අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප්‍රෝකැරියෝටාව, ඉයු‍කැරියෝටාව, ක්ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා වෛරස, එක් සෛලික ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් වැනි) ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්‍රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්‍යාධි ජනනයේ හා ප්‍රචණ්ඩත්වයේ අණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්‍ර ජීව විද්‍යාව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්‍ර ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්‍යයනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ.

වෛරස[සංස්කරණය]

මිනිසුන්ගේ හා සත්ත්වයන්ගේ වෛරස වැදගත් රෝග කාරකයන්ය. ඔවුන්ගේ ජිනෝමය සාමාන්‍යයෙන් කුඩාය. එම හේතුව නිසා අනුපිළිවෙල ගත කළ ප්‍රථම ජීව සංවිධාන ඔවුන්ය. EB වෛරසවල සම්පූර්ණ DNA අනුපිළිවෙල 1948 දී සම්පූර්ණ කළේය. BTV බ්ලූමන්ග් වෛරස පසුගිය ශතක දෙක තුනකම ප්‍රමුඛ ස්ථානය ගත අතර දැන් අණුක ව්‍යුහ මට්ටමින් හොඳින්ම හඳුනාගත් වෛරස ලෙස නියෝජනය වේ. පැපිලෝම, කොරෝනා,, ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස ද අණුක මට්ටමින් විශාල ලෙස අධ්‍යයනය කර ඇත. බැක්ටීරි භක්ෂක/බැක්ටීරියා වෛරස ජීව ගෝලයේ වැස්ම විවිධත්වයක් ද වැඩිම පැතිරීමක් ද ඇති බවට ඇස්තමේන්තුගත කර ඇත. බැක්ටීරි භක්ෂක එන්සයිම, භක්ෂකයන් අණුක ජීව විද්‍යාවෙහි වර්ධනයට මූලිකත්වයක් ගෙන ඇති අතර ජීවයේ මූලික රසායන පිළිබඳ අධ්‍යයනයේ දී ජීව ආකෘතික ජීවීන් ලෙස උපයෝගී කර ගති. මුල්ම DNA ජිනෝමය ව්‍යාපෘතිය නම් වූයේ Φ-X174 භක්ෂක පිනෝමය 1977 දී භක්ෂක, බැසිලස්වල භක්ෂකයන් DNA බෙදීම, එහි පරිවර්තනය නියාමනය වීම් ආදී සාමාන්‍ය වීම විද්‍යාත්මක ක්‍රියාවලීන්වල අණුක යාන්ත්‍රණ කිහිපයක් සඳහාම ආදර්ශයක් විය.