මහාද්වීපය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මහාද්වීපයක් යනු පෘථිවිය මත ඇති විශාල එකට බැඳුණු භූමි ප්‍රදේශයකි. දැනට පිළිගැනෙන සම්මතයට අනුව ලෝකය මහාද්වීප 7කට බෙදෙන අතර ඒවා විශාලත්වය අඩු වෙන පිළිවෙලට ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඇන්ටාර්ක්ටිකාව, යුරෝපය, සහ ඕස්ට්‍රේලියාව වෙයි[1].
බොහෝ විට ඕස්ට්‍රේලියාව තනි මහාද්වීපයක් ලෙස සැළකුණ ද[2] තවත් සමහරෙක් එය ඕෂනියාව නමැති තවත් මහාද්වීපයක කොටසක් ලෙස සළකති. ඔවුන් පවසන අන්දමට ඕෂනියාවට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පැසිපික් දූපත් අයත් වෙයි[3] .
උතුරු ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාව එකම මහාද්වීපයක් යැයි සමහරෙක් පවසති. තවත් සමහරෙකුගේ මතය අනුව යුරෝපය සහ ආසියාව යනු යුරේසියාව යන මහාද්වීපයේ කොටස් දෙකකි. යුරේෂියාව සහ අප්‍රිකාව යුරාෆ්‍රේසියාව නමැති විශාල මහාද්වීපයක කොටස් දෙකකැයි මතයක් ද පවතියි.
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ "Continents: What is a Continent?". National Geographic. http://travel.nationalgeographic.com/places/continents/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-08-22. "Most people recognize seven continents—Asia, Africa, North America, South America, Antarctica, Europe, and Australia, from largest to smallest—although sometimes Europe and Asia are considered a single continent, Eurasia."
- ↑ World fact book - Australia
- ↑ Worldatlas.com - Australia