කඩදාසි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
කඩදාසිය යනු ඉතා සිහින් ද්‍රව්‍යයක් වන අතර එහි මතුපිට ලිවීමට, මුද්‍රණයට මෙන්ම ඇසුරුම්කරණයට යොදා ගනී. කඩදාසි නිෂ්පාදනය කරනු ලබන්නේ කෙඳි මගින්වන අතර සාමාන්‍යයෙන් ශාකමය කෙඳි සෙලියුලෝස්හි බහාලූ පසු එම කෙඳි එකිනෙක සම්බන්ධ වනුයේ හයිඩ්‍රජන් බන්ධනයකිනි. එම ස්වභාවික කෙඳි භාවිතා කරන අතරෙහිම ඊට කෘතීම කෙඳි වර්ග වන “පොලිප්‍රොපිලීන්” සහ “පොලිතිලීන්” ආදී දෑ ද සංයෝග කරනු ලබන්නේ කඩදාසියේ භෞතික ගුණ රැක ගැනීමටය. සාමාන්‍යයෙන් කෙඳි වර්ග ලබා ගන්නේ ශාක මගින් ලබා ගන්නා පල්ප සහ ශාකමය කෙඳි වර්ග වන පුළුන්, හණ සහ ගොයම් ගස්වල කෙඳි ආදිය භාවිත කරමිනි.