සාකච්ඡාව:සාන්ත ජුසේ විදුහල, කොළඹ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ සහ සාන්ත ජුසේ විදුහල, කොළඹ නමින් මෙම විදුහල තැන් දෙකක දී නම් කීර්මට උත්සාහ පැවතී ඇත. Ruwan භාවිතා කර තිබූ නාමය නම් "සාන්ත ජුසේ විදුහල". Lee (talk) 05:27, 20 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]

@MihirNak007: ඔබ මෙම සාකච්ඡාව නොදැක්කා විය හැකිය. සාන්ත ජුසේ විදුහල, කොළඹ පිටුවේ ඉතිහාසය බැලුවේ නම්, මීට පෙර "a sri lankan person" කෙනෙක් මෙම විදුහල ඒ නමින් හැඳුන්වා ඇත. -- Lee (talk) 13:28, 22 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
මගේ හැඟීමෙහි හැටියට නිවරැදි නම "ශාන්ත ජෝසප් විදුහල" විය යුතුයි. Saint Joseph යන ශාන්තුවරයාට කැප කර ඇති දේවස්ථාන (පල්ලි) ජුසේ මුනිවරයාගේ දේවස්ථාන ලෙස නම් කලද විදුහලට ජුසේ විදුහල කීම වැරදිය. ශාන්ත පීතර විදුහල එවැනිම තවත් නිදසුනකි. එයට අපි ශුද්ධවූ පේදුරු විදුහල කියන්නේ නැත. ------Shwetha (talk) 14:07, 22 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
ඒ තර්කය නම් හරි වාගේ තමා. මෙතන විදුහල හෝ විද්‍යාලය භාවිතය සැලකීම අවශ්‍යතාවයක් තිබෙනවා ද? -- Lee (talk) 14:14, 22 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
එකම අර්ථය දෙයි. රුචිකත්වය අනුව විදුහල හෝ විද්‍යාලය හෝ භාවිතා කල හැක. විද්‍යාලය යන්නෙහි ඝාම්භීරත්වයක් හෝ ගෞරවාන්විත බවක් ඇතැයි සිතේ. --- Shwetha (talk) 14:43, 22 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
@MihirNak007 මොකද හිතන්නේ? -- Lee (talk) 02:15, 23 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
විදුහල හෝ විද්‍යාලය යන වචන දෙකෙන් බොහෝ කතෝලික පාසල් භාවිතා කරන්නෙ විද්‍යාලය යන්නයි. (තෙරුම් සමාන වූවත්) කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ සාමාජිකයෙක් ලෙස මං දැකල නෑ එහි කිසිම අවස්ථාවකදී හෝ උත්සවයකදී විදුහල ලෙස භාවිතා වෙනව. එම නිසා මෙතනට විද්‍යාලය යෙදීම appreciate. යාච්ඤා වල්දී ජුසේ මුනිතුමා ලෙසා ඇමතුවත් පාසල් නාමය ලෙස ජෝසප් යොදාගන්නා නිසා මෙය සාන්ත ජෝසප් විද්‍යාලය ලෙස භාවිතය නිවැරදි. MihirNak007 (talk) 06:28, 25 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
එකඟයි. විද්‍යාලය විදුහලට වදා නමට ගැලපෙනව. අනික පාසලේ කිසිම උත්සවයකදිවත් විදුහල කියා භාවිතා නොවේ. MihirNak007 (talk) 06:30, 25 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
ගූගල් නිවැරදිව හඳුනාගන්නේ "ශාන්ත ජෝෂප් විද්‍යාලය" යන්න. "ශාන්ත" සහ "සාන්ත" භාවිතය ගැන මොකද හිතන්නේ? -- Lee (talk) 06:49, 25 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
මෙයත් සමාන අරුත් දෙන වචනයක්. විවිද අවස්ථා වල වචන දෙකම භාවිතා වෙනව. එහෙත් පාසල් නාමයේදී සාන්ත වලට වඩා ශාන්ත යෙදීම ගැලපෙයි. MihirNak007 (talk) 17:21, 29 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
හරි. එහෙනම් අපි ඡන්දයකින් එකඟතාවය අරගමු. -- Lee (talk) 02:01, 30 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
2016 වසරේ දී Shwetha විසින් තනා ඇති ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ ලිපිය ඉහත අවශ්‍යතා සියල්ල සපුරා ඇති බව මගේ හැඟීමයි. -- Lee (talk) 11:57, 30 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]

ලිපියේ නම වෙනස් කිරීම (දෙවන වර)[සංස්කරණය]

මෙම ලිපියේ නම "සාන්ත ජුසේ විදුහල, කොළඹ" සිට "ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ" වෙතට ගෙනයාමට යෝජිතය. -- Lee (talk) 12:15, 30 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]

  1. Support Lee (talk) 12:15, 30 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]