පරිගණක මෘදුකාංග හැඳින්වීම
Wikipedia වෙතින්
පරිගණක මෘදුකාංග යන වදන පොදුවේ භාවිතා වන්නේ පරිගණක පද්ධතියක් මත යම් කාර්යයක් ඉටු කරන පරිගණක වැඩසටහන්, ක්‍රියා පටිපාටි හා ප්‍රලේඛන එකතුවක් විස්තර කිරීමටය. මෙයට වදන් සැකසුම් වැනි පරිශීලකයාට ප්‍රයෝජනවත් කාර්යයන් සිදුකරන මෘදුකාංගද, මෘදු කාංගවලට අවශ්‍ය සේවා සැපයීමට දෘඩාංග සමග අන්තර්ක්‍රියා කරන මෙහෙයුම් පද්ධති වැනි පද්ධති මෘදුකාංගද, බෙදා හැරුණු පද්ධති පාලනය හා සම්බන්ධීකරණය කරන මිඩ්ල් වෙයා(ර්) (Middleware) (මධ්‍යාංග) ද ඇතුළත් වේ.
වඩා පුළුල් පද සම්බන්ධයකදී දෘඩාංග නොවන, ඖනෑම දෙයක් මෘදුකාංග ලෙස ගන්නා නමුත් දෘඩාංග සමග භාවිතාවන සේයා පට, ටේප් පට හා රේකෝඩර් වැනි දේ හැඳින්වීමට ද යොදා ගනු ලැබේ.
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/Computer_software
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."