හෙයියංතුඩුව රාජා (හස්තියා)

විකිපීඩියා වෙතින්

හෙයියන්තුඩුවේ රාමා ඒක දන්ත ඇතු.........

ලංකාවේ ඇතුන් 20 කින් සමන්විත හීලෑ ඇත් පරපුරේ දකුණු දළය පමණක් ඇති ලක්දිව එකම ඒකදන්තයා වන හෙයියන්තුඩුවේ රාමා හස්තියා ගැනයි...

සුප්‍රසිද්ධ අලි හාම්පුතෙකු වන හෙයියන්තුඩුව ඊ.ඒ.ගුණසේකර මැතිතුමාගේ ඇත් පන්තියේ අවසන් හස්ති පුරුක වන රාමා 1978 වසරේ දී ගුණසේකර මහතාට හිමි වනවා....දැනට හිමිකාරිත්වය ඩියුඩර් ගුණසේකර මහතා දරණ නමුත් සිව් දෙනෙකුගෙන් සමන්විත කලිදු මහේශ් විජේසේකර මහතා ඇත් පන්තියේ එතුමාගේ භාරකාරත්වය යටතේ අත්තනගල්ල රජමහා විහාර භූමියේ  හැදී වැඩෙනා ඇතු පිලිබඳ රසවත් කතා පෙලක් කලිදු මහේශ් විජේසේකර මහතා අප සමග පැවසුවා...

මහනුවර විශ්ණු දේවාලයේ දේවාභරණ වැඩම වීම සිදු කරන්නේ අපේ රාමා හස්තියායි...විශේෂම කාරණය නම් විශ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගේ එකක් ලෙස හින්දු ජනයා ශ්‍රී රාම අවතාරය සලකනවා ඒ ශ්‍රී රාම ව අද අපේ රාම වඩම වනවා.....ඒ වගේම තමා හස්තියා පෙරහර පුරාවටම හොඩවැලෙන් දළ අල්ලාගෙන තමයි ගමන් කරන්නේ.......

කලිදු මහේෂ් මහතාගෙන් මා දුටු විශේෂ දෙයක් තමා මේ හස්තියා එක්ක එතුමට තියන බැදීම....හස්තියෙක් සාමාන්‍යයෙන් තමන්ගේ දළ අල්ලනවට අකමැති...නමුත් එතුමා මුලු පෙරහර පුරාවටම හස්තියාගේ දලෙන් අල්ලන් යනවා...තම හාම්පුතුට හස්තියා දක්වන ආදරය එතනින් මනාව පිලිඹිඹු වෙනවා....

2017 වසරේ දී කලිදු මහේෂ් විජේසේකර මහතා භාරයට පත් වීමත් සමග රාමට විශේෂ අවස්තාවක් උදාවනවා ...තම ජීවිතේ පලමු වරට රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහරට සම්බන්ධ වන්නට.....රාමගේ සාමාන්‍ය මද කාලය මැදින්  මාසයේ සිට පොසොන් මස දක්වා යෙදෙනවා.....මේ වන විට වයස අවුරුදු 48 ක් වන රාමා ඔහුව  පණ මෙන් රැක බලාගන්නා හස්ති භාරකාරත්වය හා හස්ති පාලකයකු සමග හැදී වැඩෙනවා.....ඉතිං රාම උබට දීර්ඝායුෂ පතනවා.....