2 හි අනුපුරකය

විකිපීඩියා වෙතින්

ද්විමය සංඛ්‍යාවක 2 හි අනුපුරකය එම සංඛ්‍යාව 2 විශාල බලයකින් අඩු කිරීමෙන් ලබාගත් අගය ලෙස අර්ථ දැක්වේ. (N වැනි මාත්‍රයේ 2 හි අනුපුරකයක් සඳහා නිරූපන වශයෙන් 2N+1 මගින් දැක්වේ.)

දෙකෙහි අනුපුරක ක්‍රමය හෙවත් දෙකෙහි අනුපුරක අංකය ගණිතය යනු සෘණ සංඛ්‍යා එහි නිරපේක්ෂ අගයේ 2 හි අනුපුරකයක් මගින් ඉදිරිපත් කිරීමේ ක්‍රමයකි. මෙම ක්‍රමය, පරිගණක වල ලකුණු කරන ලද නිඛිල ඉදිරිපත් කිරීමේ වඩාත් පොදු ක්‍රමයයි. එවැනි ක්‍රමයක සංඛ්‍යාවක් එහි 2 හි අනුපුරකය ආගණනය කිරීම මගින් ප්‍රති‍ලෝමනය (ධන සිට සෘණට හෝ අනික් අතට මාරු කිරීම) කර ඇත. N වැනි මාත්‍රයේ 2 හි අනුපුරක සංඛ්‍යාංක ක්‍රමය මගින් සෑම නිඛිලයක්ම -2n-1 දක්වා පරාසයක් තුල කළ හැක.

වර්තමානයේ, 2 හි අනුපුරක ක්‍රමය සෑම තැනම පවතී. ඊට හේතු වනුයේ ඒ සඳහා එකතු කිරීමට ද අඩු කිරීමටද කියා නිර්ණය කිරීමට දෙනු ලබන කර්තව්‍යයන්ගේ සංකේත පරීක්ෂා කිරීමට, එකතු කිරීම හා අඩු කිරීම) සම්පුර්ණ කිරීම සරල කරන අතර උසස් ගුණාත්මක අංක ගණිතය පහසුවෙන් හැසිරවීමේ හැකියාවන් ඇති කරයි. තවද එකෙහි අනුපුරක ක්‍රමයේ අඩංගු වන සෘණාත්මක ශුන්‍යය සමග සංඝටිත, ඉතා සියුම් වෙනස මග හරිමින් , 0 ට එක් නිරූපණයක් පමණක් පවතී.

2 හි අනුපුරක සමග ප්‍රතිසමතාවයක් සහිතව 10 හි අනුපුරක භවිතා කරමින්, 10 පාදයේ අංක ගණිතය සඳහා ද අනුපුරක ක්‍රමය යෙදා ගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=2_හි_අනුපුරකය&oldid=470914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි