හක්මන
හක්මන නගරය ඈත අතීතයකට උරුමකම් කියන නගරයකි. හක්‌මන දකුණේ ඓතිහාසික පුරවරයකි. හක්‌මන පිහිටි උමංගල රජ මහා විහාරය කාවන්තිස්‌ස යුගයට අයත්වන හෙයින් එකළ මේ ප්‍රදේශය වූවද රෝහණ රාජධානියට අයත් සරුසාර ප්‍රදේශයක් ලෙස පවතින්නට ඇතැයි සැලකේ. පසු කලෙක ලක්‌දිව මුහුදු බඩ ප්‍රදේශ යටත් කර ගෙන සිටි බටහිර ජාතීන්ද තම ආකර්ශනය දකුණේ මුහුදු බඩ ප්‍රදේශවලට යොමු කළහ. ඉන් එහාට යම් අවධානයක් යොමු කළේ පහත රට තේ වගාව ඇසුරින්ය. එහෙත් හක්‌මන වැනි ප්‍රදේශ තේ හා පැඟිරි වගාවන්ට නතු වූවද එහි පැවැතියේ අවසංවර්ධිත වටාපිටාවක්‌ය.
දැනට වසර කීපයකට පෙර වූවද අවිධිමත් ලෙස හක්‌මන නගරය ගම්සභා උසාවියට හා කඩ කීපයකට සීමා විය.
මේ නිසා අද දවසේ ශ්‍රී ලංකාවේ වෙනත් නව නගරවලට සාපේක්‍ෂව හක්‌මන අලංකාර දැකුම්කළු නව නගරයක් නිර්මාණය වෙමින් පවතී. මේ වන විටත් ඒ සඳහා වැය කර ඇති මුදල ලක්‍ෂ 5500 කි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිස්‌ථානය, බැංකු ශාඛා ගොඩනැඟිලි ක්‍රමානුකූල සැලැස්‌මකට අනුව ඉදිවේ. සියලුම රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් කට්‌ටි හක්‌මන නගර සැලැස්‌මට අනුව වෙන් කර දී ඇත. මීට අමතරව ප්‍රාදේශිකය සභා කාර්යාලය, පුස්‌තකාල හා ක්‍රීඩා පිටියේ වැඩ නිම වෙමින් පවතී. කඩ කාමර 400 කින් සමන්විත දැවැන්ත සති පොළ රු. ලක්‍ෂ 400 ක වියදමින් ඉදිවූවකි.
පිබිදෙන හක්‌මන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් සේ සටහන් වන්නේ මහා මාර්ග හා කුඩා මාර්ග සංවර්ධනයයි. හක්‌මන, මාතර, හක්‌මන,බෙලිඅත්ත, හක්‌මන මුලටියන හා හක්‌මන වලස්‌මුල්ල ප්‍රධාන මාර්ග කාපට් යොදා ඉදි කළ නවීන මාර්ග ලෙස දැනටමත් ගමනාගමනයට විවෘතව පවතී. මේ සඳහා වැය වී ඇති මුදල ලක්‍ෂ 226 කි.
[1] සංරක්ෂණය කළ පිටපත 2010-04-29 at the Wayback Machine