හැරිස් අනුකෘතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Dr. එඩ්වර්ඩ් සෙසිල් හැරිස් (වම් පැත්තේ) පෝලන්ත ජාතික පුරා විද්‍යාඥයකු වූ සිබිග්නිව් කොබිලින්ස්කි සමඟ. කොබිලින්ස්කි විසින් හැරිස්ගේ පුරා විද්‍යාත්මක භූ ස්ථර විද්යාව පිළිබඳ වූ ග්‍රන්ථය පෝලන්ත බසට පරිවර්තනය කරන ලදී.

කෙසේ නමුත් ස්ථර අතර භෞතික සම්බන්ධකම් මත පදනම්ව පුරා විද්‍යාත්මක ස්ථර පිළිබඳ ශ්‍රේණීකරණ රූප සටහනක් නිර්මාණය කිරීමේ සංකල්පය හැරිස්ගේ අනුකෘති ඇති වීමට පෙර වින්චෙස්ටර් හා එංගලන්තයේ අනෙකුත් නාගරික ප්‍රදේශවල පැවතුණි. හැරිස්ගේ ක්‍රියාවල එක් අවසාන ප්‍රතිඵලයක් වූයේ වැඩ බිම් කැනීමේ දී එය භූ ස්ථර විද්‍යානුකූලව, නිර්මාණය වූ ආකාරයට ප්‍රතිවිරුද්ධ ලෙස සිදු කළ යුතු බව හා ඒ සඳහා දිවත හෝ ප්ලේනම් (Planum) වැනි භූ ස්ථරීකරණය පිළිබඳ අභිමත මිනුම් යොදා නොගත යුතු බවයි. හැරිස් විසින් මුලින්ම ප්‍රකාශ කළේ (පුරා විද්‍යාත්මක භූ ස්ථර විද්‍යාවේ න්‍යායන්හි දී) භූ ස්ථරීකරණයේ එක් එක් ඒකකයට, සාමාන්‍යයෙන් මිනුම් කරන ලද සැලසුමක ආකාරයේ එහිම චිත්රක නිරූපණයක් පැවතීමේ අවශ්‍යතාවයි. පුරා විද්‍යාත්මක භූ ස්ථර විද්‍යාවේ නීති ප්‍රකාශ කිරීමෙන් හා වැඩ බිමක අවසාදනය වීමේ හෝ නිධිගත වීමේ අනුක්‍රමණය සරලව හා චිත්රකව නිරූපණය කරන පද්ධතියක් සකස් කිරීම නිසා හැරිස් විසින් තනියම ශ්රේෂ්ට කැනීම්කරුවෙකු නොවී වීලර් වැනි ශ්රේෂ්ට භූ ස්ථර විද්‍යාත්මක පුරා විද්‍යාඥයන්ගේ අඩි සලකුණු ඔස්සේ යන බවට මතවාදයක් ගොඩනැඟිනි. හැරිස්ගේ කටයුතු, ලන්ඩන් කෞතුකාගාරය මඟින් සිදු කළ තනි සන්දර්භ සැලසුම්කරණයේ දියුණුකිරීම්වලට ප්‍රධාන මෙහෙයවීමක් වූ අතර සංකීර්ණ පුරා විද්‍යාත්මක දත්ත කුලකවල විශ්ලේෂණයකට මඟ පාදන UK හි දී නිපදවන ලද පුරා විද්‍යාත්මක වාර්තා කිරීමේ මෙවලම් හා තාක්ෂණික ක්‍රම පිළිබඳ විෂයාංග, භූ භාවිත රූප සටහන්වල දියුණු වීමට ද ප්‍රධාන මෙහෙයවීමක් විය. හැරිස් අනුකෘතිය හෝ ඉන්චෙස්ටර් ශ්‍රේණීකරණ රූප සටහන යනු පුරා විද්‍යාත්මක සන්දර්භවල තාවකාලික අනුපිළිවෙල නිර්ණය කිරීමට යොදා ගන්නා මෙවලමක් වන අතර එමනිසා එමඟින් පුරා විද්‍යාත්මක වැඩ බිමක වූ වියළි ප්‍රදේශයක් මත අවසාදනය වීමේ අනුක්‍රරමණය නිර්ණය කළ හැක. අනුකෘති මඟින් නිරීක්ෂණය කළ හැකි භූ ස්ථරික ඒකක හෝ සන්දර්භවල සාපේක්ෂ පිහිටීම හා භූ ස්ථරීය ස්පර්ශය පෙන්නුම් කරයි. අනුකෘතිය එංගලන්තයේ ඉන්චෙස්ටර්හි දී Dr. එඩ්වර්ඩ් සෙසිල් හැරිස් විසින් 1970 දශකයේ මුල් භාගයේ දී නිර්මාණය කරන ලදී.

පුරා විද්‍යාත්මක භූ ස්ථර අධ්‍යයනය පිළිබද හැරිස්ගේ නීති[සංස්කරණය]

සුපිරි ස්ථානය පිළිබද නීතිය

සත්‍ය ලෙසම නිර්මාණය වු ස්ථර හා අන්තර් මුහුණත් අංග ශ්‍රේණියක මුලු ස්ථර කරණයේ උස් ඒකක ලාභාල වන අතර පහත් ඒකක වඩා වයසින් වැඩි වෙයි. මේ සියල්ල පුරා විද්‍යාත්මක භූ ස්ථර කරණයේ පෙර පැවති ස්කන්ධයක් මත තැන්පත් වීම හෝ ඉවත් වීමෙන් නිර්මාණය වී ඇත.

නියම තිරස පිළිබද නීතිය

විසිරුණු ආකාරයකින් තැන්පත් වු ඕනෑම පුරා විද්‍යාත්මක ස්ථරයක් තිරස් අවසාදනය වීම දෙසට නැඹුරු වනු ඇත. ඇල වුණු මුහුණත් මත සොයා ගැනෙන ස්ථර නියමා කාරයෙන් තැන්පත් වී හෝ පෙර පැවති අවසාධිත වල සමෝච්ච රේකා සමග සමානුරූපිව හෝ පවතියි.

නියම අඛණ්ඩතාවය පිළිබද නීති

නියමාකාරයෙන් තැන්පත් වුණ ඕනෑම පුරා විද්‍යාත්මක අවසාදිතයක් අවසාදිත බේසමට සීමා වලින් බැදී තිබීම හෝ තුනී සීමාවක් දක්වා සිහින් වීම සිදු වෙයි. එම නිසා තිරස් තල දර්ශනයකදී අවසාදිතයේ ඕනෑම සීමාවක් අනාවරණය වුවහොත් (එහි අන්තර්ගතයෙන් කොටසක් කැණීම් නිසා හෝ ඛාදනය නිසා ඉවත්ව ගොස් තිබිය යුතුය.) එහි අඛණ්ඩතාවය තෝරා බේරා ගැනීම හෝ නොතිබීම විස්තර කළ යුතුය.

භූ ස්ථර අධ්‍යයනයේ අනුක්‍රමණය පිලිබද නීති

පුරා විද්‍යාත්මක භූ ස්ථර කරණයේ ඕනෑම දී ඇති ඒකකයක් භූ ස්ථරකරණ අනුක්‍රමණයක එහි පිහිටීම එයට උඩින් ඇති සියවම ඒකක වලට පහලින්ම වු ස්ථානය හා එයට පහළින් ඇති සියළුම ඒකක වලට උඩින්ම වු ස්ථාන හා එය සමග භෞතික ස්පර්ශයක් ඇති ස්ථාන අතර යම් ස්ථානයක් ගන්නා අතර අනෙකුත් සියළු සිපිරි ස්ථාන සම්බන්ධතා අතිරික්ත ලෙස සැලකෙයි.

මෙම නීති 1979 දී ප්‍රකාශයට පත් කරන ලදී. 1992 සිට 2003 දක්වා ඒක්සත් රාජධානියෙ හි පැවති භූ ස්ථර අධ්‍යයනය තේරුම් ගැනීම කලාව පුනර්දර්ශණය කිරීමකි යන සම්මේල‍නයේදි ඉදිරිපත් කරන ලද පත්‍රිකාව පුරා විද්‍යාත්මක භූ ස්ථරය පිළිබද පස්වන නීතියක් ද අන්තර් ගත කොට තිබිණි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Harris_matrix

"http://si.wikipedia.org/w/index.php?title=හැරිස්_අනුකෘතිය&oldid=250066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි