Wq/si/බුදුන් වහන්සේ

විකිපීඩියා වෙතින්

සිධාර්ථ කුමරුන් ගේ මව හා පියා ඇතුළු මාලිගාවේ සෑමදෙන හින්දු භක්තිකයෝ වුහ‍. සිදුහත් කුමරු මවුකුස පිළිසිඳගන්නා අවස්තාවේ මහාමායා බිසව සිල්සමාදම්වී සිටියේය එසේම කුමරුන් උපදින මොහොතේ ද එතුමිය අටසිල් සමාදම්වී සිට ඇත.මෙයින් පෙනීයනුයේ සිදුහත් කුමරුන් බිහිවීමට‍ පෙර පවා පන්සිල් අටසිල් ඉන්දියාවේ තිබු බවත් මෙම සිල් බුදුන්ගේ නොවන බවත් ය. සිදුහත් කුමරු බෞද්ධ වුයේ බුද්ධන්වයෙන් පසුව බවත්ය. උන්වහන්සේ බුද්ධත්වයට පත්ව මුලින්ම දේශනා කරන ලද්දේ පහත සඳන් ගාතාවයි. පසුකාලීනව පන්සල් වල මෙම ගාතාවේ මුල්පද දෙකත් අවසන් පදදෙකත් ඉවත් කර පාසල්වල උගන්වන ලදී . මෙයට හේතුව කුමක්ද?.

. "නහී සීලවතන් හෙතු -උප්පජ්ජන්තු තථාගතා . අට්ඨාක්ක්රා තීණිපදා -සම්බුද්ධෙන පකාසිතා . අනේකජාතිසංසාරං-සන්ධාවිස්සන්ග් අනිබභිසන් . ගහකාරකනග් ගවේසෙන්තෝ -ධුක්ඛා ජාති පුනප්පුනං . ගහකාරකදිට්ඨෝසී -පුනගේහන් න කාහසී . සබ්භා තේ ඵාසුතා භාග්ඝා -ගහකුටන් විසන්ග්තඛිතන් . විසන්ග්කාරගතං චිත්තං -තණ්හනංකය ඛයමජ්ජකාති . අභින්න්ගේයියන්ග් අභිංඥාතන්ග් -භාවේතබ්භාච්ච භාවිතං . පහාතබ්අං පහීනංමේ -තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මණ ති

බුදුන් වහන්සේ දෙසු ධර්මය හෙවත් පෙන්වා දුන් ධර්ශනය බොහෝසෙයින් විකුර්ති කර පොත්පත් වල පෙන්වාදීඇති බව මෙයින් ඉතා පැහැදිලි වනු ඇත.එමනිසා බුද්ධ දර්ශනය සොයා යන්නන් තමා විසින් පරිශීලනය කරන්නාවූ පොත් ඉතා බුද්ධිමත්ව තේරුම් ගත යුතුය. බුදුන්වහන්සේ අපට පෙන්වාදුන්නේ සසරින් එගොඩවීමේ මාර්ගයයි. මෙසඳහා අප බොහෝදේ කලයුතු නැත.වටහාගතයුත්තේ සසර නැවැත්වීමට තමන් කලයුතු දෙය කුමක්ද යන්නයි. සසර දික්වීමට මුලික හේතුව මමත්වයයි. මමත්වය ඇතිවන්නේ මනස හෙතුකොට ගෙනයි. කරණීයමෙත්ත සුත්‍රයේ සඳහන්කර ඇත්තේ මනසාද්ල්හෙන් නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි යනුවෙනි. මින් අදහස් කරනුයේ බුද්ධ සාසනයට ඇතුල්වීමට නම් මනසින් ඉවත් වියයුබවයි. මෙම සුත්‍රය ආරම්භ වන්නේ ද නිවනට කැමති ඇත්තෝ මෙසේ කරත්වා යනුවෙන් ය. ඉන්පසු මුළු සුත්‍රයේම ඇත්තේ නිවනට මාර්ගයය්. නමුත් අද බොහෝවිට දක්නට ලැබෙන්නේ මෙම සුත්‍රය වැරදියට වටහාගෙන දෙවියන්ට පින්දීම්ක් වැනි දෙයක් කරන බවයි. පින් දීම මල් පුජකිරිම, පාන්සුකුල යනදේවල් බුදුදහම නොවේ. මේවා හින්දු ආගමේ කොටස් බුදුන්ගේ දර්ශනයට රිංගවීමයි. මියගිය කෙනෙකුට පින්දිය හැකිනම් අප විසින් කරනලද පව් ටිකත් කාට හෝ දීමට හැකිවියයුතු නේද?. බුද්ධ දර්ශනය යනු මේ ආකාරයට විමසා බැලිය යුතු දහමක් මිස, විස්වාසය හා භක්තිය මුල්වූ ආගමක් නොවේ. නිවන අවභෝධයට හොඳම පොත උම්මග්ග ජාතක පොතයි. එහි එන සෑම කථාවකම ඇත්තේ නිවනට මාර්ගයයයි. ඒ සඳහා එම කථා තමා තුලට දමා බැලිය යුතුයි.

"https://si.wikipedia.org/w/index.php?title=Wq/si/බුදුන්_වහන්සේ&oldid=510343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි