තන්තිරිමලේ

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

තන්තිරිමලේ යනු ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාස වලින් එකකි. මහින්දාගමනයට පෙර සිටම මෙම ප්‍රදේශයෙහි ජනාවාස පැවති බවට සාධක තිබේ. එම මුල් අවදියේ සිට අනුරාධපුරය යුගයේ අගභාගය දක්වා විහිදෙන දිර්ඝ කාල පරිච්ඡේදයකට අයත්වන ආගමික නිර්මාණ, ශිලා ලේඛන, සිතුවම් හා මිනිසුන් පරිහරණය කල වෙනත් භාණ්ඩ ආදියේ පුරා විද්‍යාත්මක සාධක රාශියක් මෙහි දක්නට ලැබේ. මීට අමතරව ‍ඓතිහාසික මුලාශ්‍ර හා ජනාප්‍රවාද අනුවද මෙහි සිට වයඹ දිග මුහුදු වෙරළ දක්වාම සශ්‍රික ජනාවාස පැවති බව පෙනේ. අනුරාධපුර රාජධානියේ පිරිහිමත් සමග දිර්ඝ අදුරු යුගයක් ගතකොට 1960 වර්ශයේ සිට නැවත පිබිදෙමින් විහාරස්ථානයත් ජනාවාසයත් ගහට පොත්ත මෙන් එක්ව අපගේ පැරණි වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය වචනයට සිමා නොකොට ප්‍රායොගිකව ක්‍රියාත්මක වන බව හොදාකාරව පෙනේ. ඉතා දිලිදු ජනකොටසක් වෙසෙන අතර ඔවුහු විහාරස්ථානයේ මැදිහත් විමෙන් ප්‍රතිසංස්කරණය කරන ලද කුඩා වැව් 81ක් යටතේ ලවුග් 2700ක් දක්වා වර්ධනය වි සිටිති. මෙම පුජනිය ඓතිහාසික විහාරස්ථානය හා ජනාවාසය ගැන ඉතා කෙටියෙන් මෙහි විස්කර කර ඇත.

පටුන

[සංස්කරණය] පිහිටිම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංත 366 තන්තිරිමලේ යන ග්‍රාම නිලධාරි කොට්ඨාශය මුල්කරගත් දෙමටමල්ගම, නෙළුම්විල, සදමල් එලිය, තුප්පිටියාව, නවෝදාගම, මහා ඇහැටුවැව, ඔයාමඩුව යන ග්‍රිම නිලධාරි කොට්ඨාශවල ව්‍යාප්තව පවති. රිටිගල කන්දේ සිට අරම්භ වන මල්වතු ඔය කනදරාඔය හමුවන තෙක් උතුරු දිසාගතව පැමිණ එහි සිට ක්‍රමයෙන් වයඹ දෙසට හැරිම නිසා නිර්මාණය වි ඇති වංගු සහිත තැනිතලා නිම්නයේ පිහිටි මෙම ඓතිහාසික බිම්කඩ උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔයත් බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානය හා දකුණින් මහාවිලච්චිය මහා මාර්ගයත් සිමා කොට ඇත.

[සංස්කරණය] ළගා විය හැකි මාර්ග

  1. අනුරාධපුර මහා විලච්චිය මාර්ගයේ කි:මි 18ක් ගිය තැන දකුණු පසින් පිහිටි “ශ්‍රි විමලඤාණ”මාවත ඔස්සේ කි:මි 18ක් ඉදිරියට යන විට තන්තිරිමලේ රජමහා විහාරය හමුවේ.
  2. මැදවච්චිය නගරයේ සිට මන්නාරම මාර්ගයේ කි:මි 18ක් පැමිණි පසු හමුවන “ගජසිංහපුර” නම් ස්ථානයේන් වමට වැටි ඇති මාර්ග‍ය ඔස්සේ කි: මි 12ක් පැමිණිමෙන් පසුවද විහාරස්ථානයට ළගා විය හැක. එම මාර්ගයෙදි ඔබට මල්වතු ඔයද පසු කිරිමට අවස්ථාව ලැබේ.


[සංස්කරණය] නමෙහි විකාශනය

මෙම ප්‍රදේශය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ “තිවක්ඛ බමුණුගම” යනුවෙන් හදුන්වා තිබේ. ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අනුරාධපුරයට වැඩමවන අවස්ථාවේ එම පෙරහැර මෙම ගම්මානයේ එක් දිනක් නවාතැන්ද ගෙන ඇත.

විජය කුමරු ලක්දිවට පැමිණ මල්වතු ඔය දිගේ ගමන්කොට අනුරාධපුරය රාජධානිය කරගත් අතර ඔහු සමග පැමිණි අමාත්‍යවරුන්ටද එක් එක් දිසාවල ජනාවාස ගොඩනැගිමට උපදෙස් දුන්හ. ඒ අනුව “උපතිස්ස” නම් අමාත්‍යවරයා මල්වතු ඔයට කනදරා ශය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ “උපතිස්සගම” යනු අද තන්තිරිමලය නම් මෙම ප්‍රදේශයයි.

සාලිය කුමරු හා අශෝකමාලාවන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව එම දෙදනා මෙම පුදේශයේ කලක් ජිවත් වි ඇත. එහිදි පරිත්‍යාග කළ “තන්තිරි” යන සමණළ විශේෂයේ හැඩය සහිත රන් මාලය මෙහි නිධන්කොට ඇති නිසා “තන්තිරිමාලය” යන්න සැදුනු බව ජනවහරේ එයි. එසේම පුජනිය පිරිස නවාතැන් ගත් කන්ද “තන්ගෛතිරුමලෙයි” යන දමිල ව්‍යවහාරය පසුව තන්තිරිමලේ නම් වු බවද කියවේ.

අනුරාධපුර යුගයේදි මහායානික නිකායට අයත් තන්ත්‍රයානික භික්ෂුන් වහන්සේලා සහ අදත් භුතානයේ ගෞරව කරන තාන්ත්‍රික බ්‍රාහ්මණයින් මෙහි වාසය කල බැවින් තන්තිරිමලේ නම සැදුන බවද ඇතමෙක් කියයි.

[සංස්කරණය] මේ අඩවියත් බලන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු