DLL

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

Dynamic Link Library යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිපදවන මෘදුකාංග (හෝ එ්වායේ කොටස්) වල ගොනු (File) විශේෂයකි. [Dynamic = ගතික] මේවා සාමන්‍යයෙන් .DLL හෝ .OCX දිගුව සහිතගොනු ලෙස පවතී. (Legacy Device සඳහා DRV ලෙස)

පටුන

[සංස්කරණය] අන්තර්ගතය (Format)

.DLL ගොනුවක අන්තර්ගතය සාමන්‍ය වින්ඩෝස් මෘදුකාංග වැඩසටහනක (.EXE) අන්තර්ගතයට සමාන වේ. එකම වෙනසකට ඇත්තේ .DLL ගොනුවක ආරම්භ කරීමේ ප්‍රධාන ආකාරය (entry point/main method) නොමැති වීමයි. මේ හේතුවෙන් .DLL ගොනුවකට සාමාන්‍ය මෘදුකාංග වැඩසටහනක් ලෙස තනිවම (stand alone) ආරම්භ විය නොහැක. මේ හේතුවෙන් .DLL වැඩසටහනක් නිතරම .EXE වැඩසටහනක් යටතේ ගතික වශයෙන් බද්ධ වී ක්‍රියාත්මක වේ.

[සංස්කරණය] වෙනත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම

තවද එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් නිපදවන ලද මෘදුකාංගයක .DLL ක් තවත් පුද්ගලයෙකුට තමා විසින් නිපදවන වැඩසටහනකට බද්ධ කර එම මුල් මෘදුකාංගයේ ඇති ක්‍රියාකාරීත්වයන් සමහරක් තමාගේ මෘදුකාංගයකට ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් ඔබේ පරිගනකයේ Auto CAD හෝ Corel Draw පිහිටුවා ඇතිනම් ඔබ විසින් සාදන මෘදුකාංගයක් තුල එම ගොනු විවෘතකර බැලියහැකි ලෙස එම මෘදුකාංග කොටස අන්තර්ගත කල හැක. මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති ප්‍රභව කේත දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම වැලැවීමටද ක්‍රම ඇත.

[සංස්කරණය] (මෘදුකාංග) යෙදුම් වැඩසටහන්කරු (සඳහා) අතුරුමුහුනත (API)

API යනු මෙසේ ලබාගත් .DLL වැඩසටහන් කොටසක් බද්ධ කරගැනීමේ කේත අතුරුමුහුනතයි. මෙය තමා විසින් ලියනු ලබන කේත කොටසේ අන්තර්ගත කල හැකි කුඩා කේත කොටසකි. මෙහි ඇති method signatures හරහා .DLL තුල ඇති methods ක්‍රියාත්මක කල හැක.

[සංස්කරණය] වෙනස් පරිගනක භාෂා එකට යෙදීම

එක් පරිගනක භාෂාවකින් තනා ඇති .DLL වැඩසටහනක් වෙනත් භාෂාවක වැඩසටහනක් තුල සිට පවා API හරහා භාවිතා කල හැක.

"http://si.wikipedia.org/wiki/DLL" වෙතින් නැවත ලබාගන්නා ලදි