සාකච්ඡාව:ජොර්ජ් වොෂින්ටන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සටහන අවසන ඇති උපන්යාස දෝෂය කුමක් දැයි දන්නා අයෙක් එය නිවැරදි කරන්නේ නම් ස්තූතියි. Aruni Shapiro 12:46, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)

දැන් හරි නේ? --Lee (talk) 13:03, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

හරි, ගොඩක් ස්තූතියි Aruni Shapiro 13:05, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)


මෙම ජොර්ජ් වොෂින්ටන් පිටුවේ නම 'ජොර්ජ්' නොව 'ජෝර්ජ්' කියා වෙනස් විය යුතු බව මගේ අදහසයි. එය වෙනස් කරන මෙන් ඉල්ලා සිටිමි. එසේම කිසිවෙක් වොෂිංටන් කියද්දී වොෂින්ටන් යැයි න් උච්චාරණය ඇහෙන සේ කියන්නේ ද නැත. එහෙත් එය ජොර්ජ් තරම් වැරදි සහිත නැත. --Aruni Shapiro 16:52, 20 ඔක්තෝබර් 2012 (යූටීසී)

හරි යෙදුම ජෝජ් වොෂිංටන් නෙමේද? --Lee (talk) 08:20, 22 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]

වැඩිපුර අය George නම සිංහලෙන් ලියලා තියෙන්නෙ මෙහෙම: ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්: http://si.wikipedia.org/wiki/ඇමරිකානු_එක්සත්_ජනපදය; ජෝර්ජ් බර්නාඩ් ෂෝ:http://si.wikipedia.org/wiki/ජෝර්ජ්_බර්නාඩ්_ෂෝ; හයවන ජෝර්ජ් රජ -ලංකාව: http://si.wikipedia.org/wiki/හයවන_ජෝර්ජ්_රජ_-_ලංකාව; ජෝර්ජ් බේලි: http://www.lankadeepa.lk/index.php/articles/69066; ජෝර්ජ් ස්ටුවර්ට්: http://forum.srilankaequity.com/t23160-topic; ජෝර්ජ් සේනානායක: http://cinema.lk/movie_composer/ජෝර්ජ්-සේනානායක/; ජෝර්ජ් කීට්: http://www.silumina.lk/2012/04/22/_art.asp?fn=av1204225; ----Aruni Shapiro 11:29, 22 ඔක්තෝබර් 2012 (යූටීසී)

මේ වගේ අවස්ථාවකදී අපි විකිය දිහා පමණක් බැලීම පටු යැයි මම හිතනවා. මේක විශ්වකෝෂයක් නම් භාවිතාකරන්නන් මේකට එන්නේ දන්න වචන යොදලා දැනුම ලබා ගන්න මිසක් ජීවිත කාලෙම භාවිතා කරපු වචන වෙනස් කර ගන්න නොවේ. ජන සමාජය මෙම වචනය සිංහලෙන් ලියල තියෙන්නේ ජෝර්ජ් කියලයි. අපි ඒක ජෝජ් කියල විකියේ දැම්මොත් ජෝර්ජ් හොයල මුකුත් නොලැබී පාඨකයා හැරිල යයි. එතකොට කැපූ ඉණි ගඟේ. ---ශ්වෙත (talk) 23:38, 22 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]
Washington යන වචනය සිංහලෙන් වොෂිංටන් යනුවෙනුත් වොෂින්ටන් යනුවෙනුත් ලියනවා මහජනයා. සමහරවිට යම් මුද්‍රිත මාධ්‍ය වල අකුරු පෙලෙහි වොෂිංටන් යනුවෙන් ලියන්න අපහසුතාවයක් හෝ පුද්ගලික මති මතාන්තරයක් නිසා වෙන්න ඇති. කෙසේ හෝ භාවිතයේ තියෙනවා. කොහොම ලිව්වක් වොෂි කියලා නහයෙන් න් යන්න කියලා ටන් කිව්ව නම් ශබ්ද කිරීම සුද්ද වගේ වෙනවා. වොෂින්ටන් ලියල තියෙන දිහා බලල න් යන්න දතෙන් (දන්තජ) කිව්ව නම් උච්චාරණයේ පරහක් තියෙනවා. ඒ නිසා වොෂිංටන් කියල ලියන එක වඩා ප්‍රචලිත කරන අතරතුර වොෂින්ටන් යන්නට තැනක් දෙමු. වොෂිංටන් යන්න ප්‍රධාන මාතෘකාව කරල වොෂින්ටන් යන්නෙන් යළියොමු කරමු. (මේ සාකච්ඡාවට සහභාගී වී නැති) තවත් සමහර අය කලබල වුනාට පාරිභාෂික ශබ්ද හැම එකක්ම සිංහලෙන් ඒ ශබ්දය එන විදිහට ලියන්න බැහැ. භාවිතා කරන කෙනා එය තේරුම් බේරුම් කරගෙන ශබ්ද කරන්න ඕන. බොහෝ කල් සිට ලංකාවේ බොහෝ මිනිස්සු එහෙම කරල තියෙනවා. අපි ආයෙත් ඇඟිල්ලෙන් ඇනලා කියල දෙන්න ඕන නැහැ -- ඒක අපේ භූමිකාවත් නොවෙයි. නිදසුනත් වශයෙන් Ball සහ Bowl යන වචන දෙක අපිට සිංහලෙන් ලියන්න වුනොත් (සිංහල තේරුම නොවෙයි-- ඉංග්‍රීසි වචනයම) ඒක කරන්න වෙන්නේ බෝල් කියලයි. නමුත් සන්දර්භයේ හැටියට කියවන කෙනා නියම ආකාරයට ශබ්ද කරනවා. ලියන කොට ඒක අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැ. -- ශ්වෙත (talk) 00:08, 23 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]
තව ටිකක් විශේෂිත වශයෙන් මේ ගැන කතා කෙරුවොත්, Elizabeth යන ඉංග්‍රීසි වචනය සිංහලෙන් ලියන්නේ එලිසබෙත් කියලයි. ගමේ ගොඩේ මහළු කාන්තාවකට එලිසබෙත් නෝනා යැයි නමක් තිබ්බොත් ගැමියෝ ඇය ආමන්ත්‍රණය කරයි එලිසබෙත් නෝනා හෝ අක්කා හෝ ආච්චි හෝ කියල. එලි යන්නට පසු එන ස යන්න සාමාන්‍ය විදිහට (එනම් සිංහලයේ ස යන්න ශබ්ද කරන හා දීර්ෂ නොවන අයුරින්) ශබ්ද කරයි. එංගලන්තයේ මහා රාජිණිය ගැන මෙම එලිසබෙත් යන්න භාවිතා කරන විට එනම් එලිසබෙත් රැජීණ කියන විට එලි යන්නට පසු එන ස යන්න උච්චාරණය කරන විට දිග උඩු තල්ලේ ගාවා ඉංග්‍රීසි ඉසෙඩ් අකුර ශබ්ද නගන අයුරින් උච්චාරණය කරයි. එවිට සුද්දා වගේ ශබ්ද වෙයි. මෙම රීතිය අවබෝධ කරගෙන භාවිතා කිරීමට තරම් සිංහලයෝ ඥානවන්ත වෙති. එය නැවත ඇඟිල්ලෙන් ඇන ඔවුනට පැවසිය යුතු නැත. එනම් එලිසබෙත් ලියන විට එලිසzබෙත් යයි ලිවිය යුතු නැත. මෙවන් බොහෝ භාවිත සිංහල භාෂාවෙහි ඇත්තේ පාරිභාෂික වචන උච්චාරණය කරන තන්හිදීය. මෙය අවබෝධ කර ගත යුතුයි. සිංහලයෝ සිංහලයෙන් ලියවුණු වචන ශබ්ද කරන්නේ වචනෙ ලියල තියන විදිහ බලල විතරක් නොවෙයි. ඔවුන් කුඩා කල සිට එම වචනය ශබ්ද කල අයුර හා එම වචනය ලියා ඇති අයුරු යන දෙකම භාවිතා කරලයි. වචන ලිවීම හා වචන ශබ්ද කිරීම අතර එකට එක one-to-one සම්බන්ධයක් නැහැ. කෘත්‍රිමව එවැන්නක් ඇති කල යුතුද නැහැ. --- ශ්වෙත (talk) 02:58, 23 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]