සාකච්ඡාව:සිරි ගුනසිංහ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිරි ගුණසිංහ පිටුව සිරි ගුනසිංහ නමැති පිටුව වෙත ගෙන යෑම පිළිබඳ[සංස්කරණය]

1) ලිපියට විෂය වන පුද්ගලයා මුද්‍රිත කෘති ද ඇතුළු ව සියලු තන්හි සිය නම සිරි ගුනසිංහ වශයෙන් සඳහන් කිරීම 2) ලිපියට විෂය වන පුද්ගලයා පිළිබඳ අන් පාර්ශ්වයන් විසින් පළ කරනු ලැබ ඇති සියලු ම අධිකාරසම්පන්න ලේඛන තුළ(මෑත දී රුහුණ විශ්ව විද්‍යාලය පළ කළ සිරි ගුනසිංහ උපහාර ලිපි සරණිය ද ඇතුළුව) ඔහු සිරි ගුනසිංහ නමින් හඳුන්වා තිබීම යන හේතු නිසා මේ පිළිබඳ දැනට ප්‍රකාශිත දැනුම් සම්භාරය සහ අන්තර්ජාලගත තොරතුරු සමග අර්ථාන්විත ව සම්බන්ධ වනු පිණිසත්, සෙවුම් යන්ත්‍ර ආදියෙන් ඒ පිළිබඳ සොයන අයට පහසුවෙන් සොයාගත හැකි වනු පිණිසත් ලිපියේ නම සිරි ගුනසිංහ බවට පත් කිරීම වඩා යෝග්‍ය බැවින් නව පිටවක් වෙත ගෙන යන ලදි. පිටුව තුළ නම සඳහන් කිරීමේ දීත් ඔබ මොබ ගෙන යාම පිළිබඳ නැවත සලකා බලන්නේ නම් එවිටත් මේ සාධකය සැලකිල්ලට භාජනය කරන මෙන් විකිපීඩියානුවන්ගෙන් ඉල්ලා සිටිමි. --Anandawardhana (talk) 07:32, 15 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සිරි_ගුනසිංහ&oldid=151061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි