හිරෝෂිමා මල් උත්සවය

විකිපීඩියා වෙතින්
ගිනිසිළුව සමග පුෂ්ප ස්මාරකය
ගොනුව:Hiroshima-flower-festivai title.gif

හිරෝෂිමා මල් උත්සවය යනු ජපානයේ, හිරෝෂිමාවේ මල් අතින් ගත් හිනැහෙන ජනතාව සමග පැවැත්වෙන ලෝක සාමය සඳහා උත්සවයයි.

සමාලෝචනය[සංස්කරණය]

හිරෝෂිමා මල් උත්සවය 1977 සිට, සැම වසරකම මැයි මස 3වන දින සිට 5වන දින දක්වා,රන් සතියතුලදී පැවැත්වේ.

පීස් බොලිවාඩ් වීථිය ඔස්සේ පෙරහැරින් යමින් හා යොසකොයි නැටුම් දක්වමින් ප්‍රදේශයේ ජනතාව මීට සහභාගි වෙති.

රංග වේදිකා, කඩ සාප්පු, කුඩා සත්තු වත්තක් හා අනෙකුත් විනෝදාත්මක ආකර්ෂණ බොහෝමයක් පීස් බොලිවාඩ් වීථිය ඔස්සේ හා හිරෝෂිමා සාම ස්මාරක උද්‍යානයතුල දක්නට ලැබේ. ප්‍රාදේශීය ජනයා සහභාගී වන විවිධ ප්‍රසංග, නැටුම් සංදර්ෂණ, විලාසිතා සංදර්ෂණ, සාකච්ඡා වැඩසටහන්, සාම්ප්‍රදායික හා and නූතන රඟ දැක්වීම් මෙම භූමිය පුරා පැවැත්වේ.

මල් උත්සවයෙහි මූලාරම්භය සෙන්ට්‍රල් ලීග් නම් ජපාන බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය 1975 දී හිරෝෂිමා ටෝයෝ කාප් බේස්බෝල් කණ්ඩායම දිනා ඒ ප්‍රීතිය වෙනුවෙන් පැවැති පෙළපාලියයි.

සැම වසරකම මිලියනයක් පමණ ජනයා මෙම උත්සවයට සහභාගී වෙති.

බාහිර සබැඳුම්[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=හිරෝෂිමා_මල්_උත්සවය&oldid=248224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි