සුන්නි ඉස්ලාම්

විකිපීඩියා වෙතින්
(සුන්නි ඉස්ලාම් ආගම වෙතින් යළි-යොමු කරන ලදි)
ඊජිප්තුවේ, කයිරෝවේ, අල්-අස්හර් විශ්වවිද්‍යාලය. ෆාතිමිද් ෂියා වරුන් විසින් තැණුනු එය, සුන්නි ඉස්ලාම් අධ්‍යයනය පිළිබඳ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත

සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah (අරාබි: أهل السنة والجماعة‎), " මුහමද් තුමාගේ සම්ප්‍රදායය සහ උම්මා සම්මුතියට අදාළ ජනතාව " හෝ ahl as-sunnah (අරාබි: أهل السنة‎) ලෙසිනි. සිංහලයෙන් ඔවුන් කෙටියෙන් හැඳින්වෙන්නේ, සුන්නි මුස්ලිම්වරුන්, සුන්නිවරුන්, හෝ සුන්නින් ලෙසිනි. සුන්නි ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගමික සමූහනය වන අතර [1] ලෝකයේ සමස්ත ආගම් අතුරින් විශාලතම ආගමික නිකාය වෙයි. [2] ආගමෙහි, ඕර්තඩොක්ස් අනුවාදය ලෙසින්ද සුන්නි ඉස්ලාම් ආගම සමහරවිට සැලකෙයි. [3][4] හදීත් කෘතීන්හී සටහන්ව ඇති ඉස්ලාමීය අනාගතවක්තෘ මුහමද්තුමාගේ කියමන් සහ ක්‍රියා සඳහා භාවිතා වන සනාහ් (අරාබි: سنة‎) යන පදයෙන් "සුන්නි" යන පදය බිඳි ඇති බව සැලකෙයි .[5]

සුන්නි ඉස්ලාම් ආගමෙහි සමස්ත නීති සංග්‍රහයෙහි පදනම් සකස්වන්නේ, සුන්නි ඕර්තඩොක්ස් දෘෂ්ටිය විසින් පිළිගන්නාවූ කුතූබ් අල්-සිත්තාහ් වෙතින් සමන්විත ප්‍රාථමික සමුච්චයන් හා සමග සංගමනයවූ කුරානය සහ බැඳුම් සම්මුති වෙතිනි. කීති ව්‍යුත්පන්න කරගන්නේ මෙම මූලික මූලාශ්‍රයන් වෙතිනි; මෙයට අමතරව, සුන්නි ඉස්ලාම් ආගමෙහි නෛතික ශාස්ත්‍රාල විසින් තීන්දු ව්‍යුත්පන්න කිරීම සඳහා, තුල්‍යරූප තර්කය, මහජන සුබසාධනයෙහි විචාරණය සහ නෛතික අභිමතිය වැනි විවිධ ක්‍රම පිළිගනිති.

සටහන්[සංස්කරණය]

  1. රිලිජස් ඩයිවර්සිටි ඇන්ඩ් චිල්රන්ස් ලිට්‍රිචර්: ස්ට්‍රැටර්ජීස් ඇන්ඩ් රිසෝර්සර්ස්, සැන්ඩ්‍රා බ්‍රෙනර්මන් ඔල්ඩන්ඩෝෆ්- 2011, පි 156
  2. නිව්යෝර්ක් මර්ඩර් මිස්ට්‍රි: ද ටෲ ස්ටෝරි බිහයින්ඩ් ද ක්‍රයිම් ක්‍රෑෂ් ඔෆ් ද 1990ස්, ඇන්ඩෲ කාර්මෙන් - 2006, පි223
  3. ගේල් එන්සයික්ලොෆීඩියා ඔෆ් ද මිඩ්ල්ඊස්ට් ඇන්ඩ් නොර්ත් ඇෆ්රිකා. The largest branch in Islam, sometimes referred to as "orthodox Islam"; its full name is ahl al-Sunna wa aljamaʿa (the people of Sunna and consensus), and it represents about 90 percent of the world Muslim population. {{cite book}}: |first= missing |last= (help)
  4. "සුන්නි ඇන්ඩ් ෂියා ඉස්ලාම්". ලයිබ්‍රරි ඔෆ් කොන්ග්‍රස් කන්ට්‍රි ස්ටඩීස්. සම්ප්‍රවේශය දෙසැම්බර් 17, 2011.
  5. "සනාහ්". මේරියම්-වෙබ්ස්ටර්. සම්ප්‍රවේශය 2010-12-17. the body of Islamic custom and practice based on Muhammad's words and deeds
"https://si.wikipedia.org/w/index.php?title=සුන්නි_ඉස්ලාම්&oldid=334848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි