සොළොස් මහා ජනපද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Mahā-Janapadas
සොළොස් මහා ජනපද
Blank.png
700 ගණන්–300 ගණන් Blank.png
Location of මහා ජනපද
මහාජනපද 16 සිතියම
අගනුවර සඳහන් කර නොතිබුණි
ආගම වෛදික හින්දු ආගම
බුද්ධාගම
ජෛනාගම
රජය සමූහාණ්ඩු
රාජාණ්ඩු
ඓතිහාසික යුගය යකඩ යුගය
 - ඇරඹීම 700 ගණන්
 - අවසානය 300 ගණන්

පැරණි බෞද්ධ පුස්ථකයක් වන 'අංගුත්තර නිකාය'ට අනුව මහා ජනපද යනු ඉන්දියානු උප මහද්වීපයේ එකිනෙකට යාව පිහිටා තිබූ කුඩා පරිමාණයේ ජනපද රාශියකි. එහි ජනපද 16 ක් පැවතුණි. බුදු දහම ඉන්දියාවේ පැතිර යාමට පෙර මෙම රාජධානිය ස්වර්ණමය හා බලවත්ම කාල පරිජේදයක පැවතියේය.


දළ විශ්ලේෂණය පැරණි ඉන්දීය සමාජය ආරම්භ වූයේ අර්ධ සංක්‍රමණික ගෝත්‍රික ජන කොටස් වලිනි.ඔවුන් jana "ජන" වශයෙන් හඳුන්වනු ලැබීය. මෙම ගෝත්‍රික කොටස් තමන්ගෙ ජීවන රටාව තුළ ගවයන් , බැටළුවන් හා තණබිම් සඳහා එකිනෙකා අතර ගැටුම් අඬ දබර ඇති කරගනිමින් ජීවත් වූහ. පෞරාණික වෛදික පොත් පත් මෙයට සාක්ෂි දරයි.වෛදික යුගයේ මෙලෙස ජීවත් වූ මෙම ජන කොටස් පසු කාලීන මහා යුගයේදී සාමූහික වීම හේතුකොට ගෙන මහා ජනපද 16 ක් ඇති විය.

"ජනපද" යන්නෙහි අරුත යන්තම් අවකාශය යන්නයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුල් යුගයේ මෙම ගෝත්‍රික කොටස් තමනට අවැසි ඉතා සුළු බිම් තීරුවක් පමණක් උරුම කර ගත්තේය. මෙය සිදුවූයේ බුද්ධ කාලයට පෙරදීය.ජනපදවල පුරවැසියෝ ජනපදනි ලෙස හැඳින්විනි.ජනපද වැසියෝ මෙම ජනපදවලට නම් යොදනු ලැබීය. මෙම එක් එක් ජනපදවල වැසියන්ගේ බල පරාක්‍රමය මත පසු කාලීනව මහා ජනපදවල සමහර ජනපද තමන්ගේ දේශ සීමා පුළුල් කොට ප්‍රබලත්වයට පත් වූහ.

[සංස්කරණය] සොළොස් මහා ජනපද

  • 1. අංග
  • 2. මගධ
  • 3. කාශි
  • 4. කෝසල
  • 5. වජ්ජි හෙවත් ව්රිජි
  • 6. මල්ල
  • 7. චේදී හෙවත් චේතිය
  • 8. වත්ස හෙවත් වම්ස
  • 9. කුරු
  • 10. පංචාල
  • 11. මච්ච හෙවත් මත්ස්ය
  • 12. සුරසේන
  • 13. අස්සක
  • 14. අවන්ති
  • 15. ගන්ධාර
  • 16. කාම්බෝජ
"http://si.wikipedia.org/w/index.php?title=සොළොස්_මහා_ජනපද&oldid=208088" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්