හමුදාමය සංවිධානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
USN-JASDF ship and aircraft formations during ANNUALEX 2008 081119-N-7047S-140.jpg

රටක හමුදා බලකායක් යනු එරට රජයට අනුග්‍රහය දක්වන ආරක්ෂක සහ සටන් බලකායන් වන අතර ඔවුන් රජය වැඩි දුරටත් බලාපොරොත්තුවන අභිප්‍රායන් සාක්ෂාත් කර දෙති. සමහර රටවල ජාතික හමුදා බලකායන් තුළ යුධ හමුදා බල ඇණිවලට සම‍ාන බලකායන් ද ඇතුළත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී සහ අනෙක් බොහෝ ආණ්ඩු ක්‍රම පවත්නා රටවල හමුදාවන් සිවිල් රාජ්‍යය දෙපාර්තමේන්තුවක් හරහා රජයන්‍ට සම්බන්ධිතය. බොහෝ විට මෙම දෙපාර්තමේන්තු, ආරක්ෂක දෙපාර්තමේන්තුව, යුධ දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යාංශය ලෙස හඳුන්වනු ලබයි.


සේවාවන්[සංස්කරණය]

යුධ හමුදාවන් ප්‍රධානව සේවාවන් කිහිපයකට අංශ බෙදා ඇත. ප්‍රධානතම පොදු ඒකක 3 වන්නේ හමුදා, නාවික සහ ගුවන් හමුදා යන ඒකක වේ. සමහර රටවල මැරීන් සහ විශේෂ බලකායන් වෙන් වූ සේවාවන් ලෙස පවත්වාගෙන යයි. යම් රටක වෙරළාරක්ෂක අංශය ද හමුදාවන් යටතේ පවතින වෙන් වූ සේවාවන් අතුරින් එකකි. නමුත් බොහෝ රටවල වෙරළාරක්ෂක අංශය සිවිල් නියෝජිතායතනයන් ලෙස පවතී. ප්‍රංශ හමුදා ව්‍යුහය තුළ සාම්ප්‍රධායික ලෙස ප්‍රධාන අංශ ත්‍රිත්වය පවතින අතරෙහිම සිව්වන අංශය ලෙස “භට පිරිස්” දැක්වේ. මෙම ව්‍යුහය බොහෝ රටවල් විසින් අනුකරණය කර ඇත‍‍. පැරණි සෝවියට් සමූහාණ්ඩුව ද තම හමුදාවන්ට අමතර වූ “ උපායශීලී රොකට් බලකාය” නමින්වන බලකායකින් සන්නද්ධ වූ අතර එම බලකාය රුසියානු රජය විසින් දැනටමත් පවත්වාගෙන යයි.

තවද, බටහිර හමුදාවන් තුළ පවතින “ඒකාබද්ධ බලකාය” නම් සුවිශේෂී ඒකකය හමුදාවන් ද්විත්වයක හෝ ඊට වැඩි ගණනක එනම්, ප්‍රධාන හමුදා වර්ග ත්‍රිත්වයෙන් එක් හමුදාවකට පමණක් සීමා නොවන කුසලතාවලින් සමන්විත ඒකකයකි.

යුධ සංවිධාන ඒකක, සැකසුම් හා විධානයන්[සංස්කරණය]

එක්සත් ජනපදයේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය යුධ හමුදාවන්වල වත් හමුදා තැනුම් ඒකක ඒකක හා සැකසුම් ලෙස ව්‍යවහාර කිරීම පොදු වේ. සාමාන්‍යයෙන් හමුදාවක් තුළ ක්‍රියාකාරී කුඩාම ස්වාධීන මූලය ඒකකයයි. එය බලගනයක් හෝ යාත්‍රාවක් ලෙස පැවතිය හැකිය. දර්ශීය ඒකකයක් යනු සමාවයවික සංවිධානයක් වන අතර (ශුද්ධ පාබල හමුදාව, ශුද්ධ තුරඟ බලකාය, සියළු පිපිරුම් ඒකක වැනි) එහි අධිකාරී හා අණ දෙන කටයුතු ස්වයං අන්තර්ගත වේ. ඒකකයකට වඩා කුඩා ඕනෑම දෙයක් උප ඒකකයක් හෝ සුළු ඒකකයක් ලෙස සැලකිය හැකිය.

සැකසුමක් යනු ඒකක සමූහනයක් හෝ අණ දෙන බලගනයක් යටතේ ක්‍රියාත්මක වන කුඩා සැකසුම් වේ. සැකසුම් යටතට බලගන, භටඛණ්ඩ, යාත්‍රා ආදිය අයත් වේ.

ප්‍රායෝගිකව ඒකකයක් හා සැකසුමක් අතර යම් නොපැහැදිලිතාවයක් පවතී. පසුව කී දෙය සාමාන්‍යයෙන් සකසුවාගේ මෙහෙයුම් සමායෝජනයට පවතී. කෙසේ නමුත් රටවල් ගණනාවක බලගනයන් හා භටඛණ්ඩයන් ස්ථිර සංවිධානයන් ලෙස ද පවතී.

කෙසේ නමුත් විවිධ රටවල් විවිධාකාර සංවිධාන සඳහා එකම නම භාවිතා කිරීමට සිදු වේ. (රටක් තුළ පවතින විවිධ සේවාවන් තුළ දී ද පවතී.) උදාහරණයක් වන්නේ නාවුක පෙරමුණයි. බොහෝ නාවික හමුදාවන්වල නාවුක පෙරමුණ නෞකා කිහිපයක සැකසුමක් වන අතර බොහෝ ගුවන් හමුදාවල එය ඒකකයකි. එක්සත් ජනපද හමුදාවේ එය බලගන ප්‍රමාණයේ අශ්වාරෝහක ඒකකයකි. පොදු රාජ්‍ය මණ්ඩලීය හමුදාවන් එය ආයතන ප්‍රමාණයේ සන්නද්ධ උප ඒකකයකි.

යුධ පටිපාටියේ අණ දෙන ඒකකයක් යනු එක් නිළධාරියෙකුගේ පාලනය යටතේ පවතින ඒකක හා සැකසුම් එකතුවකි.එය ඉතා ඉහල මට්ටමේ සැකසුමක් වන අතර රජයට හෝ ජාතික යුධ මූලස්ථානයට වගකිව යුතු වේ. එය ජාතියක සේවාවන් සඳහා දුලබ නොවන අතර භූමි බල අණ දෙන ඒකකය, ගුවන් අණ දෙන ඒකකය, නාවික අණ දෙන ඒකකය ආදිය සඳහා කැනේඩියානු බලකායන්ගේ භාවිතා වේ. කෙසේ නමුත් මෙය සේවා පාදක නොවන අණ දෙන ඒකකයන්ගේ පැවැත්මට බාධා නොකරයි.

යුධ කටයුතු ගුවන් හමුදාවේ සංවිධායක ධුරාවලිය[සංස්කරණය]

ගුවන් හමුදාවේ සංවිධායක ව්‍යුහය ජාතීන් අතර වෙනස් වේ. සමහරක් ගුවන් හමුදා (එක්සත් ජනපද ගුවන් හමුදාව හා රාජකීය ගුවන් හමුදාව වැනි) කමාන්ඩ්, ගෘප් හා අණුඛණ්ඩ ලෙස බෙදෙන අතර අනෙක්වා (සෝවියට් ගුවන් හමුදාව වැනි) වලට යුධ හමුදා ආකාරයේ සංවිධායක ව්‍යහුයක් ඇත.

APP-6A සංකේතය ඒකක නාමය පුද්ගලයන් ගණන (USAF/RAF) ගුවන් යානා සහායක ඒකක ගණන (USAF/RAF) අණ දෙන නිලධාරීන් (USAF/RAF)

සංකේතය (යුධ හමුදා ව්‍යුහ සංසන්දනය සඳහා) ඒකක නාමය (USAF/RAF) පුද්ගලයන් ගණන ගුවන් යානා සහායක ඒකක ගණන (USAF/RAF) අණ දෙන නිලධාරීන් (USAF/RAF) XXXXXX + ගුවන් හමුදාව මුළු ගුවන් හමුදාව මු‍ළු ගුවන් හමුදාව සියළු ප්‍රධාන කමාන්ඩ් ජෙනරල් /එයාර් චීෆ් මාෂල් XXXXX ප්‍රධාන කමාන්ඩ් කණ්ඩායම් /[ RAF සමානතා නොමැති] වෙනස්වේ වෙනස් වේ කාර්ය හෝ ප්‍රදේශය අනුව (සහායක ඒකක වෙනස් වේ) ජෙනරල්/ එයාර් චීෆ් මාෂල් XX අංක කරන ලද ගුවන් හමුදාව, කමාන්ඩ් කණ්ඩායම් ප්‍රදේශය අනුව (සහායක ඒකක වෙනස් වේ) වෙනස් වේ 2+ වින්ග්/ගෘප් මේජර් ජෙනරල්/ ඒයාර් චීෆ් මාෂල් X වින්ග් / ගෘප් හෝ ස්ථාන 1,000-5000 48-100 2+ ගෘප් / වින්ග් බ්‍රිගේඩියර්/ එයාර් කොමදෝරු/ ගෘප් කපිතාන් III ගෘප්/ වින්ග් 300-1,000 17-48 3-10 අණුඛණ්ඩ/3-4 අණුඛණ්ඩ කර්නල්/ ගෘප් කැප්ටන්/ වින්ග් කමාන්ඩර් II අණුඛණ්ඩ 100-300 7-16 3-4ගුවන් යානා ලුතිනන් කර්නල්/මේජර්/ අණුඛණ්ඩ ප්‍රධාන ••• ගුවන් 20-100 4-6 කොටස් ‍ක් හා පවත්වා ගැනීමේ හා සහාය කාර්ය මණ්ඩලය කැප්ටන්/ ගුවන් ලුතිනන් •• කොටස 2-4 2-3 n/a ප්‍රාථමික නිලධාරී

"http://si.wikipedia.org/w/index.php?title=හමුදාමය_සංවිධානය&oldid=261937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි