සිකුරු ග්‍රහයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිකුරු (Venus) ග්‍රහයාගේ සැබෑ වර්ණ සහිත ඡායාරූපයකි

සිකුරු (Venus) ග්‍රහයා සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විට අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන අතර එහි දීප්තිමත් බව - 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අප්‍රධාන ග්‍රහයෙක් වන බැවින් එය පෘථිවියේ සිට බලන කල සූර්යයාගෙන් වැඩි ඈතක ගමන් කරනු දක්නට නොලැබේ. එහි දිගාංශය 47.8 ක උපරිමයක් ගනී. සිකුරු ග්‍රහයාගේ උපරිම දීප්තිය දක්නට ලැබෙන්නේ ඉර උදාවට පෙර සහ ඉර බැසීමෙන් පසුවය. මේ නිසා එය පහන් තරුව (Morning star) හෝ ඉරබටු තරුව (Evening star) ලෙසද හැදින්වේ.

භෞමික ග්‍රහයන් ගණයට අයත් සිකුරු ග්‍රහයා පෘථිවියේ සහෝදරියක ලෙස සලකන්නේ ඒවායේ විශාලත්වය, ගුරුත්වාකර්ෂණය හා සංයුතිය සමාන වන බැවිනි. සිකුරු ග්‍රහයා ඉතා පරාවර්තනශිලී සල්ෆියුරික් වලාකුළු වලින් සැදුම් ලත් පාරදෘෂ්‍ය ස්ථරයකින් වට වී ඇති අතර එනිසා ආලෝකය ඇති විටදීත් අභ්‍යාවකාශයේ සිට බලන කල එහි පෘෂ්ඨය පෙනෙන්නේ නැත. විසිවන සියවසේ ග්‍රහ විද්‍යාව මඟින් ඇතැම් රහස් හෙළි කරගන්නා තෙක් මෙය ඉතා කුතුහලය දනවන කාරණාවක් විය. භෞමික ග්‍රහයින් අතුරින් ඝනත්වයෙන් වැඩිම වායුගෝලය ඇත්තේ සිකුරු ග්‍රහයා සතුවය. එහි වැඩිපුරම ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. ඊට හේතුව පාෂාණ සහ ‍පෘෂ්ඨයේ ඇති වස්තු වෙත නැවත කාබන් ලබා දීමට හෝ ජෛව ස්කන්ධයට කාබන් උරා ගැනීමට කාබනික ජීවින් එහි නොසිටීමය. සිකුරු ග්‍රහයාගේ උෂ්ණත්වය කෙතරම් ද කිවහොත් පෘථිවියේ මෙන් සාගර තරුණ සිකුරු ග්‍රහයාගේත් තිබෙන්නට ඇති අතර ඒවා සම්පූර්ණයෙන් ම වාෂ්ප වී වියලි දුවිලි සහ තහඩු වැනි පාෂාණ ස්ථර සහිත කාන්තාරයක් බවට පත් වී ඇත. මේ සඳහා ඉදිරිපත් වී ඇති හොඳම පැහැදිලි කිරීම වන්නේ සිකුරු ග්‍රහයා සතුව චුම්බක ක්ෂේත්‍රයක් නොතිබිම හේතුවෙන් සාගර වලින් වාෂ්ප වූ ජලය වියෝජනය වන්නට ඇති බවත් එමඟින් නිදහස් වූ හයිඩ්‍රජන් වායුව අන්තර් ග්‍රහ අවකාශයට ඇදී යන්නට ඇති බවත් ය. සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨය මත වායුගෝලීය පීඩනය පෘථිවියේ මෙන් 92 ගුණයකි.


සිකුරු ග්‍රහයා නිරීක්ෂණය කිරිම[සංස්කරණය]

සිකුරු ග්‍රහයාගේ විකසන අවස්ථා දෘශ්‍යමාන විෂ්කම්භ වලින් පෙන්නුම් කෙරේ

දීප්තිමත් තාරකාවන් වලටත් වඩා වැඩි දීප්තියක් ඇති සිකුරු ග්‍රහයාගේ දීප්තිය - 3.8 සිට 4.6 දක්වා අගයක් ගනී. මේ නිසා මධ්‍යහනයේ දී වුවත් දැක ගැනීමට තරම් එය දීප්තිමත් වන අතර ඉර බැස ගෙන යන විට එය ඉතා පහසුවෙන් දැකගත හැකිය. අධර ග්‍රහයකු ලෙස එය සැමවිටම සුර්යයාට අංශක 47 ක් ඇතුලත පිහිටයි.

සූර්යයා වටා කක්ෂගත වීමේ දී සිකුරු තරුව සෑම දින 584 කට වරක්ම පෘථිවිය පසුකර යයි. පෙර ඉර බසින විට දුටු තරුව එවිට දැකගත හැකි වන්නේ ඉර නැගීමට පෙරය. අනෙක් අධර ග්‍රහයා වන බුධ ග්‍රහයා එහි උපරිම දීර්ඝනය(elongation) වන අංශක 28 ට පැමිණෙන නමුත් ඉර බැස යන විට එය දැක ගැනීමට අපහසු නමුත් සිකුරු ග්‍රහයා ලෙහෙසියෙන් මග හැරෙන්නේ නැත. එහි දීප්තිමත්බව නිසා එය ඉර බැස ගොස් බොහෝ වේලාවක් යන තුරු වුවත් අඳුරු අහසේ දැක බලාගත හැකිය. පියාඹන පීරිසි ලෙස ‍බොහෝ විට වැරදි ලෙස වාර්තා වී ඇත්තේ සිකුරු ග්‍රහයාවයි.

1969 දී ඇමෙරිකානු ජනාධිපති ජිමි කාටර් විසින් දුටුවා යැයි කියන ලද පියාඹන පීරිසිය සිකුරු ග්‍රහයාම බව පසුව කරන ලද විශ්ලේෂණ වලදී තහවුරු විය.

තම කක්ෂය වටා ගමන් ගන්නා විට චන්ද්‍රයාගේ අවධි මෙන් අවධි සිකුරු ග්‍රහයා විසින්ද පෙන්නුම් කරයි. පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කිරීමේ දී එය නව සඳ මෙන් වන අතර සූර්යයාට විරුද්ධ පසින් පිහිටන විට එය සම්පූර්ණයෙන් සූර්යයාගෙන් ද, සූර්යයාගෙන් උපරිම දීර්ඝනය(elongation) ඇති විට, එය අඩ සඳ වැනි අවධියේත් පසුවේ. සිකුරු ග්‍රහයා දීප්තිමත් බවින් වැඩිම වන්නේ එය තුනී අඩ සඳක හැඩයක් ගන්නා විටය. එය පෘථිවියට ආසන්නව පිහිටන්නේ මෙවිටය.

සිකුරු ග්‍රහයාගේ කක්ෂය පෘථිවියේ කක්ෂයට මද ආනතියක් දක්වයි. එබැවින් සුර්යයා සහ පෘථිවිය අතරින් එය ගමන් කරද්දී සාමාන්‍යයෙන් සූර්යයාගේ මුහුණත පසුකර යන්නේ නැත.

සිකුරු නිරීක්ෂණය කිරීමේ දී බොහෝ කලක සිට ඇති පැනයක් වී ඇත්තේ ඇෂන් එළියයි. එසේත් නැතිනම් ග්‍රහයාගේ අඳුරු පසින් දිස්වන දුබල ආලෝකයයි. මෙය මුල්වරට නිරීක්ෂණය කළේ 1643 දීය. සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිසා මෙම ‍එළිය ඇති වන බවටත් ඉතා දීප්තිමත් අඩ සඳ හැඩැති වස්තුවක් දෙස බැලීමේ දී ඇතිවන භෞතික බලපෑම් ‍හේතුවෙන් දක්නට ලැබෙන දෘෂ්ටි මායාවක් ලෙසටත් මත දෙකක් පවති. Galileo (ගැලීලියෝ ගැලිලි) විසින් සිකුරු ග්‍රහයා සූර්යයාගේ වටා ගමන් කරන බව ඔප්පු කළේය. හින්දුවරුන්ගේ ජ්‍යොතිෂ්‍යයේදී සිකුරු, ශුල්ක්‍රා ග්‍රහයා ලෙසත්, බටහිර පුද්ගලයින් “Wondering Star” ලෙසත් අතීතයේදී සිකුරු ග්‍රහයා හැදින්වීය. අතීතයේ “Morning Star” හා “Evening Star” ලෙස තාරකා දෙකක් වශයෙන් සිකුරු සලකා ඇත. නමුත් ඔවුන් එකම ග්‍රහලෝකය වෙනස් ආකාරයෙන් දකිනා බව නොදැන සිටියේය. මෙය තනි වස්තුවක් බව “පයිතගරස්” පළමුවෙන් හදුනාගත්තේය. ගැලීලියෝ විසින් 17 වැනි සියවසේ සිකුරුගේ චලනයන් නිරීක්ෂණයෙන්, එය සඳ මෙන් පෘතුවිය වටා නොයන බව සොයා ගත්තේය. ඒ සමගම සූර්යා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වේ යන සංකල්පය ඉදිරිපත් වීය. Johann Schroter 1970දී සිකුරුගේ වායුගෝලයක් ඇති බව නිරීක්ෂණය කළේය. සිකුරුගේ සූර්යයාට විවෘත ප්‍රදේශයේ 1800C ක උණුසුමක් ඇතිබවත්, සිකුරුගේ අඳුරු ප්‍රදේශක් නිරීක්ෂණයෙන් තහවුරු විය. මෙම වායුගෝලයක් තිබීම නිසා භ්‍රමණ කාලය නිගමනය කිරීම් අපහසු විය. Glovenni Cossin හා Johann Schroter පැය 24 ක භ්‍රමණ කාලයක් ඇති බවට නිගමනය කළත් එය නිවැරදි නොවීය.

භූමිය පදනම් කරගෙන සිදු වූ පරීක්ෂණ

UV,රේඩාර් හා දුරේක්ෂයන්ගේ දියුණුවත් සමග 20 සියවසේදී සිකුරු ගැන වඩා නිවැරදි දත්ත ලැබෙන්නට විය. UV නිරීක්ෂණයන්හිදි, JR කිරණයන්ට හසු නොවූ දත්ත හමුවිය. Frank. E. Rose ට අනුව ඊට හේතුව සිකුරුගේ වලාකුළුය. සිකුරුගෙන් 90% ක් ඇත්තේ ඝන පෘෂ්ඨයකි. සිකුරුගේ භ්‍රමණ කාලය ඩොප්ලර් න්‍යායයේ ආලෝක පරාවර්තන් ආශ්‍රයෙන් හඳුනාගැනීමට උත්සහ කළද එය අසාර්ථක විය. Vestor Slipher විසින් මෙම පරීක්ෂණය කළ අතර ප්‍රතිඵල රහිත වීමට හේතුව සිකුරුගේ භ්‍රමණ කාලය විශාල වීම බව ඔහු නිගමනය කළේය. 1950 දී සිකුරුගේ භ්‍රමණය ප්‍රතිගාමී (Retrograde) බව සොයාගන්නා ලදී. රේඩාර් භාවිතයේදී නව අගයන්ට ආසන්න භ්‍රමණ කාලයක් වාර්තා විය. 1970 රේඩාර් මගින් කළ පරීක්ෂණ වලදී “Arecibo Observetory” සිට සිකුරුගේ අති පරාවර්තිත ප්‍රදේශයන්ට හා කිරණ පතනය කර තොරතුරු රාශියක් සොයා ගන්නා ලදී. මෙහිදී භූමියේ ස්වභාවයන පිලිබඳව ලද තොරතුරු ප්‍රධාන වේ. මෙහිදී “Moxwell montes” ලෙස නම් කළ කඳු පන්තියක් හමුවිය. පෘථිවියේ සිට ගත් හොඳම රේඩාර් ඡායාරූපය කි. මී. 50 ක පමණ පරාසයක විහිදේ.

සිකුරු ග්‍රහයාගේ බාහිර ස්වභාවය[සංස්කරණය]

සිකුරු යනු භූමියක් සහිත ග්‍රහයෙකි. සෞරග්‍රහ මණ්ඩලයට පෘථිවියද ඇතුළුව මෙවන් ග්‍රහලෝක 4 ක් ඇත. අනෙක් ග්‍රහලෝක වායුන්ගේ එකතුවකි. සිකුරු පෘථිවියට ඉතා සමානය. එහි විෂ්කම්භය පෘථිවියට වඩා කි. මී. 650 ක් අඩු වේ. ස්කන්ධය පෘථිවියේ ස්කන්ධයෙන් 81.5% ක් වේ. එනමුත් සිකුරුගේ අභ්‍යන්තර තත්ත්වයන් පෘථිවියට වඩා වෙනස්ය. එහි වායුගෝලයෙන් 96.5% කාබන්ඩයොක්සයිඩ් ද, 3.5% ක් නයිට්‍රජන් ද තිබේ. පෘථිවියේ හා සිකුරුගේ බාහිර සමානතාවය අනුව, අභ්‍යන්තර භූමියද පෘථිවියේ අභ්යන්තර භූමියට බොහෝ දුරට සමාන බව නිගමනය කල හැකිය. එබැවින් සිකුරුගේ අභ්‍යන්තර හරය (Core) ද්‍රවමය යැයි ද උපකල්පනය කළ හැකිය. පෘථිවියේ මෙන් භූතලයේ කම්පන සිකුරුගේ නැත. එහි භූමිය වියළි හා වැස්මක් සහිත වේ. මේ නිසා එහි උෂ්ණත්වය පහළ අගයකින් යුක්ත වන අතර, ධ්‍රැවයන්හි චුම්භක ක්‍රියාවලියට මෙම සීත පරිසරය පිටුවහල් වේ.

සිකුරු ග්‍රහයාගේ භ්‍රමණය හා කක්ෂීය චලිතය[සංස්කරණය]

සිකුරු ග්‍රහයා හා සුර්යයා අතර මධ්‍යන දුර 1.4  109 km. ග්‍රහයාගේ මධ්‍යන කක්ෂිය වේගය 9.69 km/s පමණ වේ. ග්‍රහයා සුර්යයා වටා එක් සම්පුර්ණ භ්‍රමණයක් යාමට අවුරැදු 29 ½ පමණ ගතවේ. ග්‍රහයාගේ ඉලිප්සීය කක්ෂය පෘථිවියෙහි කක්ෂිය තලයට 2.480 සාපේක්ෂව ඇත. 0.056 එකෙන්ද්‍රතාවයක් නිසා සිකුරු හා සුර්යයා අතර දුර සුර්යා සම්පකය හා සුර්ය දුරකය අතර 155 000 000 km. පමණ වෙනස් වේ.

සිකුරු ග්‍රහයා මත පිහිටි දෘශ්‍ය ලක්ෂණාවල භ්‍රමණ සීඝ්‍රතා අක්ෂාංශ මත බලාන අතර විවිධ කලාපවට බහු ගුණ භ්‍රමණ කාල පරිච්ඡේද සොයා ඇත. "සිස්ටම්" නැමිත කලාපයේ කාල පරිච්ඡේ‍දය පැය 10 විනාඩි 14 තප්පර 00 වන අතර "සිස්ටම්" හි කාල පරිච්ඡේදව පැය 10 විනාඩි 39 තත්පර 24 වේ. "සිස්ටම්" හි භ්‍රමණය කාල පරිච්ඡේදය පැය 10 විනාඩි 39 තත්පර 22.4 වේ.

ග්‍රහයාගේ අභ්‍යන්තරයෙහි භ්‍රමණ කාල පරිච්ඡේදය සොයා ගෙන නැත, 2004, සිකුරු ග්‍රහයාගේ රේඩියෝ භ්‍රමණ කාල පරිච්‍ඡේදය සැලකිය යුතු අගයතකින් වැඩිවී තිබු බව "කැසිනි" අභ්‍යවකාශ යානය මගින් පොළි විය.

රේඩියෝ විමෝචනය වල භ්‍රමණය ග්‍රහයාගේ භ්‍රමණයට අමතරව තවත් සාධකයක් මත පරායන්ත බව හෙළි විය. එනම්, කන්වේෂන් ප්ලාස්මා ඩිස්ක් යන සාධකයයි. මෙය ග්‍රහයාගේ පරිභ්‍රමණයට අමතකරව තවත් සාධක මත රදා පවතී. " එන්සෙලාසිස්" යන සිකුරැ ග්‍රහයාගේ චන්ද්‍රිකාව මගින් පිටවන ජල වාෂ්ප හේතු කෙනාට ගෙන සිකුරු ග්‍රහයාගේ චුම්භක ක්ෂේත්‍රයට බලපැම් ඇති කරන බවත්, එමගින් රේඩියෝ විමෝචන මගින් පරිභ්‍රමණය කාලයන් වල මිනුම් වෙන් වීමට තිබිය හැකි එක් හේතුවක් ලෙසට සිද්ධාන්තයක් ඉදිරිපත් කෙරිණි.

"කැසිණි", "වොයේජර්" හා "පගනියර්" ඒෂණ මගින් 2007 හි හෙළි කරන ලද දත්ත වලට අනුව සිකුරු ග්‍රහයාගේ පරිභ්‍රමණය කාලය පැය 10 මිනිත්තු 32 තප්පර 35ලෙස සැප්තැම්බර් 2007 හි සටහන් කර ඇත.


සිකුරු ග්‍රහයාගේ කක්ෂය සහ භ්‍රමණය[සංස්කරණය]

සිකුරු ග්‍රහයාගේ සිට සූර්යයාට ඇති දුර කිලෝමීටර මිලියන 108 ක් පමණ වන අතර සෑම දින 224.65 කට වරක් ම එය තම කක්ෂය සම්පූර්ණ‍ කරයි. සෑම ග්‍රහ කක්ෂයක්ම ඉලිප්සාකාර වුවත් සිකුරුගේ කක්ෂය ආසන්න ලෙස වෘත්තාකාර වීම විශේෂිතය. එහි විකේන්ද්‍රීතාවය 0.01 කටත් අඩුය. අධර හමුවීම (Inferior conjunction) ලෙස හැඳින‍්වෙන සූර්යයා සහ පෘථිවිය අතර සිකුරු ග්‍රහයාගේ පිහිටීම පෘථිවියට ග්‍රහ‍ලෝකයක් දක්වන ආසන්නතම පිහිටීමයි. එවිට පෘථීවිය හා සිකුරු ග්‍රහයා අතර දුර කිලෝමීටර මිලියන 40 ක් පමණවේ. සෑම දින 584 කට වරක්ම සිකුරු ග්‍රහයා මෙම අධර හමුවීමට පැමිණේ.

සිකුරු ග්‍රහයා සෑම දින 243 කට වරක් ම භ්‍රමණය වන අතර එය ප්‍රධාන ග්‍රහ ලෝකයක ඇති අඩුම භ්‍රමණ වේගයයි. කෙසේ නමුත් සිකුරුගේ සූර්ය දිනය මීට වඩා කෙටි වන අතර එක් සූර්ය උදාවක සිට අනෙකට ඇති කාලය දින 116.5 කි. සූර්යයා බටහිරින් නැග නැගෙනහිරින් බැස යන අයුරක් දිස්වේ.

සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨය එහි සමකයේ දී භ්‍රමණය වන්නේ පැයට කිලෝමීටර් 6.5 ක වේගයකින් වන අතර සමකයේ දී පෘථිවියේ භ්‍රමණ වේගය පැ.කි.මී. 1600 ක් වේ.

සූර්යයාගේ උතුරු ධ්‍රැවයේ සිට බලන කල බොහෝ ග්‍රහ ලෝක කක්ෂගත වන්නේ ඔර්ලෝසු කටුව කැ‍රකෙන දිශාවට ප්‍රතිවිරුද්ධවය (වාමාවර්ත). නමුත් සිකුරු ග්‍රහයා කක්ෂගත වන්නේ ඔරලෝසු කටුව කැරකෙන දිශාවටය (දක්ෂිනාවර්ත). සිකුරු ග්‍රහයාගේ අඩු භ්‍රමණ වේගය හා ප්‍රතිවිරුද්ධ දිශාවට කක්ෂගත වීම විද්‍යාඥයින්ට කුතුහලය ගෙන දුන් කාරණාවක් විය. සිකුරු ග්‍රහයා බිහි වූ මුල් කාලයේ දී එයට වැඩි භ්‍රමණ වේගයක් සහ අනෙක් ග්‍රහලෝක වල දිශාවට කක්ෂගත වීමක් තිබෙන්නට ඇති නමුත් වසර බිලියන ගණනාවක් තිස්සේ එහි ඇති ඝන වායු‍ගෝලයට ඇති වූ වඩදිය බලපෑම නිසා මෙලෙස අඩු භ්‍රමණ වේගයක් හිමිවන්නට ඇති බව ගණනය කිරිම් ඇසුරින් විද්‍යාඥ‍යෝ පෙන්වා දුන්හ.

සිකුරු ග්‍රහයාට තවමත් චන්ද්‍රයකු නොමැති නමුත් 2002 VE 68 නැමැති ග්‍රහකය එයට අර්ධ කක්ෂිය සබඳතාවයක් දක්වයි. වසර බිලියන ගණනකට පෙර ඇති වූ විශාල ගට්ටනයකින් එක් චන්ද්‍රයකුවත් සිකුරු සතුව සිටින්නට ඇති බවත් තවත් ගට්ටනයක් නිසා ග්‍රහයාගේ භ්‍රමණ දිශාව වෙනස්වන්නට ඇති බවත් ඇතැමුන්ගේ විශ්වාසයයි. භ්‍රමණ දිශාවේ වෙනස නිසා සිකුරුගේ චන්ද්‍රයා දඟකාරව සිකුරු වෙත ඇදී ගොස් එය සමඟ හා වෙන්නට ඇති බව ද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.


භෞතික ගති ලක්ෂණ[සංස්කරණය]

සිකුරු යනු සෞරග්‍රහ මණ්ඩලයේ භෞමික ග්‍රහලෝක හතරෙන් එකක් වන අතර එහි තේරුම වන්නේ එය පාෂාණමය වස්තුවක් වන බවයි. විශාලත්වයෙන් හා ස්කන්ධයෙන් පෘථිවියට ඉතා සමාන අතර එබැවින් පෘථිවියේ නිවුන් සහෝදරයා ලෙස හැඳින්වේ. සිකුරුගේ විශ්කම්භය 650 km පමණක් වන අතර එය පෘථිවියේ අගයට වඩා අඩුය. එහි ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් 81.5 % වේ. කෙසේ නමුත් පෘථීවි මතුපිට තත්වයෙන් සිකුරු මතුපිට සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඒ එහි ඝනකම් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලය නිසාය. සිකුරු වායු ගෝලයේ 96.5% ක් කාබන් ඩයොක්සයිඩ් වලින් සමන්විතවන අතර ඉතිරියෙන් වැඩි ප්‍රමාණයක් නයිට්‍රජන්වලින් සමන්විතය.

අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව තොරතුරු පවතින්නේ ඉතා අල්පයක් වුවත් පෘථිවියේ හා සිකුරුගේ ප්‍රමාණයන් සමාන වීම නිසා ඇඟවෙන්නේ එයට සමාන අභ්‍යන්තර ව්‍යුහයක් ද ඇති බවයි. ඊට හරයක් ප්‍රාවරණයක් හා කබොල්ලක් අයත්වන අතර පෘථිවියේ මෙන්ම සිකුරුගේ හරය ද අවම වශයෙන් බාගිකව හෝ ද්‍රව වේ. සිකුරුගේ මදක් ප්‍රමාණයෙන් කුඩාවීම මගින් ඇඟවෙන්නේ ගැඹුරු අභ්‍යන්තරයේ පීඩනයන් සැලකිය යුතු ලෙස පෘථිවියට වඩා අඩු බවයි. ග්‍රහලෝක දෙක අතර ප්‍රධාන වෙනස වන්නේ සිකුරු සතු භූ විෂමතාවයක් නොමැතිවීමයි. එයට හේතුව ලෙස පෙනෙන්නේ වියළි මතුපිට හා ප්‍රාවරණයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රහලෝකයෙන් උෂ්ණත්වය පිටවීම අවම වන අතර එනිසා එය සිසිල් වීම වැළකෙන අතර අභ්‍යන්තරව ජනනය වූ චුම්භක ක්ෂේත්‍රයක් නොමැතිවීමට ද හේතුවක් සපයයි.

චුම්භක ක්ෂේත්‍රය හා හරය[සංස්කරණය]

වර්ෂ 1980 දී Pioneer සිකුරු කාක්ෂිකය සිකුරුගේ චුම්භක ක්ෂේත්‍රය පෘථිවියට වඩාකුඩා හා දුර්වල වන බව සොයා ගන්නා ලදී. (ග්‍රහලෝකයට ආසන්නය) එවැනි කුඩා චුම්භක ක්ෂේත්‍රයක් ඇති වීම ප්‍රේරණය වන්නේ අයණ ගෝලය හා සුර්යය සුළං අතර අන්තර් ක්‍රියාවකිනි. නමුත් පෘතුවි චුම්භක ක්ෂේත්‍රය ප්‍රේරණය වී ඇත්තේ හරයේ අභ්‍යන්තර ගතිකයන්ගෙනි. සිකුරුගේ චුම්භක ගෝලය වායුගෝලයේ කොස්මික් විකිරණවලින් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නැත.

සිකුරුගේ මෙම නිසඟ චුම්භක ක්ෂේත්‍රයක් විශ්මය ජනක වන්නේ එය පෘතුවියට වඩා කුඩා ග්‍රහලෝකයක් වන බැවිනි. එමෙන්ම එහි හරයේ උත්පාදකයක් ද අන්තර්ගත බව තව දුරටත් කියවේ. උත්පාදකයකට කරුණු තුනක් අවශ්‍යය. එනම් සන්නායක ද්‍රව්‍යයක්, භ්‍රමණයක් හා සංවහනයකි. හරය විද්‍යුත් වශයෙන් සන්නායක බව උපකල්පනය කෙරෙයි. කෙසේ නමුත් එහි භ්‍රමණය ඉතා සෙමින් සිදුවන බව උපකල්පනය කෙරේ.නමුත් සමාකරණයන් පෙන්වන පරිදි එය උත්පාදකයක් සම්පාදනයට, අනුවර්තනය වී ඇත. මෙයින් ඇඟවෙන්නේ උත්පාදකය නොමැතිවීමට හේතුව සිකුරුගේ හරයේ සංවහනයන්හි හිඟය බවයි. පෘතුවියේදී සංවහනයන් ඇතිවන්නේ හරයේ පිටත ද්විස්ථරයේය. ඊට හේතුව ද්විස්ථරයේ පතුල මතුපිටට වඩා උෂ්ණාධිකවීමයි. තාපය මුදාහැරීමට හැකි භූ විෂමතාවයන් සිකුරු සතු නොවන නිසා එයට ඝන අභ්‍යන්තර හරයක් නොමැති විය හැකිය. එසේ නැතහොත් එහි හරය වර්තමානයේ සිසිල් නොවීම නිසා හරයේ සමස්ථ ද්විකොටස දළ වශයෙන් එකම උෂ්ණත්වයක පවතිනවා විය හැකිය. වෙනත් හේතුවක් නම් එහි හරය මේ වන විටත් සම්පුර්ණ නොවීමය.

වායු ගෝලය[සංස්කරණය]

සිකුරු වායුගෝලය ඉතා ඝනව පිහිටා ඇත. එය ප්‍රධාන වශයෙන් කාබන්ඩයොක්සයිට් සහ නයිට්‍රජන් සුළු ප්‍රමාණයකින් සමන්විතය. වායු ගෝලීය ස්කන්ධය පෘථිවි වායුගෝලීය ස්කන්ධය මෙන් 93 න් ගුණයක් වේ. මතුපිට පීඩනය පෘථිවි මතුපිට මෙන් 92 ගුණයකි. එය පෘථිවියේ 1km ක සාගර ගැඹුරක පීඩනයට සමාන වේ. මතුපිට ඝනත්වය 65 kg/m3 (එයින් 6.5% ක් ජලය වේ) සෞරග්‍රහ මණ්ඩලය තුළ ප්‍රබලතම හරිතාගාර ආචරණය ජනනය කරන්නේ SO2 ඝන වාලාකුළු සහ CO2 වලින් පොහොසත් සිකුරු වායු ගෝලයයි. එහිදි මතුපිට උෂ්ණත්වය 4600C කි. මේ අනුව -2200C අවම උෂ්ණත්වයක් හා 4200C උපරිම උෂ්ණත්වයක් ඇති බුධගේ මතුපිට උෂ්ණත්වයට වඩා සිකුරු මතුපිට උෂ්ණත්වය ඉහළවෙයි. එසේ වුවත් සිකුරු හිරුගේ සිට බුධ මෙන් දෙගුණයක දුරින් පිහිටා ඇති අතර බුධගේ සුර්ය ප්‍රතිකිරණය මෙන් 25% ක් පමණ ලබාගනී. සිකුරුගේ තෙතමනයක් නොමැති බැවින් මතුපිට සාපේක්ෂ ආර්ද්‍රතාව නොගැනිය හැකිතරම්ය. (1% කට වඩා අඩුවේ) ඒනිසා උෂ්ණත්ව දර්ශකය 4500C සිට 4800C දක්වා වේ.

පාරජම්බුල නිරීක්ෂණ මගින් සොයාගත් සිකුරු වායුගෝලයේ වළාකුළු ව්‍යුහය

අධ්‍යයන මගින් පෙන්වා දෙන පරිදි වසර බිලියන ගණනකට පෙර සිකුරු වායුගෝලය අදට වඩා පෘථිවි වායු ගෝලයට සමාන විය. එමෙන්ම ඇතැම් විට සැළකිය යුතු ප්‍රමාණයක ද්‍රව ජලයද මතුපිට පැවති බව සැලකේ. එහෙත් ඉහළ නගින හරිතාගාර ආචරණය එම ජලප්‍රභවයන් වාෂ්පකර දමන්නට ඇතැයි සැලකේ. එමගින් වායු ගෝලයේ හරිතාගාර වායුවල විශේෂ මට්ටමක් ජනනය කෙරිණි. තාප ආවස්ථිතිය සහ සුළං මගින් තාප සංක්‍රමණය සිකුරු පහළ වායුගෝලයේ දක්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ සිකුරු මතු පිට දිවා හා රාත්‍රිකාල වලදී සැලකිය යුතු ලෙස විචල්‍යයන් ඇති නොවන බවයි. ඒ ග්‍රහලෝකය ඉතා සෙමෙන් භ්‍රමණය වීමත්, මතුපිට සුළං පැයට කිලෝමීටර් කිහිපයක මද වේගයක් සහිත වීමත්, මතුපිට වායුගෝලයේ ඉහළ ඝනත්වයත් වැනි සාධක නිසා ඒවා ප්‍රතිරෝධයන්ට එරෙහිව සැලකිය යුතු බලයක් ඇති කරයි. එමෙන්ම දූවිලි හා කුඩා ගල් කැබලි පරිවහණය කරයි. උෂ්ණත්වය ප්‍රශ්නයක් නොවුනත් එහි මතුපිට මිනිසෙකුට ඇවිදිය හැකිද යන්න ගැටළු සහගතය. ඝන CO2ස්ථරයට ඉහළින් SO2 හා H2SO4 වලින් සමන්විත ඝන වළාකුළු දැකගත හැකිය. ඒවා හිරු එළියෙන් 60% ක් පරාවර්තනය කරන අතර සිකුරු මතුපිට දෘෂ්‍ය ආලෝකයේ සෘජු නිරීක්ෂණයට ලක්වීම වළක්වයි. සිකුරු පෘථිවියට වඩා හිරුට සමීප වුවත් මෙම ස්ථිර වළාකුළු ආවරණය නිසා අව් රශ්මිය හොඳින් නොලැබේ. වායුගෝලයේ CO2 මගින් ඇති කරන හරිතාගාර ආචරණයන් නොමැති විට සිකුරු මතුපිට උෂ්ණත්වය පෘථිවියට බොහෝ සමාන වනු ඇත. ග්‍රහලෝකයේ වාළාකුළු මුදුන් චක්‍රයේ 300 km/h ප්‍රබල සුළං පෘථිවි දින 4 කට 5 කට වරක් ඇති වේ.

2007 Venus Express ඒෂනිය ග්‍රහලෝකයේ දක්ෂිණත් ධ්‍රැවයේ විශාල ද්විත්ව වායුගෝලීය සුළි සුළං පවතිනු නිරීක්ෂණය කෙරිණි.

සිකුරුගේ පාෂ්ඨික විද්‍යාව[සංස්කරණය]

සිතුරැ ග්‍රහ පෘෂ්ඨය වෙත ගොස් දත්ත රැගෙන නැවත පැමිණිය හැකි ලෙස අධි පීඩනයට ඔරොත්තු දිය හැකි අන්දමින් වෙරො 7 යානය ගොඩ නැගුණි. සිකුරැ ග්‍රහයා තුලට ඇතුළු වීමට පෙර එය සීත කෙරැණු අතර විනාඩි 35 ක් තුල යානාව ගොඩ බැස්විය හැකි වීමට ‍විශේෂ පැරෂුටයක් ද එහි සවිකරන ලදි. 1970 දෙසැම්බර් 15 දින වායුගෝලයට ඇතුලු වුනු වෙනෙරා යානයේ පුරෂුටය එය ගොඩබසින අවස්ථාවේ දී ඉරී ගිය අතර බරපතල නොවූ නමුත් ඉතා තදින් යානාව සිතුරැ ග්‍රහයාගේ පෘෂ්ඨය මත ගැටුනි. යානාව පසෙකට ඇලවුනු අතර, එමගින් මිනිත්තු 23 ක් යනතුරැ උෂ්ණත්වය දත්ත සපයා දුනි. වෙනත් ග්‍රහ පෘෂ්ඨයයක සිට ටෙලිමෙට්රි දත්ත ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. වෙනෙරා වැඩසටහන දිගටම ක්‍රියාත්මක වුයේය වෙනෙරා 8 යානාව මගින් සිතුරැ ග්‍රහ පෘඨෂයේ සිට මිනිත්තු 50 ක් දත්ත සැපයු අතර වෙනෙරා 9 සහ වෙනෙරා 10 යානාවෙන් සිකුරැගේ භූ පිහිටීම පිළිබද පුථම ඡායාරැපය ලබා දුනි.


පයනියර් නමැති සිකුරු වටා කක්ෂගතවන යානාව[සංස්කරණය]

මේ අතර තුරේ ඇමරිකාව විසින් මැරිනර් 10 යානාව බුධ ග්‍රහයා වෙත දියත් කළ අතර ඒ ගමන් මග අතරතුරේදී සිකුරැ ග්‍රහයාට කිලෝමීටර් 5790 ක් ආසන්නයෙන් ගමන්කරමින් එහි ඡායාරෑප 4000 කට වඩා වැඩි ගණනක් ලබා ගැනීමට සමත් විය.

සාමාන්‍ය ආලෝකයේ දී ග්‍රහ ලෝකයේ කිසිම ලක්ෂණයක් එම ඡායාරෑප තුලින් හදුනාගැනීමට නොහැකි වූ වත් පාරජමුබුල ආලෝකය මගින් පෙර පෘථිවියේ සිට කල නිරීක්ෂණ කිසිවකින් නොදුටු වලාකුළු පිළිබද විස්තර සොයාගත හැකි විය.

ඇමරිකානු පයනියර් සිකුරැ ව්‍යපෘතියේ මෙහෙවර 2 ක් විය. සිකුරැ කක්ෂගාමියා 1978 දෙසැම්බර් 4 වන දින සිකුරැගේ ඉලිප්සාකාර කක්ෂිය තුලට ඇතුළු කරන ලදි. එමගින් අවුරැදු 13 ක් පුරාවට රොඩාර් මගින් සිකුරැගේ වායුගෝලය අධ්‍යයනය කිරිමට සහ පෘෂ්ඨය සිතියම් ගත කිරිමට අවශ්‍ය දත්ත සැපයුවේය. පයනියර් සිකුරැ බහු යානාව මගින් යානා 5 ක් සිකුරැගේ වායුගෝලය වෙත ඇතුලු කරන ලද අතර එමගින් එහි සංයුතිය, සුළං සහ උෂ්ණත්වය පිළිබද තොරතුරැ ලබා ගත හැකි විය.

ඊළග වසර 4 ඇතුලත තවත් වෙනෙරා යානාවන් 4 දියත් කෙරැණි. වෙනෙරා 11 සහ 12 මගින් සිකුරැගේ විදුලි කුණාටු ද ‍ වෙනෙ‍රා 13 සහ 14 යානා මගින් එහි පෘෂ්ඨයේ ප්‍රථම වර්ණ ඡායාරැපච ලබා දුනි. 1983 ඔක්තෝබර් මාසයේ දී වෙනෙරා වැඩසටහන නිම වුයේ සිකු‍රැගේ සිතියම් කිරිම සදහා එහි කක්ෂිය වෙත වෙනෙරා 15 සහ 16 දියත් කිරිමෙන් අනතරැවය. අභ්‍යන්තර සෞරග්‍රහ පද්ධතිය තුලින් ගමන් ගත් යානාවක් මගින් එකවර සිකුරැ ග්‍රහයා සහ හැලී වල්ගා තරැව අධ්‍යයනය කිරිමට 1985 දී සෝවියට් දේශය විසින් උත්සාහ ගත්තේය. එහිදී සිකුරැ ග්‍රහයාගේ වායුගෝලය පෙර සිතා සිටියාට වඩා කැලඹිමකින් යුක්ත බව සොයා ගැනුනි.

සිකුරු පිළිබද සිදුකළ පරීක්ෂණ[සංස්කරණය]

Venero 7 යනු සෝවියට් දේශය මගින් යවනු ලැබූ සිකුරු මතුපිට සිට දත්ත නිකුත් කිරීමට නිපදවූ යානයකි. Venero වැඩසටහන යනු සම්පුර්ණයෙන්ම සෝවියට් දේශය මගින් දියත් කරනු ලැබූ වැඩ සටහනකි .Venero මෙයට බාර් 180 ක පීඩනයක් දරාගත හැකිය. සිකුරුට ඇතුළු වීමට පෙර සීත කල මෙම යානය පැරෂුට් (Perochute) මගින් 1970 දෙසැම්බර් 5 සිකුරු මතට ගොඩබෑහ. නමුත් මෙම ගොඩබෑම ඉතා සාර්ථක නොවීය. යානාව බිදී නොගියත් ඉතා තද වැටීමකට ලක් වූ බව විශ්වාස කරයි. විනාඩි 23 ක් පෘෂ්ඨයේ උෂ්ණත්වය ගැන දුර්වල සංඥා දුන් යානය විනාශ විය. Venera 8 යානය සිකුරු මත සිට විනාඩි 50 ක කාලයක් පුරා දත්ත සම්ප්‍රේෂණය (transmit) කළේය. Venera 9 හා Venera 10 යවන ලද්දේ ඉන්පසුවයි. Venera 10 පළමු වරට ඡායාරූපය සම්ප්‍රේෂණය කළේය. Venera 9 ආනත බෑවුමක්ද Venere 10 “Baselt” (ගිනිකදු පාෂාණ) වැනි ගලකද පතනය විය. ගුරුත්ව ක්ෂේත්‍ර පිළිබද පරීක්ෂණය කිරීමට ඇමෙරිකාව යැවූ Marinor 10 යානය 1974 පෙබරවාරි 5 දින සිකුරු පසුකර බුධ දෙසට ගමන් කළේය. එහිදී සිකුරු ග්‍රහයාගේ සිට කි. මී. 5790 ක් දුරින් පිහිටි යානය ඡායාරූප 4000 කට වැඩි ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කරනු ලැබිණි. UV උපයෝගී කරගත් විට පෘථිවියේ සිට නිරීක්ෂණය කළ නොහැකි වලාකුළු පවා හමුවිය. අමෙරිකාවේ Pioneer Venus ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් 82 ක් සිදු විය. Pioneer Venus Orbiter හි ප්‍රථම මෙහෙයුම වූයේ සිකුරු වටා යානයක් කක්ෂගත කිරීමයි. 1978 දෙසැම්බර් 4 කක්ෂගත කළ යානය වසර 13 කට වැඩි කාලයක් සිකුරු මතුපිට රැදෙමින් රේඩාර් මගින් පරීක්ෂා කළේය. Pioneer Venus Multiprobe යටතේ නිරීක්ෂණ යානා 5 ක් 1978 දෙසැම්බර් 5 සිදු කළ අතර, මෙහිදී සිකුරුගේ සුලභ හා උණුසුම් වායු ප්‍රවාහ නිරීක්ෂණයට ලක් කලේය. ඊලග වසරේ Venera 11 – 14 ලෙස යානා 4 ක් ගොඩබෑවේය. Venera 11 හා 12 මගින් විදුලි කුණාටු (Thunder Storm) නිරීක්ෂණය කරන ලදී. Venera 13 හා 14, 1982 මාර්තු 1 හා 5 දිනයන්ගේ පිළිවෙලින් ගොඩ බෑවේය. මෙම යානා ප්‍රථම වර්ණ ඡායාරූපය සම්ප්‍රේෂණය කළේය. මේ සෑම යානාවක්ම සිකුරු මතුපිට පෘෂ්ඨයේ සිට කි. මී. 50 ක් ඉහළ සිට පැරෂුට් ආධාරයෙන් ගොඩබානා ලදී. පහල වායුගෝලයේ ඝනත්වය නිසා ගොඩබෑම නිවැරදිව විය. Venera 13 හා 14 “X raya Flourescence” වර්ණාවලි මානයක් (Spectrorreter) උපයෝගී කරගෙන පරීක්ෂා කළේය. Venera 15 හා 16 යානා සිකුරු පෘෂ්ඨය “Synthetic aperture redar” භාවිතයෙන් නිරීක්ෂණය කළේය. එම යානා 2 සමග Venera ව්‍යාපෘතිය අවසන් විය. රුසියාව 1985 දී සිකුරු හා හේලී ධූමකේතුව නිරීක්ෂණයට ව්‍යාපෘතියක් ඇරඹීය. ධූමකේතුව නිරීක්ෂණයට පෙර Vega ව්‍යාපෘතියට අයත් යානා 2 ක් සිකුරු මතට නිරීක්ෂණ යානා යැවීම සිදු කළේය. Vega 1 යානයෙන් මෙම ක්‍රියාව සාර්ථකව සිදු නොවීය. බැලුන ආධාරයෙන් චලනය වූ මෙම නිරීක්ෂණ යානා ගුවන්ගත විය. මෙම බැලුන සිකුරු මතුපිට සිට කි. මී. 53ක් ඉහළ ලක්ෂයකට පැමිණියේය. මෙම ලක්ෂයේ පීඩනය පෘථිවි පීඩනයට සමාන විය. පැය 46 ක් වූ සම්ප්‍රේෂිත දත්ත වලින් සිකුරු මතුපිට තද සුළං හා ප්‍රබල සංවහන ධාරා (Convection Cell) ඇති බව සොයා ගැනුනි.

සිකුරු පිළිබඳ අධ්‍යයනයන්[සංස්කරණය]

අතීත අධ්‍යයනයන්[සංස්කරණය]

Galileo (ගැලීලියෝ ගැලිලි) විසින් සිකුරු ග්‍රහයා සූර්යයාගේ වටා ගමන් කරන බව ඔප්පු කළේය. හින්දුවරුන්ගේ ජ්‍යොතිෂ්‍යයේදී සිකුරු, ශුල්ක්‍රා ග්‍රහයා ලෙසත්, බටහිර පුද්ගලයින් “Wondering Star” ලෙසත් අතීතයේදී සිකුරු ග්‍රහයා හැදින්වීය. අතීතයේ “Morning Star” හා “Evening Star” ලෙස තාරකා දෙකක් වශයෙන් සිකුරු සලකා ඇත. නමුත් ඔවුන් එකම ග්‍රහලෝකය වෙනස් ආකාරයෙන් දකිනා බව නොදැන සිටියේය. මෙය තනි වස්තුවක් බව “පයිතගරස්” පළමුවෙන් හදුනාගත්තේය. ගැලීලියෝ විසින් 17 වැනි සියවසේ සිකුරුගේ චලනයන් නිරීක්ෂණයෙන්, එය සඳ මෙන් පෘතුවිය වටා නොයන බව සොයා ගත්තේය. ඒ සමගම සූර්යා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වේ යන සංකල්පය ඉදිරිපත් වීය. Johann Schroter 1970දී සිකුරුගේ වායුගෝලයක් ඇති බව නිරීක්ෂණය කළේය. සිකුරුගේ සූර්යයාට විවෘත ප්‍රදේශයේ 1800C ක උණුසුමක් ඇතිබවත්, සිකුරුගේ අඳුරු ප්‍රදේශක් නිරීක්ෂණයෙන් තහවුරු විය. මෙම වායුගෝලයක් තිබීම නිසා භ්‍රමණ කාලය නිගමනය කිරීම් අපහසු විය. Glovenni Cossin හා Johann Schroter පැය 24 ක භ්‍රමණ කාලයක් ඇති බවට නිගමනය කළත් එය නිවැරදි නොවීය.

භූමිය පදනම් කරගෙන සිදු වූ පරීක්ෂණ

UV,රේඩාර් හා දුරේක්ෂයන්ගේ දියුණුවත් සමග 20 සියවසේදී සිකුරු ගැන වඩා නිවැරදි දත්ත ලැබෙන්නට විය. UV නිරීක්ෂණයන්හිදි, JR කිරණයන්ට හසු නොවූ දත්ත හමුවිය. Frank. E. Rose ට අනුව ඊට හේතුව සිකුරුගේ වලාකුළුය. සිකුරුගෙන් 90% ක් ඇත්තේ ඝන පෘෂ්ඨයකි. සිකුරුගේ භ්‍රමණ කාලය ඩොප්ලර් න්‍යායයේ ආලෝක පරාවර්තන් ආශ්‍රයෙන් හඳුනාගැනීමට උත්සහ කළද එය අසාර්ථක විය. Vestor Slipher විසින් මෙම පරීක්ෂණය කළ අතර ප්‍රතිඵල රහිත වීමට හේතුව සිකුරුගේ භ්‍රමණ කාලය විශාල වීම බව ඔහු නිගමනය කළේය. 1950 දී සිකුරුගේ භ්‍රමණය ප්‍රතිගාමී (Retrograde) බව සොයාගන්නා ලදී. රේඩාර් භාවිතයේදී නව අගයන්ට ආසන්න භ්‍රමණ කාලයක් වාර්තා විය. 1970 රේඩාර් මගින් කළ පරීක්ෂණ වලදී “Arecibo Observetory” සිට සිකුරුගේ අති පරාවර්තිත ප්‍රදේශයන්ට හා කිරණ පතනය කර තොරතුරු රාශියක් සොයා ගන්නා ලදී. මෙහිදී භූමියේ ස්වභාවයන පිලිබඳව ලද තොරතුරු ප්‍රධාන වේ. මෙහිදී “Moxwell montes” ලෙස නම් කළ කඳු පන්තියක් හමුවිය. පෘථිවියේ සිට ගත් හොඳම රේඩාර් ඡායාරූපය කි. මී. 50 ක පමණ පරාසයක විහිදේ.

රොබෝ අභ්‍යවකාශ මෙහෙයුම - සිකුරු ග්‍රහයා පිළිබඳ අතීත උත්සාහයන්[සංස්කරණය]

Mariner 2, දියත් කිරීම,1962

1961 පෙබරවාරි 12 ආරම්භවුණු Venera – 1 ඒෂණීය දියත් කිරීමත් සමග සිකුරුට මෙන්ම ඕනෑම ග්‍රහලොවකට දියත් කෙරුණු පළමු රොබෝ අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ විය. මේ හැරුණු කොට ඉතා සාර්ථක වු වේනිරා වැඩ සටහනේ පළමු අභ්‍යවකාශ යානය මෙයයි. Venera – 1 සෘජු ගැටුම් පාරචක්‍රයක දියත් කෙරුණත් මෙහෙයුම් දින 7 ක් ඇතුළත පෘතුවියට කිලෝමීටර් මිලියන 2 ක දුරකදී සම්බන්ධතා ඇන හිටිණි. මධ්‍යන්‍යයේදී සිකුරුට 100000 km ක් පමණ ආසන්න වන තුරු ගමන් කරන්නට ඇතැයි සැලකෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද සිකුරු ගවේෂණ Meriner – 1 ඒෂණීය දියත් කිරීමත් සමග අසාර්ථකව කටයුතු ආරම්භ කෙරුණි. 1962 දෙසැම්බර් 14 දින දින 109 ක කාක්ෂික සම්ප්‍රේෂණයකට පසුව ඊළඟ මැරීනර් 2 මෙහෙයුම අතිශය සාර්ථක විය. ඒ ලොව පළමු සාර්ථක අන්තර් ග්‍රහලෝක මෙහෙයුම බවට පත්වෙමිනි.එය සිකුරු මතුපිට 34833 km දුරක් ඉහළින් පියාසර කරන්නට ඇතැයි සැලකේ. ශුද්ධ තරංඟ හා අධෝරක්ත රේඩියෝමාපක හෙලිකළ අන්දමට සිකුරුගේ වළාකුළු මුදුන් සිසිල් වුවත් අවම වශයෙන් 4250C වත් උෂ්ණත්වයක් මතුපිට පවතියි. ඒ අනුව භූමි පාදක ජීවයකට ග්‍රහලෝකය වාසස්ථාන සපයනු ඇතැයි පැවති බලාපොරොත්තුද බොද විය. සිකුරු ස්කන්ධය හා ගගනගාමී ඒකක පිළිබද වැඩි දියුණු දත්ත Meriner – 2 ලබාගත්ත ද විකිරණ වළලු හෝ චුම්භක ක්ෂේත්‍රයක් සොයා ගැනීමට අපොහොසත් විය.

සිකුරු - වායුගෝලයට ඇතුල්වීම[සංස්කරණය]

පයිනීයර් වීනස් අභ්‍යවකාශ යානය

Venera – 3 1966 මාර්තු 1 දින සිකුරු මත ගොඩ බස්වන ලදී. එය මිනිසා විසින් නිපද වු වෙනත් අභ්‍යවකාශ යානයක් ග්‍රහලෝකයක වායුගෝලයට ඇතුල් වී මතු පිට ගැටුණු ප්‍රථම අවස්ථාව විය. එසේ වුවත් එහි සන්නිවේදන පද්ධතිය ග්‍රහලෝකය පිළිබද කිසිදු තොරතුරක් ලබාදීමට පෙර ඇන හිට ඇත. 1967 ඔක්තෝබර් 18 දින Venera – 4 වායුගෝලයට සාර්ථකව ඇතුල් වී විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක යෙදී ඇත.පසුව මිනිසුන් රහිත යානය දෙවනවරට සිකුරු තුළට ඇතුල් විය. Venera – 4 මතුපිට උෂ්ණත්වය Mariner – 2 මගින් ගණනය කළ 50000C ට වඩා අධික උෂ්ණාත්වයක් බව පෙන්වා දුනි.එමෙන්ම වායු ගෝලයේ 90% - 95% දක්වා කාබන්ඩයොක්සයිට් පවතින බවද පෙන්වා දුනි. සිකුරු වායුගෝලයේ ඝණත්වය Venera – 4 සම්පාදකයන් අපෝහනය කළ ප්‍රමාණයට වඩා අධික විය. එබැවින් පැරෂුට අවරෝහණය අපේක්ෂිත මට්ටමට වඩා හෙමින් සිදු වු අතර මතුපිටට ලඟා වීමට පෙර කෝෂ විසර්ජනය විය. අවරෝහණයේදී විනාඩි 93 ක දත්ත ලබාගැනීමෙන් පසු Venera – 4 අවසාන පීඩන කියවීම 24.96 km උසකදී බාර් 18 ක් විය.


1968 ඔක්තෝබර් 19 දින තවත් යානයක් සිකුරු තුළට ඇතුල් වුයේ Mariner – 5 වළාකුළු මුදුන් වලට 4000 km දුරකින් පියාසර කිරීමත් සමගය. Mariner – 5 විශේෂයෙන් නිර්මාණය කළේ අඟහරු හා සම්බන්ධ Mariner – 4 හි අනුරුවක් ලෙසය. නමුත් මෙහෙයුම සාර්ථක වු විට යානය සිකුරු මෙහෙයුම් සදහා යලි එකලස් කරන ලදී. එහිදී Mariner – 2 ට වඩා සංවේදී උපකරණ කට්ටලයක් යොදා ගත් අතර රේඩියෝ අන්තර්දාන පරීක්ෂණවලින් සිකුරු වායුගෝලයේ පීඩනය ඝනත්වය හා සංඝටක පිළිබද දත්ත ලබාදෙන ලදී. Venera – 4 හා Mariner – 5 දත්ත එකමුතු වෙන් සෝවියට් ඇමෙරිකානු සුසංයෝගී කණ්ඩායමක් විශ්ලේෂණය කොට ඊළඟ අවුරුද්දේ දී අභ්‍යාවකාශ සහයෝගීතාවයට නිදසුන් ලබාදුනි.

Venera – 4 න් ලබාගත් පාඩම් හා දත්තවලින් සන්නද්ධව සෝවියට් සමුහාණ්ඩුව Venera – 5 හා Venera – 6 යන නිවුන් යානා ද්විත්වය 1969 ජනවාරි මාසයේ පස් දින මෙහෙයුමකට යොදවන ලදී. ඒවා සිකුරු කරා ලඟා වුයේ එම වසරේ මැයි 16 හා මැයි 17 දිනයන්වලදීය. වායුගෝල 25 ක පීඩනයක් දරා සීටිමට හැකි පරිදි ඒවායේ කබොල්ල සවිගන්වා තිබුණි. එමෙන්ම වේගවත් අවරෝහණයක් ලබා ගැනීමට කුඩා පැරෂුට සවිකොට තිබුණි. එතැන් සිට වර්තමානය දක්වා සිකුරුගේ වායුගෝල ආකෘති වායුගෝල 75 හා 100 අතර මතුපිට පීඩනයක් අපේක්ෂා කළ අතර මතුපිට දී ඉතිරිවීමට කිසිවිටකත් බලාපොරොත්තු නොවීය. මිනිත්තු 50 කට වඩා වායු ගෝල දත්ත ලබාගැනීමෙන් පසු කිලෝමීටර් 20 ක් පමණ උන්නතාංශයකදී සිකුරුගේ රාත්‍රී ප්‍රදේශයේ මතුපිටට ලඟා වීමට පෙර යානා ද්විත්වයම විනාශ විය.

"http://si.wikipedia.org/w/index.php?title=සිකුරු_ග්‍රහයා&oldid=319163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි