සාරා ඛාන් (රූපවාහිනී නිළිය)

විකිපීඩියා වෙතින්
සාරා ඛාන්
උපත1991/1992 (age 32–33)[1]
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2007 – වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේසප්නා බාබුල් කා...බිදායි
රාම් මිලායි ජෝඩි
සසුරාල් සිමර් කා
කවච්...කාලි ශක්තියොන් සේ
කලත්‍රයා(යන්)අලි මර්චන්ට් (2010-2011)

සාරා ඛාන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිරූපණ ශිල්පිනියක සහ නිළියකි.‍ 2007දී ඇය භෝපාල් රූ රැජින ලෙසින් කිරුළු පැළඳියා ය. ඇය දූර්දර්ශන් මධ්‍ය ප්‍රදේශ් සහ ඊටීවී යන නාළිකාවල වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස කටයුතු කොට තිබේ.[2] ඇය රූපවාහිනී රංගන ක්ෂේත්‍රය වෙත පිවිසියේ ස්ටාර් ප්ලස් නාළිකාවේ වැඩසටහනක් වූ සප්නා බාබුල් කා...බිදායි නම් රූපවාහිනී කතාමාලාව තුළිනි. මෙහි ඇය විසින් සධානා නම් චරිතය නිරූපණය කරන ලදී.[4] 2008දී ඛාන් සහ අංගද් ‍යන නළු නිළි දෙපළ ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ වඩාත් ජනප්‍රියම යුවළ සඳහා වූ සම්මානයට නිර්දේශ වූහ.[2][5] ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ M3 - Midsummer Midnight Mumbai චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 2014 මැයි 16 දින ප්‍රදර්ශනය ඇරඹිණි.[6] සාරා පාකිස්ථාන රූපවාහිනී කතාමාලාවක් වන යේ කේසි මොහබ්බත් හේ කතාමාලාවේ ද චරිත නිරූපණය කරමින් සිටින්නී ය.[7] මීට අමතරව 2016දී ඇය කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ කවච්...කාලි ශක්තියොන් සේ මිතයාමය රූපවාහිනී කතාමාලාව සමග සම්බන්ධ වූවා ය. මෙහි දී ඇය විසින් මංජුලිකා නැමැති සරාගී පිශාචිනියගේ චරිතය නිරූපණය කරන ලදී.[8]

සාරා ඛාන් සිය රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට අතර Dark Rainbow (2013), තුජ් සේ හී රාබ්තා (2015) සහ හමාරි ආධුරි කහානි (2015) වැනි චිත්‍රපට ප්‍රධාන වේ. මීට අමතරව ඇය බිග් බොස් 4, වෙල්කම් - බාසි මෙහ්මාව්-නවාසි කි, BIG Fame Star, නාච් බලියේ 6, බොක්ස් ක්‍රිකට් ලීගය, Comedy Classes සහ කොමඩි නයිට්ස් බචාඕ වැනි රියැලිටි වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇත.

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය වැඩසටහනේ තේමාව නාළිකාව චරිතය සටහන්
2007-2010 සප්නා බාබුල් කා‍‍‍...බිදායි ස්ටාර් ප්ලස් සධානා ආලේඛ් රාජ්වංශ් පළමු වැඩසටහන
2010 බාට් හමාරි පක්කි හේ සෝනි ටීවී නර්තන දායකත්වය; පසුබිම් නිරූපණය
2010-2012 රාම් මිලායි ජෝඩි සී ටීවී මෝනා අනුකල්ප් ගාන්ධි/ මෝනා ආදිත්‍ය ගාන්ධි
2012 V The Serial චැනල් වී සාරා ඛාන්
2012 පුනර් විවාහ් සී ටීවී මෝනා (රාම් මිලායි ජෝඩි වෙතින්) සී ටීවී 20වන වර්ෂ සංවත්සරයේ පසුබිම් නිරූපණය
2013 සප්නේ සුහානේ ලඩක්පාන් කේ සී ටීවී රාචනාගේ විවාහ ගිවිස ගැනීමේ කතාංගයේ කරන්වීර් බෝහ්රා සමගින් නර්තන දායකත්වය
2013 ප්‍යාර් තුනේ ක්‍යා කියා සිං ෂාමෝනා කථාංගීය චරිතය
2013 ජුනූන් - ඒසි නෆ්රත් තෝ කේසා ඉෂ්ක් ලයිෆ් ඕකේ ශාලු පාණ්ඩේ
2014 Encounter සෝනි ටීවී අයේෂා රාසා[9] කථාංගීය චරිතය
2014-2015 සසුරාල් සිමර් කා කලර්ස් ටීවී මායා ඉච්ඡාධාරී නාගිනිය
2015 ශාස්ත්‍රි සිස්ටර්ස් කලර්ස් ටීවී මායා හෝලි වෙනුවෙන් SSK ඒකාබද්ධ කථාංගයක
2015 භාග්‍යලක්ෂ්මි ඇන්ඩ් ටීවී පවිත්‍රා ප්‍රජාපති/ පවිත්‍රා වරුන් ශුක්ලා
2015 කාල ටීකා සහ සරෝජිනී සී ටීවී කාල ටීකා සහ සරෝජිනී හරස්මාරු කථාංගවල නර්තන දායකත්වය
2015 තුජ්සේ හේ රාබ්තා ජියෝ ටීවී ඕනුම් පාකිස්ථාන ටෙලිචිත්‍රපටය
2016 සෞභාග්‍යලක්ෂ්මී ඇන්ඩ් ටීවී කුහූ උපාධ්‍යායි/ කුහූ සම්භව් බිර්ලා භාග්‍යලක්ෂ්මීහි පවිත්‍රාගේ දියණියයි.
2016 සන්තෝෂි මා ඇන්ඩ්ටීවී අංජු ධෛර්යාගේ මිතුරිය; පසුබිම් චරිතයකි.
2016 අක්බර් බිර්බාල් බිග් මැජික් ශෛලා බානෝ
2016 වෝ තේරි භාභි හේ පග්ලේ සබ් ටීවී නෝටි නාගිනිය ඉච්ඡාධාරි නාගිනියකි.
2016 කවච්...කාලි ශක්තියොන් සේ කලර්ස් ටීවී මංජුලිකා පිශාචිනියකි. මහේක් චාහල් විස්ථාපනය කරමින් රංගනයෙහි යෙ‍දුණා ය.
2016 - 2017 බේ ඛුඩි ARY Digital ෆීසා ආරම්භක පාකිස්ථාන මාලා නාට්‍යය
2017 දිල් බෝලේ ඔබරෝයි ස්ටාර් ප්ලස් මෝහිනී මානසිකව අසංතුලිත ගුවන් සේවිකාව; පසුබිම් රංගනයකි.
2017 ලේකින් ඒ-ප්ලස් ටීවී 2වන පාකිස්ථාන මාලා නාට්‍යය
2017-වර්තමානය ජානා නා දිල් සේ දූර් ස්ටාර් ප්ලස් කන්ගනා

රියැලිටි වැඩසටහන්[සංස්කරණය]

වර්ෂය වැඩසටහනේ නම නාළිකාව සටහන්
2008 අමුල් ස්ටාර් වොයිස් ඔෆ් ඉන්ඩියා ස්ටාර් ප්ලස් බිදායි කතාමාලාව ප්‍රවර්ධනය කරමින්
2008 නාච් බලියේ 4 ස්ටාර් ප්ලස් 5වන සතියේ නිවේදිකාව
2009 හන්ස් බලියේ ස්ටාර් වන් අලි මර්චන්ට් සමග සහභාගීත්වය
2009 10 ‍කා ඩුම් සෝනි ටීවී රතන් රාජ්පුත්, රාගිනී ඛන්නා සහ ටීනා දත්තා සමග තරගකාරිණියක ලෙස
2010 බිග් බොස් 4 කලර්ස් ටීවී තරගකාරිණියක ලෙස සති 10ක
2013 වෙල්කම් - බාසි මෙහ්මාව්-නවාසි කි ලයිෆ් ඕකේ සහභාගීත්වය
2013 BIG Fame Star බිග් මැජික් නිවේදිකාවක
2013 නාච් බලියේ 6 ස්ටාර් ප්ලස් පරස් ඡබ්‍රා සමග එක් කථාංගයක
2014 බොක්ස් ක්‍රිකට් ලීගය සෝනි ටීවී ක්‍රීඩිකාවක ලෙස සහභාගීත්වය
2015 Comedy Classes ලයිෆ් ඕකේ සධානා
බිදායි විශේෂ කථාංගයේ කථාංගීය චරිතය
2015 කිලර් කරාඕකේ - ආත්කා තෝ ලත්කා ඇන්ඩ්ටීවී සහභාගීත්වය
2015 කොමඩි නයිට්ස් බචාඕ කලර්ස් ටීවී රොස්ටර්
අදා ඛාන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී
2016 Comedy Classes ලයිෆ් ඕකේ ජනරජ දිනය 2016 විශේෂ කථාංගයේ අදා ඛාන් සමග නර්තන දායකත්වය
2016–වර්තමානය බොක්ස් ක්‍රිකට් ලීගය - වාරය 2 කරල්ස් ටීවී ක්‍රීඩිකා
2016 කොමඩි නයිට්ස් බචාඕ කලර්ස් ටීවී BCL 2 ප්‍රවර්ධනය කරමින් විශේෂ නිරූපණය

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2013 Dark Rainbow රූහි ප්‍රධාන චරිතය (කෙසේනමුත් චිත්‍රපටය මෙතෙක් මුදාහැර නොමැත)
2014 M3 - Midsummer Midnight Mumbai සප්නා[6] ප්‍රධාන චරිතය
2015 තුජ් සේ හී රාබ්තා අනුම් ප්‍රධාන චරිතය
2015 හමාරි ආධුරි කහානි[10] නේලා සහායක චරිතය

සම්මාන[සංස්කරණය]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

සාරා ඛාන් ඇගේ උපන්දින සාදයේ දී

සාරා ඛාන් යනු සුන්නි මුස්ලිම්වරියකි.[12] 2010දී බිග් බොස් 4 වැඩසටහනේ දී ඇය රූපවාහිනී නළුවකු වන අලි මර්චන්ට් සමග විවාහ වූයේ ඉස්ලාමික විවාහ මංගල්‍යයක් අනුගමනය කරමිනි. මර්චන්ට් ෂියා මුස්ලිම් භක්තිකයකු විය. 2011දී එනම්, මාස දෙකකට පසු ඇය ඔහුගෙන් දික්කසාද වූවා ය.[13] යුවළගේ සමීප මිතුරන් පැවසූයේ විවාහ වීම වෙනුවෙන් මෙම යුවළ වෙත ඉන්දියානු රුපියල් මිලියන 5ක (ඇ.ඩො. 78,000) මුදලක් ගෙවන ලද බවයි. නමුත් ඔවුන්ගේ විවාහය වෙනුවෙන් එවැනි මුදලක් ගෙවන ලද බව ප්‍රතික්ෂේප කරන කලර්ස් නාළිකාව එය ඔවුන්ගේ පෞද්ගලික අපේක්ෂාවක් බව ප්‍රකාශ කර සිටියේ ය.[14] දික්කසාදයෙන් පසු ඇය පැවසූයේ මෙම විවාහය බියකරු සිහිනයක් බවයි.[15] සච් කා සාම්නා නැමැති රියැලිටි වැඩසටහනේ එක් අවස්ථාවක දී මර්චන්ට් පැවසූයේ තමන් විවාහ වූයේ ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා බවත්, ඛාන් විවාහ කරගැනීම සිය දිවියේ සිදු වූ විශාලතම අතපසුවීම බවත් ය.[16]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Our hearts are already married to each other: Paras Chhabra". Timesofindia.indiatimes.com. 2013-01-25. සම්ප්‍රවේශය 2017-03-05.
  2. 2.0 2.1 2.2 "What makes Bidaai so popular". Rediff. 13 May 2008. සම්ප්‍රවේශය 20 July 2014.
  3. Behl, Tushar (30 September 2007). "I want to be like Kareena:Sara Khan". The Times of India. සම්ප්‍රවේශය 18 July 2014.
  4. Bansal, Neelam (8 July 2009). "I want to play Amitabh's daughter: Sarah". The Times of India. සම්ප්‍රවේශය 18 July 2014.
  5. "Not looking for a career in Bollywood: Sara Khan". The Indian Express. New Delhi. 27 December 2014. සම්ප්‍රවේශය 22 July 2014.
  6. 6.0 6.1 "Sara Khan to debut with 'M3' in Bollywood". Aninews.in. 2014-05-16. සම්ප්‍රවේශය 2014-07-12.
  7. "Sara Khan to become the first TV actress to do a daily soap in Pakistan". Timesofindia.indiatimes.com. 2016-07-27. සම්ප්‍රවේශය 2017-03-05.
  8. "Sara Khan all set to do steamy scenes with Kawach co-actor Vivek Dahiya". Timesofindia.indiatimes.com. 2016-07-22. සම්ප්‍රවේශය 2017-03-05.
  9. "Sara will play a Muslim girl Ayesha Raza in Encounter - The Times of India". The Times of India. 2014-04-22. සම්ප්‍රවේශය 2014-07-12.
  10. Sashidhar AS (26 December 2014). "Vidya bonds with Sara on the sets of Hamari Adhuri Kahani". The Times of India. සම්ප්‍රවේශය 25 January 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  11. "Karan Hukku, Sara Khan and Parul Chauhan are best new talents on Indian television". Indiantelevision.com. 15 June 2008. සම්ප්‍රවේශය 18 July 2014.
  12. "Sara Khan: I will not be marrying 'again'". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 2017-03-05.
  13. "The Times of India: Latest News India, World & Business News, Cricket & Sports, Bollywood". The Times Of India. 2013-10-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.
  14. "Sara Khan and Ali Merchant to get paid to marry on 'Bigg Boss'". India Today. 10 November 2010. සම්ප්‍රවේශය 20 July 2014.
  15. Kadam, Prachi (16 February 2011). "My marriage turned into a nightmare: Sara Khan". Daily News and Analysis. සම්ප්‍රවේශය 20 July 2014.
  16. Marwah, Navdeep Kaur (16 March 2012). "I married only for publicity: Ali Merchant". Hindustan Times. සම්ප්‍රවේශය 20 July 2014.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Nach Baliye 6