ලෑන්ඩ්පෝර්ට්

විකිපීඩියා වෙතින්
කොමර්ෂල් පාර, ලෑන්ඩ්පෝර්ට්
චාල්ස් ඩිකන්ස්ගේ උපන් ස්ථානය, 393 කොමර්ෂල් පාර, ලෑන්ඩ්පෝර්ට්

ලෑන්ඩ්පෝර්ට් යනු, පෝට්සී දිවයිනෙහි මධ්‍යයට සමීපයෙන් පිහිටි දිස්ත්‍රික්කයක් වන අතර එංගලන්තයේ, පෝට්ස්මත් නගරයේ කොටසක් වෙයි.

මෙම දිස්ත්‍රික්කය තුල පෝට්ස්මත් හී ප්‍රධාන සාප්පු ප්‍රදේශය පිහිටා ඇත. දෙවන ලෝක යුද්ධයට පෙර, මෙම දිස්ත්‍රික්කය, මිනිසුන් පදිංචිව සිටි ප්‍රදේශයක් වූ අතර, ප්‍රධාන වශයෙන් නාවික තටාකාංගනයෙහි සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වලට වෙන්ව තිබුණි. යුද්ධය තුලදී බෝම්බ හෙලීම නිසා මෙම දිස්ත්‍රික්කය මහත් ලෙසින් හානියට පත් විය. ඉතිරිව පැවති නිවාසද උප-ප්‍රාමාණික බවක්, යුද්ධයෙන් පසුව තීරණය කෙරුණු අතර, එබැවින් ප්‍රදේශය විශාල වශයෙන් හෙළිපෙහෙළි කෙරිණි. හෙළිපෙහෙළි කෙරුණු ප්‍රදේශයෙන් බොහෝ කොටසක් විවාදාත්මක ට්‍රයිකෝන් කේන්ද්‍රය සඳහා භාවිතා කෙරිණි.[උපහරණ ඇවැසිය]

ලෑන්ඩ්පෝර්ට් යනු, 1812, පෙබරවාරි 7වන දින උපත ලද, ඉංග්‍රීසි නවකතා-රචක චාල්ස් ඩිකන්ස්ගේ උපන් ස්ථානය වෙයි. ඕල්ඩ් කොමර්ෂල් පාරෙහි පිහිටි ඔහුගේ පූර්ව නිවහන, වර්තමානයෙහි චාල්ස් ඩිකන්ස් උපන්ස්ථාන කෞතුකාගාරය වෙයි.[1]

ශාන්ත ඇගතා දේවස්ථානය මෙම ප්‍රදේශයෙහි පිහිටා ඇති අතර, එය මුලින්ම ගොඩනගා ඇත්තේ, එකල මීසමෙහි පූජ්‍යපාදාධිපති රොබට් විලියම් රැඩ්ක්ලිෆ් ඩොලිං විසින් ප්‍රධානත්වය දරමිනි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://www.victorianweb.org/authors/dickens/gallery/25.html
  2. "ද ලයිෆ් ඔෆ් ෆාදර් ඩොලිං" ඔස්බෝර්න්,සී.ඊ පිටු 60-207: ලන්ඩනය, එඩ්වඩ් ආනල්ඩ්, 1903

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 50°48′11″N 1°05′13″W / 50.803°N 1.087°W / 50.803; -1.087

"https://si.wikipedia.org/w/index.php?title=ලෑන්ඩ්පෝර්ට්&oldid=387739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි