IBM
Wikipedia වෙතින්
[සංස්කරණය] අන්තර්ජාතික ව්‍යාපාර යන්ත්‍ර සංස්ථාව
- වර්ගය : පොදු (NYSE : IBM)
- ආරම්භ කළේ : 1889 , සංස්ථාගත කළේ 1911
- මූලස්ථානය : ආර්මනක් (Armonk) , නිව් යෝර්ක් , යූ.එස්.ඒ.
- වැදගත් පුද්ගලයින් : සැමුවෙල් ජේ පැල්මිසානෝ
සභාපති හා CEO මාර්ක් ලොරිජ් SVP හා CFO ඩැන් ෆෝටින් , සභාපති (කැනඩාව) ෆ්‍රෑන්ක් කර්න් , සභාපති (ආසියානු පැසිපික්) නික් ඩොනොෆ්‍රියෝ EVP (නවීකරණ හා තාක්ෂණය) බෲනෝ ඩිලියෝ , සභාපති IOT ඊසාන දිග යුරෝපය ඩොමිනික් සෙරුට් , සභාපති IOT නිරිත දිග යුරෝපය
- කර්මාන්ත : පරිගණක දෘඩාංග
පරිගණක මෘදුකාංග උපදේශන විචාරය IT සේවා
- නිෂ්පාදන : නිෂ්පාදන ලැයිස්තුගත කිරීම බලන්න
- ආදායම : $98.8 බිලියන USD (+4% FY ‘07 සිට ’08 ට)
$10.8 බිලියන USD (+18% FY ‘07 සිට ’08 ට)
- සේවකයන් : 386,558 (2007)
- අතිරේක : ADSTAR
File Net Informix Iris Associates Lotus Software Rational Software Sequent Computer Systems Tivoli Systems, Inc.
- වෙබ් අඩවිය www.ibm.com
අන්තර්ජාතික ව්‍යාපාර යන්ත්‍ර සංස්ථාව , කෙටියෙන් IBM හා “බිග් බ්ලූ” NYSE ලෙස අනුවර්ත නම් ලබා ඇති IBM ආයතනය ආර්මන්ක් , නිව් යෝර්ක් , USA හි මූලස්ථානය පිහිටි බහු ජාතික පරිගණක තාක්ෂණ හා උපදේශක විචාර සංස්ථාවකි. මෙම ආයතනය 19 වන සියවස තෙක් දිවෙන අඛණ්ඩ ඉතිහාසයකින් යත් අල්ප තොරතුරු තාක්ෂණික ආයතනවලින් එකකි. IBM පරිගණක දෘඩාංග හා මෘදුකාංග නිෂ්පාදනය හා සිදු කරයි. තවද මේන් ෆ්‍රේම් (mainframe) පරිගණකවල සිට නැනෝ තාක්ෂණය දක්වා පරාස ගතවන අංශ සදහා යටිතල පහසුකම් සේවා , සත්කාරක සේවා හා උපදේශන සේවා සලසයි.
ලොව පුරා 388,000 වඩා වැඩි සේවක සංඛ්‍යාවකින් යුත් IBM ආයතනය මෑත ඉතිහාසයේ වැඩි කලක් පුරා ලෝකයේ විශාලතම පරිගණක සමාගම ලෙස නම් දැරීය. 2006 සිට මුළු ආදායමෙන් (Hawlett – Packard) ට දෙවැනි වීම හැරුණු විට වඩාත් ලාභදායී ආයතනය ලෙස එය පැවතුණි. IBM ආයතනය අනෙකුත් සියලු එක්සත් ජනපද තාක්ෂණික ආයතනවලට වඩා පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවකට හිමිකම් කියයි. එයට රටවල 170 කටත් වඩා වැඩි ප්‍රමාණයකට ඉංජිනේරුවන් හා උපදේශකයන් සිටින අතර ලොව පුරා IBM පර්යේෂණය (IBM Research) ට විද්‍යාගාර අටක් පවතී. IBM සේවකයන් නොබෙල් ත්‍යාග තුනක් ටියුරින්ග් සම්මාන හතරක් තාක්ෂණය පිළිබද ජාතික පදක්කම් පහක් හා විද්‍යාව පිළිබද ජාතික පදක්කම් පහක් දිනාගෙන ඇත. IBM ආයතනය පසුගිය වසරවල චීප නිෂ්පාදකයෙක් ලෙස ලෝකයේ හොදම අර්ධ සන්නායක අලෙවිකරුවන් විසි දෙනා අතර සිටි අතර 2007 දී IBM ආයතනය ලෝකයේ විශාලතම මෘදුකාංග සමාගම අතර දෙවන ස්ථානයට පත්විය.
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/International_Business_Machines
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."