කොප්ටික කතෝලික සභාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කොප්ටික කතෝලික සභාව
වර්ගීකරණය කතෝලික
පෙළගැස්ම නැගෙනහිර කතෝලික, ඇලෙක්සැන්ඩියානු පිළිවෙත
බලමූලය බිස්කුපාලිත
සංවිධානාත්මක ව්‍යුහය පිතෘමූලික
නායක පූජකපිතෘ ඉබ්‍රහිම් අයිසෙක් සිඩ්රැක්
සංගමන පෙරදිග සභාවන්ගේ සමූහනය
භූගෝලීය භූමිප්‍රදේශ ඊජිප්තුව, ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ප්‍රජාවන් හා සමග
මූලස්ථානය කයිරෝව
මෙයින් වෙනස් ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව
මෙයින් බෙදී පැමිණිය කතෝලික සභාව
සමූහනයන් 161 (2010)
සාමාජිකයන් 163,630 (2010)
දේවගැතිවරු 243[1]
නිල වෙබ් අඩවිය coptcatholic.net

කොප්ටික කතෝලික සභාව යනු, රෝමානු කතෝලික සභාව හා සමගින් සම්පූර්ණ ආගමික සම්බන්ධයෙහි පවතින ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙතෙහි සුවිශේෂී සභාවකි. ඓතිහාසික වශයෙන්, එය නිරූපණය කරන්නේ, එහි භක්තිකයන් ඕර්තඩොක්ස් සභාවෙන් වෙන්වී රෝමය හා සමග සම්පූර්ණ ආගමික සම්බන්ධයකට එක් වීම නිසා, ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව වෙතින්, බිඳී යාමක් වෙයි.

වත්මන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික කතෝලික පූජකපිතෘ වන්නේ ඉබ්‍රහිම් අයිසෙක් සිඩ්රැක් වන අතර, 2013 දී ඇන්ටෝනියෝස් නගීබ් වෙනුවට පත් විය. පූජකපීතෘ කාර්යාල පිහිටා ඇත්තේ කයිරෝවෙහිය. පූජකපීතෘමය ආසන දෙව්මැදුර (ඊජිප්තුවේ අප ස්වාමිදුව) පිහිටා ඇත්තේ, කයිරෝවෙහි නගරෝපාන්තයක් වන නස්ර් නගරයෙහිය.

ඉතිහාසය[සංස්කරණය]

සම්භවයන්[සංස්කරණය]

1442, පෙබරවාරි 4 දිනදී, ෆ්ලොරන්ස් මන්ත්‍රණ සභාවෙහිදී, කොප්ටික ඕර්තඩොක්ස් නියෝජිත මණ්ඩලයක් විසින් කන්ටාටේ ඩෝමිනෝ ලියැවිල්ලට අත්සන් තැබීමෙන්, කතෝලික සභාව සහ රෝමයේ රාජගුරුප්‍රසාදිවහන්සේ හා සමගින් විධිමත් සම්බන්ධතාවයකට එළඹිනි. ඊජිප්තුවෙහිදී මෙය සඳහා එතරම් සහයෝගයක් නොලැබීම නිසා, ලියැවිල්ලෙහි බලාත්මක භාවයක් නොමැති තරම් විය. 1600 ගණන් වලදී, ප්‍රාථමික වශයෙන් ප්‍රැන්සිස්කානු වරයන්ගෙන් සැදුම්ලත්, ධර්මදූතයන් පිරිසක් කොප්ට්ස් වෙත පැමිණීම ඇරඹූහ. 1630දී, කැපුචීන් නිකායේ කයිරෝ මීසමක් ඇරඹිනි. ජේසු නිකායකයෝ 1675දී පැමිණියහ. [2] 1713දී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික පූජකපීතෘ විසින් රෝමයට යටහත් භාවය පළ කරන ලද නමුදු, 1442දී මෙන්ම, සම්බන්ධතාව වැඩි කල් නොපැවතුණි. [3]

1741දී, ජෙරුසලෙමෙහි කොප්ටික රදගුරු ඇන්බා අතනාසියස්, කතෝලිකයෙක් විය. [3] 1781දී, දසසතරවන බෙනඩික්ට් පාප් වහන්සේ විසින් 2,000 කට අඩු ප්‍රමාණයක්වූ ඊජිප්තියානු කොප්ටික කතෝලිකයන්ගේ විකාර් අපෝස්තලික ලෙසින් ඔහුව පත් කරන ලදි. [2] අත්‍යන්තයෙහිදී, අතනාසියස් යළිත් කොප්ටික ඕර්තඩොක්ස් සභාව වෙත ගිය අතර වෙනත් කිහිපදෙනෙක් කතෝලික විකාර් අපෝස්තලික ලෙසින් ක්‍රියා කළහ.[2]

පූජකපිතෘ තනතුර[සංස්කරණය]

කොප්ටික කතෝලිකයන් වෙනුවෙන් කතෝලික පූජකපිතෘවරයෙක් ඔටෝමාන් ප්‍රතිරාජයාහට අවශ්‍ය වෙතැයි යන උපකල්පනය මත 1824දී පාප් වහන්සේ විසින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පූජකපිතෘ තනතුර[2] සිරියාවේ, ඊජිප්තුවේ, අරාබියාවේ සහ සයිප්‍රසයේ අපෝස්තලික විකාර් තනතුර වෙතින් ඇති කළත් [4] එය මූලික වශයෙන් නාමමාත්‍ර විය. [2] කොප්ටික කතෝලිකයන්ට තමන්ගේ දේවස්ථාන ගොඩනැගීමට 1829දී ඔටෝමාන්වරු ඉඩ දුන්හ.[2]

මෙම පිළිවෙත භාවිතා කරන කතෝලිකයෝ යම් මට්ටමකට වැඩිවීම නිසා 13වන ලියෝ පාප් වහන්සේ 1895 දී කතෝලික පූජකපිතෘ තනතුර ප්‍රතිෂ්ඨාපනය කළහ. [3] එතුමා මුලින්ම, සිරිල් මෙකාරියෝස් රදගුරු තුමා, පූජකපිතෘ විකාර් ලෙසින් පත් කළේය. මෙකාරියෝස් මුලසුන දැරූ සිනෝඩ් නම් ධර්මකාරීසභාවක් විසින් යම් ලතින් භාවිතයන් හඳුන්වාදෙන ලදි. 1899දී, ලියෝ පාප් වහන්සේ විසින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පූජකපීතෘ ලෙසින් මෙකාරියෝස් පත් කළේ දෙවන සිරිල් යන නම ලබා දෙමිනි. මතභේදයක් නිසා 1908දී පාප් වහන්සේගේ ඉල්ලා සිටීම පරිදී හේ ඉල්ලා අස් විය. පූජකපීතෘ තනතුර 1947දී පැවති තෝරාගැනීමේ වරණයක් දක්වා හිස්ව පැවති අතර[2] අපෝස්තලික පරිපාලක විසින් පරිපාලනය කරන ලදි.[4]

ආගමික නිකායයන්[සංස්කරණය]

කතෝලික කොප්ටික සභාව සතුව කොප්ටික තාපසාරාම නොමැත. ඒ වෙනුවට සභාව සතු වන්නේ, කාන්තාවන් සඳහා වන සමාජ තුන වැනි ආගමික සමූහනයන් වෙති: එනම් ශ්‍රී හෘදයේ සොහොයුරියෝ, ජේසු තුමන් හා මරිය තුමියගේ කොප්ටික සොහොයුරියෝ (මේ දෙකම ඊජිප්තුවෙහි පදනම්ව ඇත) සහ ජේසු තුමාගේ කුඩා සොහොයුරියෝහී ඊජිප්තියානු මණ්ඩලය වෙති. පුරුෂ ප්‍රැන්සිස්කානු වරයන්ගේ සමාජයක්ද පවතියි .[2]

අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා[සංස්කරණය]

පූජකභාවය සඳහා බොහෝ අපේක්ෂකයන් පුහුණු කරනු ලබන්නේ, කයිරෝ නගරෝපාන්තයෙහි පිහිටි ශුද්ධවූ ලියෝගේ පූජකපිතෘමය දෙව්සත්හලෙහිය. 100 කට වැඩි කොප්ටික කතෝලික මීසම් විසින් ප්‍රාථමික පාසැල් පරිපාලනය කරන අතර, සමහරක් සතුව ද්වීතියික පාසැල්ද වෙති. සභාව විසින් රෝහලක්ද, වෛද්‍ය බොහෙත් ශාලා සහ සායන කිහිපයක්ද සහ , අනාථ මඩම් කිහිපයක්ද නඩත්තු කරගෙන යනු ලබයි.[තහවුරු​ කරන්න]

ආශ්‍රිත[සංස්කරණය]

  1. රොබර්සන්, රොනල්ඩ් ජී.. "දි ඊස්ටර්න් කැතලික් චර්චර්ස් 2010". ඊස්ටර්න් කැතලික් චර්චර්ස් ස්ටැටිස්ටික්ස්. කැතලික් නියර් ඊස්ට් වෙල්ෆෙයාර් ඇසෝෂියේෂන්. http://www.cnewa.org/source-images/Roberson-eastcath-statistics/eastcatholic-stat10.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 දෙසැම්බර් 2011. 
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 රොබර්සන්, රොනල්ඩ් ජී.. "ද කොප්ටික් කැතලික් චර්ච්". ඊස්ටර්න් කැතලික් චර්චර්ස්. කතෝලික මෑත පෙරදිග සුබසාධක සංගමය. http://www.cnewa.org/default.aspx?ID=63&IndexView&pagetypeID=9&sitecode=HQ&pageno=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 ජනවාරි 2012. 
  3. 3.0 3.1 3.2 සැකිල්ල:කතෝවිශ්
  4. 4.0 4.1 "පේට්‍රියාකල් සී ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා". කැතලික් ඩයසීස් ඉන් ද වර්ල්ඩ්. ගිගා කැතලික් ඉන්ෆර්මේෂන්. http://www.gcatholic.com/dioceses/diocese/alex0.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 ජනවාරි 2012. 
"http://si.wikipedia.org/w/index.php?title=කොප්ටික_කතෝලික_සභාව&oldid=270505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි