1829 බ්‍රේල්

විකිපීඩියා වෙතින්
බ්‍රේල්
(පළමුවන සංස්කරණය)
වර්ගය
line-height:1.25em
භාෂාප්‍රංශ
කාල සීමාව
1824 සිට 1837 පමණ වන තුරු
පීතෘක ක්‍රම
රාත්‍රි ලේඛන ක්‍රමය
  • බ්‍රේල්
    (පළමුවන සංස්කරණය)
දාරක ක්‍රම
නූතන ප්‍රංශ බ්‍රේල්
(අනුග්‍රහය නොදක්වයි)

ලුවී බ්‍රේල්ගේ මුල් ප්‍රකාශනය, ප්‍රොසීඩියර් ෆෝ රයිටිං වර්ඩ්ස්, මියුසික්, ඇන්ඩ් ප්ලේන් සෝං ඉන් ඩොටිස් (1829),[1] විසින්, බ්‍රේල් පෙළෙහි පූර්වගාමියා වීම පිළිබඳව බාබියේගේ රාත්‍රි ලේඛන ක්‍රමයට කීර්ති සම්මානය පුද කරයි. නූතන බ්‍රේල් සහ එය අතර මූලික වෙනස්කම් වශයෙන් දැක්විය හැක්කේ, නූතන ක්‍රමයෙහි ඇති දශක පහ වෙනුවට එය තුල අක්ෂර දශක (මාලා) නවයක් සහිත වීමත්, එය විසින් තුණ්ඩ වලට අමතරව ඉරි භාවිතා කිරීමත්ය. කෙසේවෙතත්, භාවිතයෙහිදී ඉරි සහ තුණ්ඩ වෙන් කර හඳුනාගැනීමේ දුෂ්කරතාවය නිසාවෙන් ඉරි භාවිතය ප්‍රශ්නකාරී බව බ්‍රේල් විසින් හඳුනාගනු ලැබූ අතර, ඔහුගේ පොතෙහි දෙවන සංස්කරණයෙහිදී එම අක්ෂර කොටස් අත්හැර දමන ලදි.

පළමු අක්ෂර දශක සතර විසින් හෝඩියෙහි අකුරු 40 ක්ද (ප්‍රංශ හෝඩියෙහි අකුරු 39 සහ ඉංග්‍රීසි w), පස්වැන්න විසින් ඉලක්කම්ද, සයවැන්න විසින් විරාමයද, සත්වැන්න සහ අටවැන්නෙහි කොටසක් විසින් ගණිතමය සංකේතද නිරූපණය කෙරිනි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=1829_බ්‍රේල්&oldid=355492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි