E (ගණිත නියතය)
Wikipedia වෙතින්
e යනු අනන්‍ය සංඛ්‍යාවක් වන අතර එහි අගය (ස්පර්ශකයේ අනුක්‍රමණය වේ.) F(x) = ax ඝාතීය ශ්‍රිතයේ (නිල් වක්‍රයෙන්) ව්‍යුත්පන්න වන්නකි. x = O දි හරියටම 1 වේ. සංසන්දනය කිරීම සඳහා 2X (තිත් සහිත වක්‍රය) සහ 4X (ඉරි සහිත වක්‍රය) දක්වා ඇත. එම වක්‍ර අනුක්‍රමණ රේඛාව (රතු රේඛාව) සමග ස්පර්ශ නොවන ආකාරය පෙන්වා ඇත.
e ගණිත නියතය අනන්‍ය තාත්වික සංඛ්‍යාවක් වන අතර ex ශ්‍රිතයේ ස්පර්ශකයේ අනුක්‍රමණ අගය සමඟ x හි සියළු අගයන් සදහා සමාන වේ. වැඩි වශයෙන් Cex ආකාරයේ ව්‍යුත්පන්න ගොඩ නගා ගන්නා අතර C යනු නියතයකි. eX ශ්‍රිතය , ඝාතීය ශ්‍රිතයක් ලෙස අර්ථ දක්වා ඇත. එහි ප්‍රතිලෝමය වනුයේ ප්‍රකෘති ලඝුගණක හෝ e පාදයට ලඝුගණක වේ. එමෙන්ම e ප්‍රකෘති ලඝු ගණකවල පාදය ලෙස ද අර්ථ දක්වා ඇත. (අනුකලනය භාවිතයෙන් පසුව පහදනු ඇත) නිශ්චිත අනුක්‍රමයක සීමාව හෝ යම් ශ්‍රේණියක ඓක්‍යය සෙවිය හැක. (e හි නිරූපණ සදහා පහත බලන්න.)
ආකලන හා ගුණ්‍යන සර්වසාම්‍ය 0 සහ 1 , Л නියතය සහ අතාත්වික ඒකකය I ඔස්සේ ගණිතයේ ඇති වඩාත් වැදගත්ම සංඛ්‍යාව වනුයේ e වේ.
ඇතැම් අවස්ථාවලදී e සංඛ්‍යාව , ස්විස් ජාතික ගණිතඥයකු වු ලෙනාර්ඩ් යුලර්ගේ නමින් “යුලර්ගේ සංඛ්‍යාව” ලෙස හදුන්වයි. යුලර් මැස්ෂෙරෝනි නියතය සමහර වේලාවන්හිදි යුලර්ගේ නියතය ලෙස කෙටියෙන් හදුන්වනු ලබන බැවින් e සමග පටලවා නොගත යුතුයි.)
e හි අගය අපරිමේය වන අතර එය අන්‍යන්තර වේ. එහි අගය නිෂ්චිතව දිය නොහැක. මක්නිසාද යත් නිතර දශමය අගයන් වෙනස් වන බැවිනි. e හි අගය දශමස්ථාන 20 කට සකසාලුවොත් අගය වන්නේ,
2.71828 18284 59045 23536...
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/E_%28mathematical_constant%29
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."