සියෙනා හී ශුද්ධවූ කැත්රින් සංඝයෙහි ලෝරා

විකිපීඩියා වෙතින්
සියෙනා හී ශුද්ධවූ කැත්රින් සංඝයෙහි
ශුද්ධවූ ලෝරා
ආගමික
උපත26 මැයි 1874(1874-05-26)
එරිකෝ, කොළොම්බියානු එක්සත් ජනපදය
මරණය21 October 1949(1949-10-21) (වයස 75)
මේඩෙජින්, කොළොම්බියාව
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව
භාග්‍යවත් භාවයට එසවූයේ25 අප්‍රේල් 2004, ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේ12 මැයි 2013, ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින්
මංගල්‍යය දින21 ඔක්තොම්බර්
ලාක්ෂනික ගුණාංගආගමික හැසිරීම
අනුග්‍රාහකත්වය
  • වාර්ගික පරිභාරයෙන් පීඩා විඳින ජනයා
  • අනාථයෝ
  • නිර්මල මරියතුමියගේ සහ සියෙනා හී ශුද්ධවූ කැත්රින් මුනිවරියගේ ධර්මදූත කන්‍යා සොහොයුරියන්ගේ සංඝය

උපතේදී මරීයා ලවුරා මොන්ටෝයා ඌපෙගී යන නම ලද සියෙනා හී ශුද්ධවූ කැත්රින් සංඝයෙහි ලෝරා (මැයි 26, 1874 – ඔක්තොම්බර් 21, 1949) යනු, කොළොම්බියානු කන්‍යා සෙහොයුරියකි. 1914 වසරෙහිදී ඇය විසින් නිර්මල මරියතුමියගේ සහ සියෙනා හී ශුද්ධවූ කැත්රින් මුනිවරියගේ ධර්මදූත කන්‍යා සොහොයුරියන්ගේ සංඝය ආරම්භ කරන ලදි. ආදිවාසී ජනයා සමග ඇය සිදු කල කටයුතු පිළිබඳව සහ දකුණු ඇමරිකානු ගැහැණු ලමුන් සඳහා ප්‍රබල භූමිකා ආදර්ශයක් ලෙසින් ඇය ප්‍රසිද්ධ විය. [1] දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් 2004 වසරෙහිදී ඇය භාග්‍යවත්භාවයට ඔසවන ලදි. ශුද්ධවූ අන්තෝනියෝ ප්‍රිමාල්ඩෝ සහ ඔහුගේ අනුගාමිකයන් සහ මරියා වලලූපේ ගර්සියා සවලා හා සමගින් 2013 මැයි 12 දිනදී ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ලෝරා ශුද්ධවරභාවයට ඔසවන ලදි. [2] රෝමානු කතෝලික සාන්තුවරභාවයට එසවුනු පළමු කොලොම්බියානු ජාතිකයා ලෝරා විය. [3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ලවුරා මොන්ටෝයා ඌපෙගී (1874-1949), බයෝග්‍රෆි". වැටිකන් නිවුස් සර්විසර්ස්. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.
  2. ඩෙමීලියෝ, ෆ්‍රාන්සිස්. "පෝප් ෆ්‍රැන්සිස් ගිව්ස් චර්ච් හන්ඩ්‍රඩ්ස් ඔෆ් නිව් සේන්ට්ස්". ඇසෝෂියේටඩ් ප්‍රෙස්. සම්ප්‍රවේශය මැයි 12, 2013.
  3. "කොළොම්බියාස් ෆර්ස්ට් සේන්ට් අ ට්‍රේල්බ්ලේසිං චැම්පියන් ඔෆ් ද ඉන්ඩිජිනස්". ෆොක්ස් නිවුස්. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2014.