ජුදා ආගම

විකිපීඩියා වෙතින්

ජුදා ආගම යනු, යුදෙව් ජනයාගේ ආගම, දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි. [1] ජුදා ආගම, ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්‍රධාන අනභූතිය, (ටනාහ් යනුවෙන්ද හැඳින්වෙන) හෙබ්‍රෙව් බයිබලය මත පදනම්ව හෝ එහි අඩංගුව හෝ ඇති අතර, ටල්මූඩ් වැනි පසුකාලීන ග්‍රන්ථ පෙළ විසින් එය ගවේෂණය කර ඇත. ආගම් ලැදි යුදෙවුවන් විසින් ජුදා ආගම සැලකෙන්නේ, ඊශ්‍රායෙලයේ දරුවන් හා සමග දෙවියන්වහන්සේ ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාර සම්බන්ධතාවයක් ලෙසිනි.[2]

ජුදා ආගම සජාතීය ආගමක් නොවන අතර, මත ප්‍රවාහ සහ අදහස් කිහිපයක් හා සමබර එකඟතාවයක් මත පිහිටයි. වර්තමානයේ, වඩාත් ප්‍රචලිත ප්‍රවාහය වන්නේ රෙබෙනික ජුදා ආගම වන අතර, එහිදී පිළිගැනෙන්නේ, ලිඛිත සහ වාචික ටෝරා යන දෙයාකාරයටම, සීනායී කන්දෙහිදී දෙවියන්වහන්සේ විසින්, උන්වහන්සේගේ නීති සහ පණත් මෝසෙස් වෙත හෙළිකල බවයි. [3] ඓතිහාසික වශයෙන්, මෙම නිර්ධාරණය, දෙවන දේවමාලිගය යුගයේදී සද්දුසිවරු සහ හෙලනිස්තික ජුදා ආගම; මුල්කාලීන හා පසුකාලීන මධ්‍යතන යුගයන්හිදී කැරඅයිට්වරු සහ සබේෂන්වරු;[4] සහ නූතන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්ගේ ඛණ්ඩයන් වැනි බොහෝ කණ්ඩායම් විසින් අභියෝගයට ලක් කරන ලදි. නූතන කාලයේ මානවවේදී ජුදා ආගම වැනි ලිබරල් ව්‍යාපාරයන්, අදේවවාදී විය හැක.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ජේකබ්ස්, ලුවිස් (2007). "ජුඩයිසම්". In ෆ්‍රෙඩ් ස්කොල්නික් (ed.). එන්සයික්ලොෆීඩියා ජුඩයිකා. Vol. 11 (2d ed.). ෆාර්මින්ටන් හිල්ස්, මිචි.: තොම්සන් ගේල්. p. 511. ISBN 978-0-02-865928-2. ජුඩයිසම්, ද රිලිජන්, ෆිලොසෆි, ඇන්ඩ් වේ ඔෆ් ලයිෆ් ඔෆ් ද ජූස්.
  2. "නොලේජ් රිසෝර්සර්ස්: ජුඩයිසම්". බර්ක්ලි සෙන්ටර් ෆෝ රිලිජන්, පීස් ඇන්ඩ් වර්ල්ඩ් අෆෙයාර්ස්. සම්ප්‍රවේශය 2011-11-22.
  3. "වට් ඊස් දි ඕරල් ටෝරා?". Torah.org. සම්ප්‍රවේශය 2010-08-22.
  4. "කැරඅයිට් ජුවිෂ් යුනිවර්සිටි". Kjuonline.com. සම්ප්‍රවේශය 2010-08-22.
"https://si.wikipedia.org/w/index.php?title=ජුදා_ආගම&oldid=271827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි