ජීව විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
EscherichiaColi NIAID.jpg
Goliathus goliatus dos.jpg
Thompson's Gazelle.jpeg
ජීව විද්‍යාව මගින් ජීවයෙහි ඇති විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. (ඉහල සිට පහලට) E.coli, ශාක පර්නාංග, කූරංගයා, ගොලායත් කුරුමිනියෙක්

ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි. මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.

ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ.

බොහෝ ජීව විද්‍යාත්මක හැදැරීම් විශේෂණය වු උප කොටස් වේ. සම්ප්‍රදායිකව ඒවා හදාරනු ලබන ජීවි විශේෂය අනුව වර්ගී කරණය කරනු ලබයි. එනම් උද්භිද විද්‍යාවේදී ශාක පිළිබඳව ද සත්ත්ව විද්‍යාවේදී සතුන් පිළිබඳවද ක්ශුද්‍ර ජීව විද්‍යාවේදී ක්ශුද්‍ර ජීවීන් පිළිබඳව ද අධ්‍යයනය කරනු ලබයි. ජීව විද්‍යාව තුලද එහි ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරනු ලබන ජීවින් සහ ඒවා හැදැරීම සඳහා භාවිතා කරන ක්‍රමෝපායන් අනුව තවදුරටත් බෙදීම් වලට ලක්වේ. ජෛව රසායන විද්‍යාවේදී ජීවයෙහි මූලික රසායනය පිළිබඳවද, අනුක ජීව විද්‍යාවෙහිදී ජීවි අනු අතර ඇති සංකිර්ණ අන්තර් ක්‍රියා පිළිබඳවද, සෛල ජීව විද්‍යාවේදී සියළු ජීවීන්ගේ මූලික නිර්මාපක ඒකකය වන සෛලය පිළිබඳවද අධ්‍යයනය කරනු ලබයි. භෞත වේදය මගින් ජීවීන්ගේ භෞතික සහ රසායනික ක්‍රියාකාරීත්වයන් පිළිබඳවද පරිසර විද්‍යාව මගින් විවිධ ජීවීන් ඔවුන්ගේ බාහිර පරිසරය සමග අන්තර් ක්‍රියා සිදු කරන ආකාරය පිළිබඳවද හදාරනු ලැබේ.


අතීතය[සංස්කරණය]

එර්නස්ට් හැකල්ගේ ජීවයේ වෘක්ෂය (1879)

ජීව විද්‍යාව තනි සංගත ක්ෂේත්‍රයක් ලෙසට යන සංකල්පය ඇති වුයේ 19 වන ශත වර්ෂයේ වුවද ආදි ග්‍රීක සහ රෝම ඉතිහාසයෙහි විසු ගැලන් සහ ඇරිස්ටෝටල් ගේ සම‍යෙහි වු සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ ස්වාභාවික ඉතිහාසය යන යුග වලදී පවා ජීව විද්‍යාව පැවතී ඇත. මේවා මධ්‍ය යුගයේදී විසු මුස්ලිම් ජාතික වෛද්‍ය වරුන් වු අල්-ජාහිස්, ඇවිසෙනා, ඇබෙන්සෝ සහ ඉබන් අල්-නෆීස් විසින් තවදුරටත් සංවර්ධනය කරන ලදී. යුරෝපීය පුනරුද සමයෙහි සහ මුල් නූතන අවධි වලදී ජීව විද්‍යාත්මක සංකල්පයන් වඩාත් විප්ලවකාරි ලෙස යුරෝපයෙහි ඇති වු අතර එමගින් අනුභවෛකවාදය හා බොහෝ නව ජීවීන් සොයා ගැනීම පිළිබඳව උනන්දුවක් ඇති වුණි. මෙකී ක්ෂේත්‍රයෙහි පුරෝගාමීන් වුයේ වෙසාලියස් සහ හාවිය. ඔවුන් භෞත විද්‍යාව පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලද අතර ඒ පිළිබඳව ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කරන ලදහ. ලිනෙයස් සහ බෆන් යන ස්වාභාවික වාදීන් ජිවයෙහි විවිධත්වය පිළිබඳව , පොසිල සාක්ෂි සහ ජීවීන්ගේ වර්ධනය හා හැසිරීම පිළිබඳව අධ්‍යයනය කළහ. අන්වීක්ෂීය සොයා ගැනීම් මගින් මින් පෙර හදුනානොගත් ක්ෂුද්‍ර ලෝකය පිළිබඳව හෙලිදරවු වු අතර එමගින් සෛල වාදය සදහා මූලික අඩිතාලම වැටුණි. ස්වාභාවික දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳව වු වැදගත්කම මගින් කාර්මික චින්තනය. පිළිබඳව සොයා ගැනීම් සිදුවු අතර එමගින් ස්වාභාවික ඉතිහාසයෙහි වර්ධනය ශක්තිමත් කරන ලදී.

18 සහ 19 වන ශත වර්ෂ වලදී සිටම උද්භිද විද්‍යාව සහ සත්ව විද්‍යාව විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ලෙස පිලිගැනීමට ලක්වුණි. ලැවොයිසියර් සහ අනෙකුත් භෞතික විද්‍යාඥයින් භෞතික විද්‍යාව හා රසායනික විද්‍යාව හරහා සජීවි සහ අජීවි ලෝකය එකිනෙක සම්බන්ධ කිරීමට උත්සාහ ගත්හ. ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් වැනි ගවේශණාත්මක ස්වාභාවික වේදීන්කු විසින් ජීවින් සහ ඔවුන‍්ගේ බාහිර පරිසරය අතර අන්තර් සම්බන්ධ‍තාවය පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදී. තවද භූගෝලීයව මේවා අතර වු සම්බන්ධතාවය විග්‍රහ කිරීමට ජෛව භූ ගෝල විද්‍යාව, පරිසර විද්‍යාව සහ චර්යා විද්‍යාව සදහා මූලික පදනම ඇති කරන ලදී. ස්වභාව වාදින් විසින් සාරාත්ම වාදය පිළිබඳව මත බැහැර කිරීමට පටන් ගත් අතර ඔවුන් විසින් ජීවින්ගේ න්‍යෂ්ඨ වීම සහ අනිත්‍යතාවය පිළිබඳව සලකා බැලීමේදී ඇති වැදගත්කම පෙන්වා දුන්හ. සෛල වාදය මගින් ජීවයෙහි මූලික ව්‍යුහය පිළිබඳව නව අර්ථ කථනයක් ලබාදෙන ලදී. මොවායෙහි වර්ධනයත් සමග සහ කලල විද්‍යාව හා පාෂාණ ධාතු විද්‍යාව මගින් චාල්ස් ඩාවින් විසින් ස්වාභාවික වරණය මගින් පරිණාමය සිදුවීම පිළිබඳව සංකල්පය ඉදිරිපත් කරන ලදී. 19 වන ශතවර්ෂයේ අගභාගයේදී ස්වාභාවික ජනන වාදයෙහි නිමාව දුටු අතර රෝග ඇති වීම සදහා විෂබීජ වල ඇති දායකත්වය පිළිබඳව සංකල්පය බිහිවුණි. නමුත් උරුම වීම පිළිබඳව ඇති ක්‍රියා පටිපාටිය තව දුරටත් අබිරහසක් බවට පත්ව ඇත.

20 වන ශතවර්ෂයෙහි මුලභාගයේදී මෙන්ඩල්ගේ ක්‍රියාකාරකම් නැවත සොයා ගැනීමත් සමගම තෝමස් හන්ට් මෝගන් සහ ඔහුගේ ශිෂ්‍යයන් විසින් ප්‍රවේනි විද්‍යාවෙහි සීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන ලදී. 1930 දී නව ඩාවින් වාදයෙහි ජනගහනයක ප්‍රවේනි විද්‍යාව සහ ස්වාභාවික වරණය මගින් මෙකී වර්ධනය සිදුවුණි. වොට්සන් සහ ක්‍රික් විසින් DNA වල ව්‍යුහය පිළිබඳව යෝජනා කිරීමත් සමගම මෙකී නව සංකල්පයන් වඩාත් සීඝ්‍රව වර්ධනය වුණි. ජාන කේත වල සොයා ගැනීමත් සමගම ජීව විද්‍යාව සියළුම ජීවීන් සහ ජීවී කාණ්ඩ පිළිබඳව විග්‍රහ කෙරෙන්නක් ලෙස ද සෛල සහ අනුක ජීව විද්‍යාව පිළිබඳව විග්‍රහ කෙරෙන ක්ෂේත්‍රයක් ලෙසද බෙදීමකට ලක්වුණි. විසිවන ශතවර්ෂයෙහි අග භාගයේදී ජීනෝමය සහ Proteomic යන ක්ෂේත්‍ර වල සොයා ගැනීමත් සමගම මෙකි රැල්ලෙහි වෙනස්වීම් ඇති වුණි. මෙහිදී ජීවින් පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයින් අණුක තාක්ෂණය පිළිබඳවද අණුක සහ සෛල ජීව විද්‍යාඥයින් ජාන හා බාහිර පරිසරය අතර සම්බන්ධතාවය පිළිබඳවද අධ්‍යයනය කළහ. තවද ජීවීන්ගේ ස්වාභාවික ගහනයක ජාන පිළිබඳව අධ්‍යයනය කරන ලදී.


පර්යේෂණ[සංස්කරණය]

ව්‍යුහාත්මක[සංස්කරණය]

Schematic of typical animal cell depicting the various organelles and structures.

අණුක ජීව විද්‍යාව මඟින් ජීව විද්‍යාවේ අණුක මට්ටමින් හදාරයි. ජීව විද්‍යාවේ අනෙකුත් පැති කඩවල වන ප්‍රවේනිය හා ජීව රසායන විද්‍යාව සමඟ මෙය සමපාත වේ. අණුක විද්‍යාවෙන් සෛලවල පවතින විවිධ අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය, අණුක මට්ටමින් හදාරන අතර මෙම අන්තර් ක්‍රියා පාලනය වන අයුරු ද අධ්‍යනය කරයි.

සෛල ජීව විද්‍යාවෙන් සෛලවල කායික ක්‍රියා අධ්‍යයනය කරන අතර හැසිරීම්, අන්තර්ක්‍රියා පරිසරය (සෛලික) ගැන අධ්‍යයනය කරයි. මෙය අන්වීක්ෂ හා අණුක මට්ටමින් කෙරේ. සෛලික ජීව විද්‍යාව තනි සෛලික ජීවී ආකාර වන බැක්ටීරියාත් විශේෂිත වූ බහු සෛලික ජීවී ආකාර වන මානවයන් ගැන පරීක්ෂණ කරයි. ජීව විද්‍යාවට සෛලවල සංඝටක හා ඒවා කෙසේ ක්‍රියා කරයි ද යන්න අධ්‍යයනය කිරීම ප්‍රධාන තැනක් ගනී. සෛලික හා අණුක ජීව විද්‍යාවෙන් සෛල ආකාරවල සමානතා හා අසමානතා එක්සත් කේටාවක් උත්පාදනය කරන අතර එක් සෛල ආකාරය ඉහත ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් ඒවා තවත් සෛල ආකාරවල එම ක්‍රියා වන ආකාරය පිළිබඳ තක්සේරුවක් ගත හැක.

ජාන විද්‍යාව ජාන ප්‍රවේණිය, එක් එක් ජීව ආකාරවල විශමතා පිළිබඳ විද්‍යාවයි. ජානවල ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා තොරතුරු අඩංගු වන අතර එම ප්‍රෝටීන මඟින් බොහෝ දුරට, (කලින් සම්පූර්ණයෙන්ම තීරණය නොවූ අවසාන රූප ආකාරය තීරණය කරයි. නවතම පරීක්ෂණවලට අනුව ජාන විද්‍යාව, ජානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණ හා ජාන අන්තර් ක්‍රියාවල සංස්ලේෂණවලට උපකරණ සපයයි. ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල ප්‍රවේණිය සඳහා අවශ්‍ය තොරතුරු DNA අණුවල රසායනික ව්‍යුහයේ අඩංගු වී ඇත. සංවර්ධනය වීම පිළිබඳ ජීව විද්‍යාවේ ජීවීන් වර්ධනය හා ජීවීන් ප්‍රමාණය වැඩිම හා වර්ධනය වන ආකාරය අධ්‍යයනය කරයි. මෙය කළල විද්‍යාවෙන් පටන්ගෙන සෛලවල වර්ධනය විකිරණය වීම රූපාකාර බවට පත් වීම් ජාන මඟින් පාලනය වන ආකාරය අධ්‍යයනය කරයි. රූපාකාර බවට පත්වීම යන්නෙන් අදහස් කරන්නේ පටක, ඉන්ද්‍රිය, බවට පත්වීමයි. වර්ධක විද්‍යාවට යොදා ගන්නා ආකෘතික ජීවීන් වන්නේ පට පණුවා, පළතුරු මැස්සා, සීබ්‍රා මාළුවා, මීයා සහ වල් පැලෑටියක් වන ඇබිඩෝප් චීස් තැලියානා යොදා ගනී.

ඡායාරූප[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

සඟරා පිලිබද සබැදි
"http://si.wikipedia.org/w/index.php?title=ජීව_විද්‍යාව&oldid=322287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි