සිරි මහ බෝධිය, බුද්ධගයාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පින්තූරය: මහා බෝධි විහාරයේ බෝරුක. මෙය ශ්‍රී මහා බෝධියෙන් ගෙනෙන ලද අංකුරයකි.



බුද්ධගයාවේ පිහිටා ඇති සිරි මහ බෝධිය යනු අතිශය පැරණි, පූජණීය ඇසතු ගසකි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ, පැට්නා නගරයේ සිට කි.මි.100 ක් (සැතපුම් 62 ක්) දුරින් පිහිටි බුද්ධගයාවේ තිබෙන මෙම බෝධි වෘක්ෂය අතිශය පූජනීය වෘක්ෂයක් ලෙස සැලකේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ මෙම බෝරුක් සෙවනෙහිය. ආගමික ප්‍රථිමා කලාවෙහි බෝරුක ඉතා පහසුවෙන් හඳුනා ගත හැක්කේ , හදවතේ හැඩයෙන් යුත් උස්ව පෙනෙන ලෙස නෙලන ලද පත්‍ර හේතුවෙනි. මෙම බෝධිය යන වචනය දැනට පැතිර පවත්නා ඒ වර්ගයේ ගස් හැඳින්වීම පිණිස පෘතුල ලෙස භාවිතාවේ. විශේෂයෙන් ම ශ්‍රී මහා බෝධියෙන්ම බෝ කර ගත් පැලයකින් බිහි වු ලෙස සැලකෙන මහා බෝධි විහාරයේ පිහිටි බෝධි වෘක්ෂයයි. බෞද්ධයින් වන්දනාමාන කරන වැදගත් ස්ථාන හතරෙන් එක් ස්ථානයක් ලෙස මෙම බෝධි වෘක්ෂය සැලකේ. බෞද්ධ ඉතිහාසයේ අනෙකුත් පූජනීය ලෙස සැලකෙන බෝධි වෘක්ෂයන් නම් ශ්‍රාවස්තියෙහි ආනන්ද බෝධිය, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධි යයි. මේ දෙකම ශ්‍රී මහා බෝධියෙන් පැල කරන ලද පැල වලින් හටගත් ඒවා ලෙස සැලකේ.

බෞද්ධ කාල නිර්ණය[සංස්කරණය]

මහා බෝධි විහාර භූමියේ තිබෙන බෝරුක හඳුන්වනු ලබන්නේ 'ශ්‍රී මහා බෝධිය' නමිනි. බුද්ධාගමට අනුව බුද්ධත්වයෙන් පසු බුදුන්වහන්සේ තමනට බුද්ධත්වය ලබා ගැනීමට සෙවන දුන් බෝරුකට කෘතගුණ සැලකීම සඳහා සතියක් පුරා ඇසිපිය නොහෙලා ඒ දෙස බලා සිටි බව කියැවේ. පසු කාලයක බුදුන් එසේ වැඩ සිටි ස්ථානයේ විහාරයක් ඉදි කෙරුණු අතර එය අනිමිස ලෝචන චෛත්‍යය නමින් හැඳින්වුනේය. බුදුන්වහන්සේ ජීවමානව හුන් කාලයේදී පවා මෙම ස්ථානය පූජනීය ලෙස සැළකූ ස්ථානයක් වූ අතර, එය එවැනි අන්දමේ පූජෝපාහාර ලත් එකම ස්ථානය විය හැකිය. අශෝක රජතුමා මෙම බෝධියට ප්‍රණාම පුද කිරිම සම්බන්ධ කටයුතු වලදි අනලස්ව කටයුතු කළේය. සෑම වර්ෂයකම කාර්තික මාසයේදි බෝරුකට ගෞරව පිණිස උත්සව පැවැත්වීය. අශෝක රජතුමාගේ බිසව වූ තිසරක්ඛා දේවිය, ඇය රැජින බවට පත් වී තෙවසරකට පසු (අශෝක රජුගේ රාජ්‍ය කාලයේ දහනම වෙනි වසරේදි) බෝධිය කෙරේ ඊර්ෂ්‍යාවෙන් මන්ඩු නම් කටු සහිත පැලෑටි වගා කොට එය මැරවීමට කටයුතු කළාය. එහෙත් බෝරුක වැඩුනේය. ඒ වටා වූ බෝධි මණ්ඩපයෙහි බෝධි මණ්ඩ විහාර නම් විහාරයක්ද ඉදි කෙරුනි. මහාථූපයෙහි අඩිතාලම පිහිටුවීමේදී චිත්තගුත්තගේ නායකත්වයෙන් බෝධිමණ්ඩ විහාරයෙන් පැමිණි තිස් දහසක් භික්ෂූන් වහන්සේලා ඊට සහභාගි වූ බව සඳහන් වේ.

ශාඛා[සංස්කරණය]

ආනන්ද බෝධිය[සංස්කරණය]

බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේදි වුව, උන් වහන්සේ බැහැර වැඩි අවස්ථාවන්හිදි මහජනතාවට බුදුන් සිහි කර වන්දනාමාන කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් කල්හි, බුද්ධ ගයාවේ බෝධි වෘක්ෂයෙහි බීජයක් සිටුවා ඊට වන්දනාමාන කිරීම සඳහා බුදුන් වහන්සේ අවසර දුන් බවත්, එම බෝ පැලය ශ්‍රාවස්ති අසල ජේතවන විහාරයේ දොරටුව අභිමුව රෝපණය කරන ලද බවත්, බෞද්ධ තොරතුරු වල සඳහන් වේ. මෙම කාරණය සඳහා මොග්ගල්ලාන තෙරුන් බෝ රුකෙන් පතිත වන ඵලයක් බිමට පතිත වන්නට නොදි අල්ලා ගෙන ඇත. එම ඵලය අනාථ පිණ්ඩික විසින් උත්සවාකාරයෙන් රන් භාජනයක රෝපණය කරන ලදි. එයින් මතු වූ අංකුර දලු ලා වැඩි රියන් පණහක් තරම් උස් විය. එය පූජනීය වීම සඳහා බුදුන් වහන්සේ ඒ සෙවනෙහි භාවනා කරමින් රැයක් පහන් කළහ. මෙම බෝරුක ආනන්ද තෙරුන්ගේ මග පෙන්වීම යටතේ රෝපණය කරන ලද හෙයින් එය ආනන්ද බෝධිය නම් විය.

සිරි මහ බෝධිය, අනුරාධපුර[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ වංශ කථා වලට අනුව ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ රෝපණය කරන ලද්දේ ක්‍රි.පූ 288 වෙනි වර්ෂයේදිය. එය ආවෘතබීජයකින් පැල කර ගත් ඒ වර්ගයේ අති පැරණි වෘක්ෂයක් ලෙස සැක හැර දැන ගෙන තිබේ. අශෝක රජතුමාගේ පාලන කාලයෙන් අවුරුදු 12 ක් ගත වී එළඹුනු එම වසරේදි සංඝමිත්තාවන් විසින් ගෙන එන ලද බෝධි වෘක්ෂයෙහි දකුණු ශාඛාව දේවානම්පියතිස්ස රජතුමා විසින් මහා මේඝ වන උද්‍යානයෙහි රෝපණය කරනු ලැබින. බුදුන් වහන්සේ තම පිරිනිවන් මඤ්චකයේදි ඉටු විය යුතු කාරණා පහක් සම්බන්ධයෙන් නියමයන් කර සිටියහ. ඉන් එකක් නම් ලංකාවට ගෙන යා යුතු බෝධි අංකුරය ගයා වෙන්ම විය යුතුය. එය පාඨලිපුත්ත සිට තාමලිප්ති වෙතටද එහිදි නැවක තබා මුහුදින් ජම්බුකෝල වෙතද ගෙන යා යුතුය, අවසානයේ එන මාර්ග‍ෙය් තිවක්ක හිදී නැවති පසුව අනුරාධපුරයට පැමිණුනේය. බෝ පැලය රෝපණය කිරීමේ උත්සවයේදි කාජරගාම සහ චන්දනාගාම සහ තිවක්ක නම් වූ ප්‍රදේශ වල ප්‍රධානින් රජුට සහයෝගය දුන්හ.

පෙර බුදුවරුන්ගේ බෝධින්. ලංකාවේ වංශ කථා වලට අනුව (උදා ම.ව.xv) මෙම කාලයේදි පහල වූ බුදුවරුන්ගේ බෝධි වෘක්ෂයන්ගේ ශාඛාවන් ද අද අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය පිහිටි භූමියෙහි රෝපණය කර තිබේ. කකුසඳ බුදුන්ගේ බෝධි ශාඛාව රුචානන්දා නම් මෙහෙණි නමක්ද කෝනාගම බුදුන්ගේ බෝධි ශාඛාව කන්තකානන්දා සහ කාශ්‍යප බුදුන්ගේ බෝධි ශාඛාව සුධම්මා නම් මෙහෙනින් වහන්සේලා විසින් ගෙන එනු ලැබ ඇත.

වර්තමානයේ පැල රෝපණය කිරීම. නව දිල්ලියේ බුද්ධ ජයන්ති උද්‍යානයේ ශ්‍රී මහා බෝධි අංකුරයක් 1993 දී රෝපණය කරන ලදි