හෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ග

විකිපීඩියා වෙතින්

කොළ කැඳ[සංස්කරණය]

කොළ කැඳ පානයෙන් ලැබෙන ගුණ

  1. බඩගින්න හා පිපාසය නසයි.
  2. වාතය සමනය කරයි.
  3. මළ, මුත්‍ර පහකිරීම පහසු වේ.
  4. ආහාර රුචිය වර්ධනයවේ.
  5. සම පැහැපත් වේ.
  6. ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය වේ.
  7. ප්‍රාණය ආරක්‍ෂා වේ.
  8. ශරීරගත විෂ පදාර්ථ නිර්හරණය කරයි
  9.  ආයුෂ වැඩි වේ
  10. ශරීර වර්ණය අලංකාරවේ.
  11. ශරීරයට සැපය ලබාදේ.
  12. ශරීරයට බලය ලැබේ
  13. වාතය අනුලෝම කරයි
  14. වස්තිය පිරිසුදු කරයි
  15. නොනැසී ශේෂවූ ආහාර පැසවයි
  16. අග්නිය වැඩි කරයි.
  17. ශරීරයට වාජීකරණ ශක්තිය ලැබේ.

ගොටුකොළ කැඳ[සංස්කරණය]

ගොටුකොළ ගස සහමුලින්ම, හීනටි හාල්, කුරුළු තුඩ හාල් හෝ කැකුළු හාල් ටිකක්‌ මිශ්‍ර කරගෙන කැඳ සකසා ගත හැකිය.ඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ගයකි.

හාතාවාරිය කොළ කැඳ[සංස්කරණය]

අල හා කොළ කැඳ සඳහා ගනී. ශරීර ශක්තිය වැඩිකරවයි. ශරීරයේ ඇති විස නැති කරයි. ලේ පිරිසුදු කරයි. හාතවාරිය මඟින් ශරීරය නිරෝගී කරයි. වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරයි. ශරීර දැවිල්ල නැති කරයි. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරයි. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසුයි. පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කරයි. ශරීරයේ ප්‍රතිශක්තියද වැඩිදියුණු කරයි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳිලා තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍යයි. හාතාවාරියවල ගර්භස්ථායක ගුණ තිබේ.

පොල්පලා කොළ කැඳ[සංස්කරණය]

පැළෑටියම කැඳ සඳහා ගනි. මුත්‍ රාකාරක මුත්‍ර ශෝධක  ඖෂධයකි. ශරීරයේ විෂ බැහැර කරයි. ශරීරයේ උෂ්ණය, දැවිල්ල ඉදිමීම නැති කරයි. කෑම රුචිය ඇති කරයි. මුත්‍ර මාර්ගයේ ඇතිවන ගල් දියකර හැරීමට සුදුසු වේ.

කරපිංචා කොළ කැඳ[සංස්කරණය]

සර්ප විෂ නැති කරයි.මාන්දම දුරු කරයි.අක්මා රෝග වලට හිතකරය.අහාර දිරවීම පහසු කරයි.පීනස්මේදය හෙවත් cholesterol පාලනය කරයි.

වැල්පෙනල කොළ කැඳ[සංස්කරණය]

ශරීරයේ උණුසුම අඩු කරයි.ශක්තිය ලබා දෙයි.දාතු ශක්තිය ඇති කරයි.

මොනරකුඩුම්බිය කොළ කැඳ[සංස්කරණය]

අක්මා රෝග දුරු කරයි.මාන්දම දුරු කරයි.බඩගිනි ඇති කරයි.ආහාර දිරවීම පහසු කරයි.සෙන්ගමලයට ගුණයි.රත්පිත් හා දැවිල්ල නැති කරයි.

ඉරමුසු කොළ කැඳ[සංස්කරණය]

කුෂ්ට රෝග සදහා ගුණ වේ.චර්ම රෝග දුරු කරයි.බද පිපිම නැති කරයි.මුත්‍ර දැවිල්ල අඩු කරයි.වතරට්ඨයට ගුණ දායකයි.

වැල් තිබ්බටු කොළ කැඳ[සංස්කරණය]

ලේ පිරිසිදු කරයි.පණු රෝග වලකාලයි.කක්කල් කැස්සට ගුණ දායකයි.

රණවරා කොළ කැඳ[සංස්කරණය]

මුත්‍රා දැවිල්ල අඩු කරයි.ලේ පිරිසිදු කරයි.දියවැඩියාව පාලනය කරයි.රතවතය දුරු කරයි.

එළබටු කොළ කැඳ[සංස්කරණය]

හතිය අඩු කරයි.පපුව සැහැල්ලු කරයි.කැස්සට ගුණදායකයි.

කුප්පමේනියා කොළ කැඳ[සංස්කරණය]

පිනසය දුරු කරයි.සර්ප විෂට ප්‍රතිකාරයකි.ඇදුම පාලනය කරයි.කැස්සට හිත කර වේ.සෙම් රෝග දුරු කරයි.

නීරමුල්ලිය (ඉකිරිය ) කොළ කැඳ[සංස්කරණය]

විශ්ණු ක්‍රාන්තිය කොළ කැඳ[සංස්කරණය]

නිල් කටරොළු දළු කොළ කැඳ[සංස්කරණය]

නෙලුම්දලු කොළ කැඳ[සංස්කරණය]

දියබෙරලිය කොළ කැඳ[සංස්කරණය]

කොහිල අල කොළ කැඳ[සංස්කරණය]

කොහිල අල කැඳ


කොළ කැඳ කියන්නේ, ඈත අතීතයේ ඉදන්ම අපේ රටේ කෑම වේලවල් වලට එක්කර ගත් කෑම වට්ටෝරුවක්. ඒ වගේම කොළ කැඳ කියන්නේ ගොඩක් හොඳ ඔසු පැනක්. ගොඩක් වෙලාවට මේ කොළ කැඳ අපි ආහාරයට එක් කර ගන්නේ උදෑසන ආහාර වේලටයි. ඔයාලා දන්නවනේ කොළ කැඳ වර්ග ගොඩක් තියෙනවා කියලා. ඒ වගේම ඒ හැම එකකටම සුවිශේෂී වූ "රෝග සුව කිරීමේ" හැකියාවක් තියෙනවා.

ඉතින් අද අපි කියන්නේ යන්නේ, මේ කොළ කැඳ වර්ග අතරින් එක් වර්ගයක් ගැනයි. ඔයාටත් ඉක්මනට තරහ යනවද? එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර කවුරු හරි ඉන්නවද ගොඩක් තරහ යන? එහෙමත් නැත්නම් අර්ශස් රෝගයෙන් දුක් විදිනවද? මේ වගේ අයට හොඳ කොළ කැඳ වර්ගයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමා "කොහිල කොළ කැඳ". කොහිල ශීත ගුණයෙන් යුක්ත වර්ගයක්. අර්ශස්, මළ බද්ධයට, දියවැඩියාවට මේක හොඳ ඔසුවක්. දැන් අපි බලමු කොහොමද මේ "කොහිල කොළ කැඳ" හදා ගන්නේ කියලා.

අවශ්‍ය දෑ:

පොතු සුද්ද කර ගත් කොහිල අල - 250g ක් නිවුඩු කැකුළු හාල් -150g ක් ගා ගත් පොල් සුදුලුනු - බික් 2ක් රතුළුණු - ගෙඩි 4ක් කරපිංචා - ඉති 4ක් පමණ ඉඟුරු ලුණු (අවශ්‍ය පමණට)

සාදා ගන්නා අයුරු:

මුලින්ම කොහිල අල කුඩා කැබලි වලට කපන ගා ගත් පොල් ද, කරපිංචා ද එක්කර හොදින් කොටා මිරිකා, ඒ යුෂ ඔයාගේ පසෙකින් තබා ගන්න. ඉන්පසු, සහල් හොදින් සෝදා අවශ්‍ය පමණට වතුර දමා, සුදුලුනු, රතුළුණු හා ඉගුරු ද එකතු කර ලිපේ තබන්න. බත හොදින් ඉදුණු පසු, අර කොහිල යුෂ (කොහිල අල මිශ්‍රණය) එයට දමා, ලුණුද එක් කර එය ලිප තබන්න. මේ මිශ්‍රණය හොදින් නටවා ලිපෙන් බා ගන්න.

බලන්න එච්චර අමාරු න නේද හදා ගන්න? ඉතින් තවත් තරහ නොගෙන මේ වගේ "කොහිල කොළ කැඳ" බොන්න පුරුදු වන්න.

දියමෙනේරිය කොළ කැඳ[සංස්කරණය]

කිකිරිදිය කොළ කැඳ[සංස්කරණය]

ලුනුවිල කොළ කැඳ[සංස්කරණය]

හීංබෝවිටියා කොළ කැඳ[සංස්කරණය]

එරබොදු කොළ කැඳ[සංස්කරණය]

ඔළිද කොළ කැඳ[සංස්කරණය]

දිවුල් කොළ කැඳ[සංස්කරණය]

ශරිරයේ විෂ නසයි. සර්ප දෂ්ඨනවලදී විෂ නැසිමට දිවුල් කොල කැද දෙනු ලබයි.

කොන් කොළ කොළ කැඳ[සංස්කරණය]

රත්තරල් හැබ කොළ කැඳ[සංස්කරණය]

උදුපියලිය කොළ කැඳ[සංස්කරණය]

කිරි අගුණ කොළ කැඳ[සංස්කරණය]

සුදු කටරොඩු කොළ කැඳ[සංස්කරණය]

මුකුණුමැන්න කොළ කැඳ[සංස්කරණය]

පොල්පලා කොළ කැඳ[සංස්කරණය]

පොල්පලා 500ග්රෑම් (පැළෑටියම ගත හැකිය), කැකුළු සහල් 100ග්රෑම්, ගා ගත් පොල් 50 ග්රෑම්, සුදුලූනු 10 ග්රෑම්, ඉඟුරු 10 ග්රෑම්, ලුණු 10 ග්රෑම්, වතුර අඬු කෝප්ප 6,


සෝදා පිරිසුදු කරගත් පොල්පලා කෙටීමට පහසු වන සේ කැබලි කරන්න. ඒවා කොටා එයට වතුර අඬු කෝප්ප 1/2ක් දමා යුෂ මිරිකා ගන්න. පොල් හා එක්වරක් මිරිකා යුෂ ගත් පොල්පලා රොඩු යළිත් කොටා වතුර කෝප්ප 1/2ක් දමා යුෂ මිරිකා වෙන් කර තබන්න. හාල් ගරා වතුර හෝ තෙවැනි වර කොටා මිරිකා ගත් පොල්පලා යුෂ හා ඉඟුරු සුදුලූනුද එක්කර ළිප තබා සියල්ල බෙරි වනතුරු තැම්බෙන්න හරින්න. බෙරි වනතුරු තැම්බූ පසු ඒවා හැන්දෙන් බේරා හොඳින් පොඩිකර පොල් හා පොල්පලා දෙවැනි වර මිරිකා ගත් යුෂ ලුණු සමඟ බඳුනට දමා ළිප මත තබන්න. හැඳි ගාමින් නටවා ගන්න. ළිප නිවා පළමුව මිරිකා ගත් පොල්පලා යුෂ මිශ්ර කොට ළිපෙන් බා තත්පර 30ක් පමණ හැඳි ගා මඳ උණුසුමින් පානය කරන්න.

කතුරුමුරුන්ගා කොළ කැඳ[සංස්කරණය]

බෙහෙත් අනෝදා කොළ කැඳ[සංස්කරණය]

බටකිරිල්ල කොළ කැඳ[සංස්කරණය]

යක්නාරන් කොළ කැඳ[සංස්කරණය]

ගොනික කොළ කැඳ[සංස්කරණය]

තැල් කොළ කැඳ[සංස්කරණය]

නික කොළ කැඳ[සංස්කරණය]

විලද වැන්න කොළ කැඳ[සංස්කරණය]

අල කැඳ[සංස්කරණය]

නෙලුම් අල කැඳ[සංස්කරණය]

රාජාඅල කැඳ[සංස්කරණය]

මයියොක්කා අල කැඳ[සංස්කරණය]

හුලන්කීරිය අල කැඳ[සංස්කරණය]

ඇට කැඳ[සංස්කරණය]

අබ කැඳ[සංස්කරණය]

අබ ගස සම්පූර්ණයෙන්ම, ලුනුවිල, ගස සම්පූර්ණයෙන්ම කලුකැබ්බේරිය සම්පූර්ණයෙන්ම, අලිගැට පේර දළු ටිකක්‌, අමු ගම්මිරිස්‌ අහුරක්‌. උළුහාල් ස්‌වල්පයක්‌ ගෙන හොඳින් කැඳ සාදා ගන්න. එම කැඳ භාජනය ලිපෙන් බෑමට පෙර කළුදුරු ස්‌වල්පයක්‌ එක්‌කරගෙන මඳ රස්‌නයෙන් පානය කරන්න.ඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ගයකි.

පිටි කැඳ[සංස්කරණය]

කිතුල් පිටි කැඳ[සංස්කරණය]

කෙසෙල් පිටි කැඳ[සංස්කරණය]

කෙසෙල්ගෙඩි වෙලා පිටි කරගනු ලැබේ

කුරක්කන් පිටි කැඳ[සංස්කරණය]

කුරක්කන් පිටි 100 ග්රෑම්, සව් හාල් 50 ග්රෑම්, ගා ගත් පොල් 50 ග්රෑම්, ලුණු 5 ග්රෑම්, වතුර අඬු කෝප්ප 6,

කුරක්කන් පිටි භාජනයකට දමා පිටි කැටිගස්වන ක්රමයට පිට්ටු සඳහා පිටි කැටි සාදා ගන්න. පොල් 50 ග්රෑම් මිරිකා මිටි කිරි අඬු කෝප්ප 1/2ක් වෙන් කර තබන්න. ඉතිරි පොල්වලට වතුර දමා දියකිරි අඬු කෝප්පයක් මිරිකා ගන්න. දියකිරි වතුර ළිප තබා උතුරන විට එයට ලුණු මිශ්ර කොට පිටි කැටිති හා සව් හාල් එම නටන දියකිරට එක් කර සෙමෙන් හැඳි ගාමින් තම්බා ගන්න. තැම්බුණු පසු එයට පොල් කිරි එක්කොට ළිපෙන් බා තත්පර කිහිපයක් හැඳි ගාන්න.

ඉදල් ඉරිගු පිටි කැඳ[සංස්කරණය]

උදු පිටි කැඳ[සංස්කරණය]

මුන් ඇටපිටි කැඳ[සංස්කරණය]

අරලොක් පිටි කැඳ[සංස්කරණය]

රෝග අනුව කැඳ වර්ග[සංස්කරණය]

රත්දැල් කැඳ[සංස්කරණය]

පෙනහළු ආශ්‍රිත රෝග, සුවනොවන තුවාල ආදියට ගුණදෙයි. සෙම් රෝග වලට ඉතා සුදුසුයි. මුත්‍රා රෝග, පිත්තාශ සහ මුත්‍රා ගල් සඳහා විශේෂ ගුණැති කැඳකි. කුඩා දරුවන්ගේ ආහාරයක්‌ ලෙස පවා භාවිත කළ හැක.

ලේ පිරිසිදු කිරීමට සමත් ය. ඒ නිසා ම සම පැහැපත් කිරීමේ ගුණයක්‌ද එහි ඇත.

දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් ආහාරයට ගත්තේ රත්දැල් සහල් බව කියෑවේ.

අර්ශස්[සංස්කරණය]

කොහිල අල, වැල්කොහිල, ලේ යාම පවතී නම් කරල්සැඹෝ සුදුසුය, වැල්පෙනෙල කැඳ, අනෝදා කොළ කැඳ

ගර්භණී සමයේදී පණු අමාරු[සංස්කරණය]

එළ බටු කොළ කැඳ, එරබදු කොළ කැඳ, ගොටුකොළ කැඳ

කක්කල් කැස්සට හා පෙණහළුගත සෙම[සංස්කරණය]

වල් තිබ්බටු කොළ කැඳ

කැස්ස හා පපුවේ සෙම[සංස්කරණය]

එළබටු කැඳ බටු කැඳ

කොලෙස්‌ටරෝල් මට්‌ටම අධික[සංස්කරණය]

පැණි ඔලිඳ කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, හීං බෝවිටියා කොළ කැඳ

දියවැඩියාව[සංස්කරණය]

හීං බෝවිටියා කොළ කැඳ, මොණරකුඩුම්බිය කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, රණවරා කොළ 

ඇදුම[සංස්කරණය]

කැහිපිත්තන් කොළ දෙමිටක්‌, පොල් බෑයක පොල් සමඟ කොටා මිරිකා සුදුලූණු බික්‌ පහක්‌ සමඟ හීනටිහාලේ කැඳ දෙන ලෙස දක්‌වා ඇත

අක්‍ෂි රෝග[සංස්කරණය]

මුකුණූවැන්න,කීකිරිදිය

මුත්‍රා රෝග[සංස්කරණය]

පොල්පළා,ඉරමුසු,නීරමුල්ලිය,රණවරා මෙහිදි නීරමුල්ලිය(ඉකිරිය)ඉදහිට භාවිතායට සුදුසුය.වැඩිපුර භාවිතයෙන් වකුගඩු වලට හානි පැමිනුන අය ඇත.

විශේෂ කැඳ[සංස්කරණය]

කිතුල් මුල් කැඳ[සංස්කරණය]

ඉදිබඩ කැඳ[සංස්කරණය]

එළබටු මුල් කැඳ[සංස්කරණය]

සුරිය පොතු කැඳ[සංස්කරණය]