yard

මරණය සහ අවමගුල[සංස්කරණය]

  
මැන්ඩෙලාගේ හවුටන් නිවස පිටතදී මහජනයා අවසන් ගෞරව දක්වමින්

දිගු කලක් පැවති ශ්වසන ආසාදනයකින් ගැහැට විඳීමෙන් පසුව, 2013 දෙසැම්බර් 5 දිනදී වයස අවුරුදු 95 ක් ආයු වැළඳීමෙන් පසුව මැන්ඩෙලා මිය ගියේය. ඔහුගේ පවුලේ සාමාජීකයන් ඔහු වට කර සිටියදී, 20:50 දේශීය වේලාව (UTC+2) පමණ වත්ම, ජොහැන්නස්බර්ග්හී, හවුටන් හිදී, හේ මිය ගියේය. [1] ජනාධිපති ජේකබ් සූමා රූපවාහිනියේ පෙනී සිටිමින් ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කළේය. [1][2]

2013 දෙසැම්බර් 6 දිනදී, ජනාධිපති සූමා විසින් දින දහයක ජාතික ශෝක කාල පරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ප්‍රධාන අවමංගල්‍යෝත්සවය ජොහැන්නස්බර්ග්හී එෆ්එන්බී ක්‍රීඩාංගනයේදී 2013 දෙසැම්බර් 10 දිනදී පැවැත්විණි. 2013 දෙසැම්බර් 8 දින, ජාතික යාච්ඤා සහ ආවර්ජනාවේ දිනයක් ලෙසින් හෙතෙම ප්‍රකාශයට පත් කළේය. ප්‍රිටෝරියාහී යූනියන් බිල්ඩිංස් තුල දෙසැම්බර් 11–13 දක්වා මැන්ඩෙලාගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව තැන්පත් කර තැබූ අතර 2013 දෙසැම්බර් 15 දිනදී රාජ්‍ය අවමංගල්‍යයක් කූනු, දකුණු අප්‍රිකාව හිදී පැවැත්විණි. .[3]


ආශ්‍රිත[සංස්කරණය]

අධෝසටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "සවුත් ඇෆ්රිකාස් නෙල්සන් මැන්ඩෙලා ඩයිස් ඉන් ජොහැන්නස්බර්ග්". බීබීසී නිවුස්. 5 දෙසැම්බර් 2013. http://www.bbc.co.uk/news/world-africa-25249520. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 දෙසැම්බර් 2013. 
  2. පොල්ග්‍රීන්, ලිඩියා (5 දෙසැම්බර් 2013). "මැන්ඩෙලාස් ඩෙත් ලීව්ස් සවුත් ඇෆ්රිකා විත්අවුට් ඉට්ස් මොරල් සෙන්ටර්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2013/12/06/world/africa/nelson-mandela.html?_r=0. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 දෙසැම්බර් 2013. 
  3. පිල්ලේ, වෙරෂ්නි (6 දෙසැම්බර් 2013). "මැන්ඩෙලාස් මෙමෝරියල් සර්විස් ටු බී හෙල්ඩ් ඔන් ඩිසෙම්බර් 10". මේල් ඇන්ඩ් ගාඩියන්. http://mg.co.za/article/2013-12-06-mandelas-memorial-service-to-be-held-on-december-10. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 දෙසැම්බර් 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=නෙල්සන්_මැන්ඩෙලා&oldid=330352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි