සාම්ප්‍රදායික සිංහල අහාර

විකිපීඩියා වෙතින්
ගොනුව:සම්ප්‍රදායික අහාර.jpg වර්තමානයේ වස විස අඩංගු අහාර භාවිතය බහුල වීම තුල නොයෙක් ලෙඩරෝග පිළිකා මෙන්ම අයුකාලයද අඩුවෙමින් පවතී මෙහිදී දේශීය අහාර භාවිතයේ වැදගත්කම ඉස්මතුවෙමින් පවතී, නව පරම්පරාව මේ පිළිබද දැනුවත් කිරීම උදෙසා මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
පොත පත පරිහරණයෙන් හෝ ඔබගේ දැනුමෙන් මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමෙන් සහ සංශෝධනයෙන් හෝ කරුණාකර දායකවන්න.

සාම්ප්‍රදායික ආහාර[සංස්කරණය]

ගොනුව:අහාර පිසීම .jpg

 සම්ප්‍රදායික අහාරයන්හි පසුබිම[සංස්කරණය]

ආහාර මිනිසාගේ දිවි පැවැත්මට උපකාරී වන මුලික අවශ්‍යතාවලින් ප්‍රධාන එකකි අහාර වර්ග රටක දේශගුණය ,ආර්ථිකය සුලබතාවය,රුචිකත්වයක් ඉසුලුවද විද්‍යාත්මකව එම ආහාරවල ගුණ ඖන නිර්ණය කල හැකිය .හෙළ අයුරුවේදයද අපේ අහාර පිළිබද ගැබුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.අයුරුවේදය යනු "ආයුෂ" පිළිබද උගත් සාස්ත්‍රය යනුයි.අයුරුවේදයේ මුලික සිද්දාන්ත අතර "පංච භූත සංකල්පය" සහ "ත්‍රිදෝෂ වාදය" ප්‍රදාන තැනක් ගනී .

අහාර පිළිබද ආයුරුවේද මත[සංස්කරණය]

අහාර පිළිබද අයුරුවේධයේ දැක්වෙන තොරතුරු වලට අනුව අහාර වලින් අපට පහත සදහන් ප්‍රයෝජන ලැබේ

  1. ආයු
  2. වර්ණ
  3. සුබ
  4. බල
  5. බුද්ධි
  6. තුෂ්ටි
  7. පුෂ්ටි
  8. අඩිපතිනා(නොහොත් ඌර්ජා)

බත් වර්ග[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිළිගැන්වේ. කිරිබත් නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්, මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව අච්චාරු,චට්නි හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ගවලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි.

කුළුබඩු[සංස්කරණය]

ගොනුව:Kulubadu.jpg

ශ්‍රී ලාංකිකයෝ ආහාර පිළියෙල කිරීම ේදී නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නො ගනිති. මේ නිසා ආහාර වර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කළ වෙනස් වේ.ආහාර පිළියෙල කිරීමේදී ශ්‍රී ලාංකිකයන් මිරිස්, කරදමුංගු, දුරු, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු යොදා ගන්නා බැවින් ඒවා දකුණු ඉන්දියානු ආහාරවලට බොහෝ සමානකමක් දක්වයි. මීට අමතරව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදා ගනී. නමුත් ශ්‍රී ලාංකික ආහාරවලට ඒවාට ම ආවේණික වූ විශේෂ රසයක් ඇත.

දකුණු ඉන්දියානු ආහාරවලට වඩා ශ්‍රී ලංකාවේ ආහාරවල කුළු බඩු රසය ඉහළ අගයක් ගනී. එලෙස ම වැඩි ප්‍රමාණයක් මිරිස් භාවිතා කරමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේදී ශ්‍රී ලාංකිකයන් අමු මිරිස්,කොච්චි මිරිස් හා මාළු මිරිස් ලෙස විවිධ ප්‍රභේදවල මිරිස් වර්ග නො මසුරුව භාවිතා කිරීම නිසාය. උපතින්ම කුළු බඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකියාව තිබුන ද සංචාරකයින්ට එම හැකියාව නැත. ඔවුන් නිතර ම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී යොදා ගන්නා කුළු බඩු ප්‍රමාණය ඉතාමත් ම වැඩි බවය.මෙහි ප්‍රථිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල්වල කුළු බඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නා ආහාර සංචාරකයින්ට පිළිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන්ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැක. තවද ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් නිවසේ දී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථාවල ආහාර පිසීමේ දී යොදා ගනිති.

කුළුබඩු වර්ග[සංස්කරණය]

සුදුරු, මාදුරු, කොත්තමල්ලි, ගොරකා, ඉගුරු පියලි, මිරිස්, ගම්මිරිස්, උළුහාල්, සුදු ළුෑණු, රතු ළුෑණු,පෙරුම්කායම්, කුරුදු, කරාබු නැටි, එනසාල්, කරපිංචා, සේර, සාදික්කා, වසාවාසි, දෙහි, බිලිං, සියඹලා, අබ, පිලිස්සූ පොල්, කොත්තමල්ලි කොළ, මුරුංගා පොතු, අඹරාගත් සහල්, කංසා, විනාකිරි, කහ, කළු දුරු, අඹරා ගත් පොල්(මුලාශ්‍ර -අයුරුවේද දෙපාර්තුමේන්තුව.)

ආප්ප[සංස්කරණය]

සහල් පිටි වලින් සාදන රසවත් ආහාරයකි.

පොල් සම්බෝල[සංස්කරණය]

පොල් සම්බෝල, බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, උම්බලකඩ හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රණය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.

පලා සම්බෝල[සංස්කරණය]

ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "පලා සම්බෝල" ද එකතු කර ගනිති. පලා සම්බෝල සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ, සිහින්ව ගා ගත් පොල් හා රතු ළූණු සමඟ මිශ්‍ර කිරීමෙනි.

මැල්ලුම්[සංස්කරණය]

ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති.

පොල් කිරි[සංස්කරණය]

ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට බහුලව භාවිතා වේ.

දේශීය අහාර කල්තබා ගැනීම[සංස්කරණය]

බත්[සංස්කරණය]

කැකුළු සහලින් පිසින ලද බත් කල් තබා ගැනීම සඳහා ගෙවිලිය භාවිත කළ තාක්‌ෂණය සරල වූවා සේ ම දියුණු ක්‍රමවේදයක්‌ ද විය. මෙහි දී භාවිත කළ ප්‍රධාන මෙවලම කොළපත විය. කොළපත යනු පුවක්‌ ගසේ අත්ත වියළී වැටෙන විට අත්ත සමග ගැලවී හැළෙන ගසට සම්බන්ධ වූ කොටසකි. කොළපත හොඳින් පිරිසිදු කර පළමුවෙන් ම කළ කාර්යය වූයේ ලුණු වතුර ඉසීම ය. ලුණු වතුර ඉසින ලද කොළපතට බත් බෙදා නැවතත් ලුණු වතුර යෙදීමෙන් පසු කොළපත හොඳින් ගැටගසා ගනු ලබයි. මෙසේ කොළපතේ ඔතා ගැටගසා ගත් බත්, වේල් 5ක්‌ පමණ නරක්‌ නො වී තබා ගැනීමට හැකි විය. 

වරකා[සංස්කරණය]

ගොනුව:කොස්.jpg

හොඳින් පැසී ඉදුණු වරකා ගෙඩි ඒ අයුරින් ම කල්තබා ගැනීම හෙළ ෙවිලියට හැකියාව තිබිණි. හොඳින් පැසී ගසේ ඉදුණු වරකා ගෙඩියක්‌ කඹයක්‌ ආධාරයෙන් බිමට බා ගැනීම පළමුව සිදු කෙරෙයි. හුඹස්‌ මැටි ප්‍රමාණවත් ලෙස ගෙන ගොරකා ගම්මිරිස්‌ තැම්බූ ජලයෙන් පදමට හුඹස්‌ මැටි අනාගනී. මෙසේ පදමට අනාගත් හුඹස්‌ මැටි වරකා ගෙඩියේ පිටත මෙන්ම නැට්‌ටේ ද තවරනු ලබයි. මෙසේ මැටි තවරාගත් වරකා ගෙඩිය ශක්‌තිමත් ලණුවක්‌ ආධාරයෙන් නැට්‌ටෙන් දුම් රස්‌නය තරමක්‌ වැදෙන ලෙස කුස්‌සියේ දුමේ එල්ලා තැබීමෙන් මාස 3ක්‌ පමණ ගත වූ පසුත් අලුත් වරකා ගෙඩියක්‌ මෙන් රසයේ හා ගුණයේ වෙනසක්‌ නො වී ආහාරයට ගැනීමට පුළුවන. වරකා මදුළු වශයෙන් ද කල් තබා ගැනීමේ ක්‍රමවේද ගෙවිලිය මැනවින් දැන සිටියා ය. වරකා මදුළු වශයෙන් කල් තබා ගැනීමේ දී පළමුව වරකා මදුළු මී පැණිවල දමා බෝතල්වල අසුරා ඇත. මී පැණි නොමැතිනම් සීනි උණු කර සාදාගත් පැණිවල දැමීමෙන් වරකා බොහෝ කල් තබා ගෙන ඇත. 

වැලි කොස්‌ ඇට හා අටු කොස්‌ ඇට[සංස්කරණය]

පැසුණු කොස්‌ ගෙඩියක ඇට ඉවත් කර තෙතමනය නො රැඳෙන සේ වියළා ගනී. විශාල මැටි භාජනයක්‌ ගෙන එයට වියළි වැලි තට්‌ටුවක්‌ දමා ඉන්පසු පැසුණු පොත්ත සමග තුවාල නො වූ කොස්‌ ඇට දමා නැවතත් ඊට උඩින් වැලි තට්‌ටුවක්‌ දැමීම සිදු කරයි. හොඳින් තද කර කොස්‌ ඇට නො පෙනෙන සේ තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙහි දී සැලකිය යුතු කරුණක්‌ වන්නේ කොස්‌ ඇට සැඟවීම සඳහා භාවිත කරන වැලි සහ මැටි භාජනය වියළි ස්‌වභාවයෙන් තිබිය යුතු වීමයි. එසේ නො වුව හොත් කොස්‌ ඇට පැළ වීම සිදු වෙයි. බොහෝ ගෙවල්වල මුළුතැන්ගෙයි ගොම මැටි පිහින ලද පොළොවේ බිත්ති දෙකක්‌ අතර මුල්ලකට වැලි කොස්‌ ඇට දැමීම සිදු කරයි. 

අටුකොස්‌ [සංස්කරණය]

කොස්‌ මදුළු කල් තබා ගැනීමේ දී අටුකොස්‌ මදුළු ලෙස කල් තබා ගැනීම සිදු කෙරිණි. පැසුණු කොස්‌ මදුළු ගෙන එහි ඇට ඉවත් කර ගනී. ඉන්පසුව සිහින්ව ඉරා ගත් මදුළු උණු ජලයේ දමා බාගෙට තම්බා වතුර පෙරා ඉවතට ගත් කොස්‌ මදුළු තද අව්වේ දින තුනක්‌ වියළා ගනියි. මෙසේ හොඳින් වියළාගත් කොස්‌ මදුළු පිරිසිදු වියළි භාජනයකට දමා වාතය ඇතුළු නො වන ලෙස හෙවනේ හුළං නො වදින ලෙස අසුරා තබාගනී. 

මඤ්ඤොක්‌කා අල[සංස්කරණය]

මඤ්ඤොක්‌කා අල කපා අව්වේ වියළා මැටි වළංවල ඇසිරීම ද කල්තබා ගැනීම සඳහා භාවිත කළ ක්‍රමවේදයකි.