සියුස් දේවස්ථානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ක්‍රි.පු. 5වන ශත වර්ෂයට අයත් විය හැකි දේවස්ථානයේ 1908 දී ගත් රූප සටහනක්

ක්‍රි.පූ. 470 – 456 දී ඉදි කරන ලද ඔලිම්පියා‍හි සියුස් දේවස්ථානය, නවීනතම ඩොරික් ආකාරයේ ශ්‍රේෂ්ට ග්‍රීක දේවස්ථානය වේ. දේශීය සහ පැන්හෙලනික් දෙවිවරුන්ට කැප කර තිබූ ප්‍රසිද්ධම දේවස්ථානය (ග්‍රීසියේ) මෙය විය. මෙය මයිසීනියානු කාලයේ අග දී පිහිටුවා තිබුණි. ඇට්ලස් එහි පූජ්‍ය උප වන තොටු පවුර, එළිමහන් අල්තාර හා පෙලොප් ස්තූපය සමඟ ක්‍රි.පූ. 9-10 ශත වර්ෂ අතර දී පිහිටුවන ලදී.

පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් වූ මෙය සියුස් ප්‍රතිමාවට නිවසක් විය. පිඩියස් නම් මූර්ති අඹන්නා විසින් ඔලිම්පියාහි තම වැඩ පළේ දී නිර්මාණය කරන ලද ක්‍රයිසෙලෙපන්ටයින් ප්‍රතිමාව ආසන්න වශයෙන් 13m ක් පමණ උසකින් යුක්ත විය.

ගෘහ නිර්මාණ ශිල්පී ලිබන් විසින් මෙම දේවස්ථානය ඉදි කරන ලදී. ඔහු චාන් ලෙස කැටයම් කළ මෙටෝප්ස් හා ට්‍රයිගිල්ප් චිත්‍රපටි හා මූර්ති සහිතව එය නිම කළේය. දැන් ඔහු “ඔලිම්පියා මාස්ටර් හා ඔහුගේ කලාගාරය ලෙස හඳුන්වයි.

ගොඩනැඟිල්ලේ ප්‍රධාන ව්‍යුහය හිරිගල්වලින් නිම කිරීම සිදු වූ අතර එමඟින් අලංකාරයක් නැති, ප්‍රමිතියක් නැති බවක් දිස් වූ නිසා එය මත ස්ටකෝ නම් හුණු බදාම වර්ගය තුනී තට්ටුවක් අතුරා ඊට කිරිගරුඬවල පෙනුම දුනි. දේවස්ථානයේ සියළුම ප්‍රතිමාවෙන් කළ සැරසිලි කරන ලද්දේ පාරියන් කිරිගරුඬවලින් වූ අතර වහලේ උළු ද පාර්තේතන් (ඇතන්ස්හි) ගොඩ නැඟීමට භාවිතා කළ පෙන්ටෙලින් කිරිගරුඬ විය.

හෙරකල් (Heracles) පුරාණ ක්‍රමය ජය ගනී. (මුසී ඩු ලූවර් (Musée du Louvre)).


දේවස්ථානවල ප්‍රතිමා නෙලීමේ එක්සත් තේමාව වන්නේ ඩයික් හෙවත් චාරිත්‍ර පාදක කොටගත් සාමදානය යන්නයි. එය නියෝජනය කරන ලද්දේ සියුස් විසිනි.

දෙවන ශත වර්ෂයේ හි අගභාගයේ දී පෝසනියස් එම ප්‍රතිමා පිළිබඳ වාර්තා ලියා තැබුවේය. එහි පොලොප්ස් හා ඔයිනොමස් අතර වූ රථ තරඟය පිළිබඳ පුරාවෘත්තයෙහි සියුස් මධ්‍යයෙහි සිට ගෙන ද වීරවරුන් හා වීරවරියන් යුගල් වශයෙන් පසෙක සිටිමින් ද සිටින අතර රථ සේනා කෙළවරෙහි ද සිතුවම් කර ඇත. හිපෝඩමික හා ඇගේ සේවිකාව සියුස්ට වමෙන් ද පොලොප්ස් සියුස්ට දකුණෙන් ද හිට ගෙන සිටිති. වාර්තාගත කැනීම්වලින් එවන් රූප සම්පූර්ණ ලෙස 15ක් සොයා ගෙන ඇත. මෙම නිර්මාණයේ වාඩි වී හෝ දණ ගසා ගෙන සිටින අයවලුන්ගේ සම්බන්ධය හා ඔවුන් කවුරුන් ද යන වග ගැන උගත්තු තවම සාකච්ඡා කරති.

බටහිර පෙඩිමන්ට් හි විස්තර කර ඇත්තේ සෙන්චූරියෝමචිය. එනම් ආගන්තුක සත්කාරය පිළිබඳ පූජ්‍ය නීති (සෙනියා) කඩ කළ ලැපින්ස් හා සෙන්ටෝස් අතර පෙරිනොස්ගේ මංගල්‍යයේ දී ඇති වූ සටනයි. එහි ඇපලෝ මධ්‍යයෙහි සිටි අතර ඔහු පෙයිරිනෝස් හා තීසියස්ට පාර්ශ්විකව සිටියේය. ග්‍රීක්වරුන්ගේ ඔලිම්පියානු නීතියට අනුව ශිෂ්ට භාවයට පත් කිරීමට ලැපිත්වරු සූදානම්ව සිටි අතර සෙන්ටෝර්වරු ප්‍රාථමික ච්තොනික වර්ගයා ලෙසට ජීවත් වූහ. බිත්තියෙහි ඇඳ ඇති චිත්‍ර පවා සිහි ගන්වන්නේ 15වන සියවසේ ග්‍රීක්වරුන්ගේ පර්සියානු ජයග්‍රහණයකි.

ග්‍රීසියේ ඔලිම්පියාහි සියුස් දේවස්ථානයේ නටඹුන්


ඇන්ට්ස්හි ප්‍රෝනාස් සහ ඔපිස්තොඩොමස්, එහි පශ්චාත් භාගයේ ඇතුල් වීමේ පෝටිකාව හා වනජ පෝටිකෝව නිර්මාණය කර ඇත. නෙරකල්වරු තම යහපත් පාලනයට තර්ජන එල්ල කළ සත්වයින් හා රාක්ෂයින් සාර්ථක ලෙස පරාද කිරීම නියෝජනය කිරීමට හෙරකල් කම්කරුවන් 12 කැටයම් කර ඇත.

ක්‍රි.පූ. 146 දී රෝම සේනාධිපති මමියස් කොරින්ත් නඟරය පැහරූ පසු රත්රන් ආලේපිත පලිහවල් 21ක් කැප කළේය. ඒවා කණුවල එල්ලන ලදී. ක්‍රි.පූ. 426 දී තියෝඩෝසියස් II දේවස්ථානය විනාශ කිරීමට අණ දුන්නේය. 522 හා 551 ඇති වූ භූ චලන වලින් ද ඒවා තවදුරටත් විනාශ වී ගියේය.

නාය යෑම් හා ගංවතුරට මුහුණ දුන් පුරාණ දේවස්ථාන භූමිය 1766 දී හඳුනා ගන්නා ලදී. 1829 දී ප්‍රංශ කණ්ඩායමක් සියුස් දේවස්ථානය කණින්නට වූහ. එහි දී හමු වූ නටඹුන් මූසි ඩූ ලෝවර් වෙත ගෙන යන ලදී. විධිමත් කැනීම් 1875 දී ඇරඹූණු අතර එය සිදු වූයේ ජර්මන් පුරා විද්‍යාත්මක ආයතනය යටතේය. එය වර්තමානය දක්වා ද යම් යම් බාධාවන් මැද කෙරී ගෙන යයි.

"http://si.wikipedia.org/w/index.php?title=සියුස්_දේවස්ථානය&oldid=276471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි