චාල්ස් ඩිකන්ස්

විකිපීඩියා වෙතින්

චාල්ස් ඩිකන්ස්
උපතචාල්ස් ජෝන් හෆම් ඩිකන්ස්
7 පෙබරවාරි 1812(1812-02-07)
ලෑන්ඩ්පෝර්ට්, හැම්ප්ෂයර්,
එංගලන්තය
විපත9 June 1870(1870-06-09) (වයස 58)
ගැඩ්ස් හිල් ප්ලේස්, හිග්හැම්, කෙන්ට්,
එංගලන්තය
මිහිදන් කල තැනපොයෙට්ස් කෝනර්, වෙස්ට්මිනිස්ටර් ඇබේ
වෘත්තියලේඛක
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
පුරවැසිභාවයඑරා
සංගණ්‍ය කෘතිය(න්)ස්කෙචස් බයි බොස්, දි ඕල්ඩ් කියුරියෝසිටි ෂොප්, ඔලිවර් ට්විස්ට්, නිකොලස් නික්ලබි, බානබි රජ්, අ ක්‍රිස්ට්මස් කැරොල්, මාටින් චසල්විට්, අ ටේල් ඔෆ් ටූ සිටීස්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්, බ්ලීක් හවුස්, ලිට්ල් ඩොරිට්, හාඩ් ටයිම්ස්, අව මියුචුවල් ෆ්‍රෙන්ඩ්, ද පික්වික් පේපර්ස්
කලත්‍රයා(යන්)කැත්රීන් තොම්සන් හොගාර්ත්
දරුවන්චාල්ස් ඩිකන්ස්, කණි., මේරි ඩිකන්ස්, කේට් පෙරුගිනි, වෝල්ටර් ලැන්ඩර් ඩිකන්ස්, ෆ්‍රාන්සිස් ඩිකන්ස්, ඇල්ෆ්‍රඩ් ඩෝර්සේ ටෙනිසන් ඩිකන්ස්, සිඩ්නි ස්මිත් හෝල්ඩිමන්ඩ් ඩිකන්ස්, හෙන්රි ෆීල්ඩින් ඩිකන්ස්, ඩෝරා ඇනී ඩිකන්ස්, සහ එඩ්වර්ඩ් ඩිකන්ස්



අත්සන

චාල්ස් ජෝන් හෆම් ඩිකන්ස් (7 පෙබරවාරි 1812 – 9 ජූනි 1870) යනු ඉංග්‍රීසි නවකතා කතුවරයෙකු වූ අතර, වික්ටෝරියානු යුගයේ ශ්‍රේෂ්ඨතමයා ලෙස සාමාන්‍යයෙන් සැලකෙයි. පෙර සිටි කිසිම ගත් කතුවරයෙකු අත්නොවිඳි පුළුල් ජනප්‍රියත්වයක් සහ ප්‍රසිද්ධියක් ඔහුගේ ජීවිත කාලය තුලදීම ඩිකන්ස් බුක්ති විඳි අතර ඔහු වර්තමානයේදී තවමත් ජනප්‍රිය ලෙසින් සිටින්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි බොහෝ නිරූපක නවකතා සහ චරිත සඳහා දායකත්වය සැපයූ හේතුවෙනි. [1]

ඔහුගේ බොහෝ ලියවිලි මුලින්ම ප්‍රකාශයට පත්වුනේ අනුක්‍රමික ලෙසින්, මසකට එක් කාණ්ඩයක් බැගින් වන අතර, ප්‍රකාශයට පත් කිරීමේ මෙම ඌරුව ඩිකන්ස් නිසාම ජන්ප්‍රිය වූවකි. අනුක්‍රමික ලෙසින් ප්‍රකාශයට පත් කිරීම ඇරඹීමටත් කලින්ම නවකතා ලිවීම නිම කල සමහරක් ගත් කතුවරුන් මෙන් නොව, ඩිකන්ස් බොහෝ විට කතාංග නිමැවූයේ ඒවා කොටස් වශයෙන් පල වෙන අතරතුරදීමය. මෙම ප්‍රගුණනය විසින් ඔහුගේ කථාන්තරයන්ට කිසියම් රිද්මයක් හිමි කර දුන් අතර, ත්‍රාසය-දනවන අවසානයකින් කෙළවර කර, ඊළඟ කොටස තෙක් මහජනතාව පුල පුලා බලාසිටීමට සලස්වන ලදි.[2] ඔහුගේ නවකතා සහ කෙටිකතා සඳහා පැවති අඛණ්ඩ ජනප්‍රියතාවය නිසා ඒවා කිසි විටෙක මුද්‍රණයේ-නොමැති නොවීය.[3]

සටහන්[සංස්කරණය]

  1. "වික්ටෝරියන් ස්ක්වාලර් ඇන්ඩ් හයි-ටෙක් ගැජට්රි: ඩිකන්ස් වර්ල්ඩ් ටු ඕපන් ඉන් ඉංග්ලන්ඩ් ", ද නිව්යෝර්ක් ටයිම්ස්, 23 මැයි 2007.
  2. ස්ටෝන්, හැරී. ඩිකන්ස් වර්කිං නෝට්ස් ෆො හිස් නවල්ස්. චිකාගෝ, 1987.
  3. ස්විෆ්ට්, සයිමන්. "වට් ද ඩිකන්ස්?", ද ගාර්ඩියන්, 18 අප්‍රේල් 2007.
"https://si.wikipedia.org/w/index.php?title=චාල්ස්_ඩිකන්ස්&oldid=591990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි