Portal:කලා

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
සංස්කරණය  මුර කිරීම  

කලා ද්වාරය

Appolon 1 MK1888.png
කලාව යන්නෙහි, පුළුල් අර්ථය වනුයේ, නිර්මාණශීලීත්වය හෝ පරිකල්පනය ප්‍රකාශ කිරීමයි. කලාව සඳහා භාවිත වන ඉංග්‍රීසි ආර්ට් යන පදය බිඳී පැමිණ ඇත්තේ ලතින් පදයක් වන ආර්ස් ඇසුරෙන් වන අතර, එය, ලිහිල්ව පද පෙරැළූ කල, අරුත් දනවනුයේ "පිළිවෙලට තැබීම" යනුවෙනි. මිනිස් මනසෙහි ජනිත වන නිර්මාණ ආවේගය උපයෝගී කොට ගෙන කෘතීන් (හෝ කලා කෘතීන්) බිහි කිරීමේ කාර්යය, කලාව ලෙස සාමාන්‍යයෙන් විග්‍රහ කෙරුණ ද එහි සැබෑ අරුත පහසුවෙන් හා සරලව විස්තර කිරීම අපහසු බව දත යුතුය. කලාව බොහෝ විට අත්කම්වලින් හා ප්‍රතිනිර්මාණාත්මක විනෝද ක්‍රියාකාරකම්වලින් වෙනස් කොට දැක්වුණ ද මේ සීමාව ඇතැම් විට නිර්වචනය කිරීම දුෂ්කර විය හැකි ය. කිසියම් ශ්‍රාවක, පාඨක, ප්‍රේක්ෂක සමූහයකට අර්ථකථනය කිරීම්වස් අමුද්‍රව්‍ය සම්පාදනය කිරීම මුඛ්‍ය අරමුණ කරගත් ශික්ෂණයන් සමුදායක් නිර්මාණාත්මක කලා යන පදයෙන් අදහස් කෙරේ. එනයින් කලාව යන්න තුළට සාහිත්‍යික රූපාකාර (ගද්‍ය ලේඛනය හා පද්‍ය); ප්‍රසංග පාදක රූපාකාර (නර්තනය, රංගනය, නාට්‍ය හා සංගීතය); දෘශ්‍ය හා "සුවිකර කලා" (චිත්‍ර, මූර්ති, ඡායාරූපකරණය, සන්නිදර්ශන); ආදියෙහි සිට ගෘහනිර්මාණ ශිල්පය හා මෝස්තර නිර්මාණය ආදී ව්‍යවහාරික භූමිකාවක් සහිත රූපාකාර දක්වා ඇතුළත් වීමට පුළුවන. නිර්මාණශීලීත්වය, සෞන්දර්යවේදය හා භාව උද්දීපනය ඇසුරින් ද කලාව අවබෝධ කරගත හැකි ය.

වැඩිදුර කියවන්න...

නර්තනය

රංගනය

නාට්‍ය

සංගීතය

චිත්‍ර

මූර්ති

ඡායාරූපකරණය

ගෘහනිර්මාණ ශිල්පය

මෝස්තර නිර්මාණය

ගද්‍ය ලේඛනය

පද්‍ය ලේඛනය

"http://si.wikipedia.org/wiki/Portal:%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F" වෙතින් නැවත ලබාගන්නා ලදි