සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ වරායන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේක වෙනස් වෙන්න ඕනැද? ශ්‍රී ලංකාවේ තොටුපලවල් කියලා. මං හරියටම දන්නේ නැ. දන්න කෙනෙක් නිවැරදි කරන්න. -- බිඟුවා සාකච්ඡාව 07:42, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

වරාය යන්න හරි. එහෙත් එහි බහුවචනය වරායයන් විය යුතුයි. තොටුපොළ කුඩායි. වරාය ලොකුයි. නැව්තොට යන්නත් වරාය වගෙයි. --ශ්වෙත (talk) 07:49, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ස්තුතියි ශ්වෙත. ඒ කියන්නේ ප්‍රමාණය අනුවද වචනය වෙනස් වෙන්නේ? මං හිතුවේ වාරයක තොටුපල්වල් කිහිපයක් තියෙන්න පුලුවන් වගේ කියලා.-- බිඟුවා සාකච්ඡාව 07:57, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
තොටුපොළ අයිනේ කවුද අතවනන්නේ කියලා සින්දු තිබුණට වරාය අයිනේ කවුද අත වනන්නේ කියලා සින්දු නැහැ. තොටුපොළ වල තොටියෝ ඉන්නවා. වරාය වල නැව් තියෙන නිසා නැවියෝ ඉන්නවා. වරායයන් වලට විශාල නැව් එනවා. තොටුපොළට තොටියො කුඩා ඔරු පාරු පදවගෙන එනවා ගඟෙන් එගොඩ මෙගොඩ මිනිසුන් රැගෙන යන්න. වරායට නැව් අදාල නිසා නැව්තොට කියල කියන්නත් පුළුවන්. නැව් තොටක් (Port) විශාලයි එහි වරාය (Harbour) කිහිපයක් තිබෙන්න පුළුවන්. ඒත් තොටුපොළ (Ferry) නම් චූටියි. ----ශ්වෙත (talk) 10:49, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]