ඇමරිකාවන්

විකිපීඩියා වෙතින්
ඇමරිකාවන්
භූමිප්‍රමාණය42,549,000 කිමී2
ජනගහණය911,000,000 (ජූලි 2008 ඇස්ත.)
ජනගහණ ඝණත්වය21/කිමී2 (55/වර්ග සැත)
ජාතිකත්ව නාමයඇමරිකානු[1] (නමුත් භාවිතය බලන්න)
රටවල්35

ඇමරිකාවන්, හෝ ඇමරිකානු මහාද්වීපය,[2][3][4] යනු නව ලෝකය ලෙසින්ද හැඳින්වෙන, බටහිර අර්ධගෝලයෙහි භූමිප්‍රදේශයන් වෙති. උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව යන මහාද්වීපයන් හා,[5]ඒවාට ආශ්‍රිත දිවයින්ද අඩංගුව, ඒවා පෘථිවියේ මුළු පෘෂ්ඨ වර්ගප්‍රමාණයෙන් 8.3% ක් ආවරණය කරයි (එහි භූමි වර්ගප්‍රමාණයෙන් 28.4% ක්). භූ-ලක්ෂණ අභිභවනය කරන්නේ, බටහිර වෙරළ ඔස්සේ දිවෙන දිගු කඳු දාමයක් වන, ඇමරිකානු කෝඩිලේරාව විසිනි. ඇමරිකාවන්හී වඩාත් පැතැලි නැගෙනහිර පෙදෙස අභිභවනය කරන්නේ, ඇමේසන්, මිසිසිපි, සහ ලප් ලාටා වැනි විශාල ගංගා ද්‍රෝණි වලිනි. උතුරු-දකුණු දිශානතියට 14,000 කිමී (8,699 සැත) ප්‍රමාණයක් පුරා පැතිරෙන ඇමරිකාවන් හරහා, දේශගුණය සහ පරිසර විද්‍යාව දැඩි ලෙසින් විචලනයට භාජනය වීම, උතුරු කැනඩාවෙහි, ග්‍රීන්ලන්තයෙහි, සහ ඇලස්කාවෙහි ආක්ටික් තුන්ද්‍රා සිට, මධ්‍යම ඇමරිකාවෙහි සහ දකුණු ඇමරිකාවෙහි නිවර්තන වැසි වනාන්තර දක්වා ව්‍යාප්තිය කුලින් පිළිබිඹු වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "American". ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (3වන ed.). ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 2005. {{cite book}}: Unknown parameter |chapterurl= ignored (help); Unknown parameter |month= ignored (help)
  2. නිදසුනක් වශයෙන් බලන්න: ඇමරිකා – මේරියම්-වෙබ්ස්ටර් ඔන්ලයින් ශබ්දකෝෂයෙහි අර්ථදැක්වීම. සම්ප්‍රෙව්ශය, 2008, ජනවාරි 27 දී; "dictionary.reference.com ඇමරිකා". Dictionary.com. ඉංග්‍රීසි භාෂාව සඳහා ද ඇමරිකන් හෙරිටේජ් ශබ්දකෝෂය, සතරවන සංස්කරණය. හොව්ටන් මිෆ්ලින් සමාගම, 2004. සම්ප්‍රෙව්ශය: ජනවාරි 27, 2008.
  3. මාර්ජෝරී ෆී සහ ජේනිස් මැක්ඇල්ෆයින්, ඔක්ස්ෆර්ඩ් ගයිඩ් ටු කැනේඩියන් ඉංග්ලිෂ් යූසේජ් (2008) පිටුව 36 පවසන්නේ "In Canada, American is used almost exclusively in reference to the United States and its citizens." සිංහල: "කැනඩාවේ, 'ඇමරිකන්' යන වචනය සැම විටම පාහේ භාවිතා වන්නේ එක්සත් ජනපදය සහ එහි වැසියන් ආශ්‍රිතවයි." ද නිව් සීලන්ඩ් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි, ද කැනේඩියන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි, දි ඕස්ට්‍රේලියන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි සහ ද කන්සයිස් ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි යන ඇතුළු අනෙකුත් සියල්ල විසින් "ඇමරිකන්" යන්න අර්ථදැක්වීමේදී ඇමරිකාවන් සහ එක්සත් ජනපදය යන දෙකම හුවා දක්වයි.
  4. "ඇමරිකා." දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ද ඉංග්ලිෂ් ලැන්වේජ් (ISBN 0-19-214183-X). මැක්ආතර්, ටොම්, සංස්., 1992. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, පි. 33: "[16 සියවස: ගවේෂක ඇමරිගෝ වෙස්පුචි (1454–1512) ගේ ලතින්කෘත පළමු නමෙහි, ඇමරිකස් යන්නෙහි, ස්ත්‍රී ලිංගික පදයෙන්. ඇමරිකා යන නම පළමුවරට එළිදැක්වුනේ, ජර්මානු සිතියම් විද්‍යාඥ මාටින් වල්ඩ්සීමුලර්ගේ 1507 සිතියමක, දැනට බ්‍රසීලය යනුවෙන් හැඳින්වෙන පෙදෙස සඳහාය]. 16 සියවස පටන්, බොහෝවිට ඇමරිකාස් යන බහුවචනය නව ලෝකය සඳහා දළ වශයෙන් තුල්‍යාර්ථිකව, බටහිර අර්ධගෝලයට නමක් ලෙසින්. 18 සියවස පටන්, ඇමරිකානු එක්සත් ජනපදයෙහි නම වශයෙන්. මෙම දෙවන ආකාරය ඉංග්‍රීසි භාෂාවේ දැන් ප්‍රාථමික වෙයි: ... කෙසේවෙතත්, මෙම පදය විවිධ ලෙසින් භාවිතය සඳහා විවෘතය: ..."
  5. "කොන්ටිනන්ට්". එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 31 ඔක්තොම්බර් 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිකාවන්&oldid=479132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි