ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන්

විකිපීඩියා වෙතින්
ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන්
ප්‍රකාශකයාකැප්කොම්
බෙදා හරින්නාකෑප්කොම් යුනිටි
කාර්ය ක්‍රම සම්පාදකසිඔව් සොන්ග් හුයි
කලාකරුවන්සිඔව් සොන්ග් හුයි
ජොර්ජ් පාපාපෙට්‍රො
රචකයාලූක් එස්කුඑල්
මාලාවමෙගා මැන්
ස්ට්‍රිට් ෆය්ටර්
වේදිකාවමයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස්
නිකුත් කිරීමෙ දිනය2012 දෙසැම්බර් 17
ප්‍රභේදයඇක්ශන්,ප්ලැට්ෆොමර්
ක්‍රමයතනි පුද්ගල
බෙදා හැරීමඩිජිටල් ඩවුන්ලොඩ්

ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන්, ජපානයෙ හදුන්වන්නෙ ස්ට්‍රිට් ෆය්ටර් X රොක් මෑන් (ストリートファイター X ロックマン, Sutorīto Faitā Kurosu Rokkuman)නමින් වන අතර එය ක්‍රොසොවර් ප්ලැට්ෆොර්ම් ගනයෙ ක්‍රීඩාවකි. මෙය සිඔව් සොන්ග් හුයි නම් සින්ගපපුරු ජාතික කාර්ය ක්‍රම සම්පාදකයා විසින් විසින් නිමවා ඇත. පලමුව මෙම ක්‍රිඩාව ෆෑන් ක්‍රිඩාවක් ලෙස නිමවා අති අතර පසුව කැප්කොම් ආයතනයෙ උදව් ලබාගනිනිමින් මෙම ක්‍රිඩාව නිමවා අවසාන් කර ඇත. මෙම ක්‍රිඩාව නිදහස් බාගත කිරිමක් ලෙස 2012 දෙසම්බර් 17 වන දින නිකුත් කිරිමත් සමගම කැප්කොම්හි "මෙගා මැන්" සහ "ස්ට්‍රිට් ෆය්ටර්" අධිකාරින්හි 25 වන සOවත්සරයද සමරන ලදි. මෙම ක්‍රිඩාවෙදි පැරණි "මෙගා මැන්" ක්‍රිඩාවට "ස්ට්‍රිට් ෆය්ටර්" හි චරිත, ක්‍රිඩාවෙදි හම්වන්නාවු සතුරන් ලෙස ආදෙශ කර ඇත. මෙම ක්‍රිඩාවට හොඳ සහ නරක මිශ්‍රිත විවෙචන ලැබි ඇති අතර වඩාත්ම සුලබ විවෙචනයක් ලෙස ක්‍රිඩාවට සුරකිමෙ අන්ගයක් නොමැතිකම ගත හැක. මෙම විවෙචන/පැමිනිලි වලට ප්‍රතිචාරයක් වශයෙන් 2013 ජනවාරි 28 වන දින "ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් V2" නමින් නවිකරණයකල තවත් පිටපතක් නිකුත් කරන ලදි.මෙහිටදි පෙරකි දොශ සකසා මුර පදයක් සහිතව සුරැකිමෙ අවස්තාව ලබදි ඇත.


අන්ගෝපාන්ග සහ ක්‍රිඩා කිරිම[සංස්කරණය]


ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් ක්‍රිඩාව "මෙගාමෑන්" ක්‍රිඩාවෙ ශෛලිය අනුකරනය කරමින් නිප්දවන ලද අතර එය නින්ටෙන්ඩො එන්ටර්ටෙන්මන්ට් සිස්ටම් කෙරෙහි නිකුත් කර ඇත. මෙම ක්‍රිඩාවෙ අවයව සහ උපක්‍රම එය ක්‍රොසොවර්විඩියො ක්‍රිඩාවක් බවට පත් කිරිමට උපකරිවි ඇත. අවුරුදු ගනනක් තිස්සෙ මෙගාමෑන් රොබොවරු සමග සටන් කිරිමෙන් පසුව, දැන් පසුබටවි, නිස්කලන්කව තම 25වන සOවත්සරය බුක්තිවිදිමට සුදනම් ව් සිටි. මෙය අවසන් කිරිමට රයු සහ ඔහුගෙ සහායක සටන්කරුවන්ට එක් අවසාන් මහා සටනක් අවශ්ය්වි තිබෙ. ක්‍රිඩාකිරිමෙ ක්‍රමය සලකා බැලු කල මෙගා මැන් පෙර ක්‍රිඩාවන්හි යොදාගත් උපක්‍රමම(ලිස්සා යෑම සහ ජව පහර) භාවිතා කරයි. මෙම ක්‍රිඩාවෙදි "ස්ට්‍රිට් ෆය්ටර්" ක්‍රිඩාවෙ අභාශය ලබගනින්මින් විවිධ අදියරන්හි අවසානයෙ ප්‍රධානියා ලෙස පෙනිසිටින්නෙ බ්ලැන්කා, චුන් ලි සහ රයු වන අතර මෙගා මෑන් හි රොබොවරුන් නොවෙ. "ස්ට්‍රිට් ෆය්ටර්" චරිත ඔවුන්ගෙ අවෙනික සටන් කලවක් භාවිතා කරයි.ඊට අමතරව ඔවුන්ට අවෙනික ඔවුන්ගෙ පහර සංයුක්තයක් ගොඩනැගෙන අතර එම පහර සංයුක්තය ජවාධික පහරක් ලෙස "මෙගා මැන්" සම්පුර්ණ වු විට යොදා ගත හැක. අනිකුත් "මෙගා මැන්" ක්‍රිඩාවන්හි මෙන්ම මෙම ක්‍රිඩාවෙදිද, අදියරයන්හි ප්‍රධානීන් පරදවා ඔවුනොවුන්ට විශේෂ සහ අවෙනිකවු ආයුධ ලබා ගත හැක. උදාහරණ ලෙස රුයුගේ "හදුකෙන්" සහ චුන් ලි ගෙ "හයිකුරෙට්සු ක්යාකු" ආයුධ සැලකිය හැක. අදියරයන් 8ක් අවසානයෙ, ක්‍රිඩකයාට අවසාන් සතුරු ප්‍රධානීන් පිරිස හමුවෙ. නිශ්චිත කොන්දේසි ප්‍රමානයක් පුර්ණ කිරිමෙන් පසුව සැගවී සිටින තවත් ප්‍රධානීන් දෙදෙනෙකු හෙලිදරව් කරගත හැක.

සංවර්ධනය[සංස්කරණය]

මෙම ක්‍රිඩාව පලමුව ෆෑන් ක්‍රිඩාවක් ලෙස කැප්කොම් හි සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධන ජෙෂ්ඨ උප සභාපති ක්‍ර්ස්ටියන් ස්වෙන්සන් වෙත සසිඔව් සොන්ග් හුයි විසින් ඉවො 2012 හිදි පිරිනමන ලදි. ඉන්ප්සු ස්වෙන්සන් එය කාර්යලයෙ කිහිපදෙනෙකුට(ජෙෂ්ඨ සභාවේ කළමණාකරු ඇතුලුව)පෙන්වු අතර පසුව "කැප්කොම්" මෙම ක්‍රිඩාව තව දුරටත් සංවර්ධනය කිරිමට උදව් ලබා දිමට එකග විය. සොන්ග් හුයි ක්‍රිඩාව සංවර්ධනය කරන අතරතුර කැප්කොම් විසින් ක්‍රිඩාවට අවශ්‍ය අරමුදල්, අලෙවිකරණය සහ තත්ව සහතික කිරිම් ගැන වග බලාගන්නා ලදි. ක්‍රිඩාව ක්‍රිඩා කොන්සෝලයන්ට(gaming consoles) සංවර්ධනය කිරිමෙ බලපත්‍ර සොන්ග් හුයිට නොතිබිම නිස "කැප්කොම්" මෙම ක්‍රිඩාව පරිඝණකයට පමනක් නිකුත් කිරිමට තිරණය කරන ලදි. ස්වෙන්සන් විසින් ක්‍රිඩාව එහි ඉලක්ක දිනය වන දෙසැම්බර්17 වන දින නිකුත් කිරිමට සහ ක්‍රිඩාව නොමිලේ ලබාදිමට, පලමුව එය පරිඝනක වලට පමනක් නිකුත් කරන බව පැවසුවේය.

සොන්ග් හුයි සංවර්ධන ක්‍රියාවලිය අතරතුරදි සංකල්ප කිහිපයක් ක්‍රිඩාවෙන් ඉවත්කර ඇත. පලමුව යැන්ග් ප්‍රධානියෙක් ලෙස සැලසුම් කර තිබුනෙද පසුව ඔහුව චුන් ලි විසින් ප්‍රතිස්ථාපනය කරන ලදි. ඔහුගෙ විශෙෂිත අවිය ක්‍රිඩාවෙ දකින්නට ලැබෙන්නෙ වංචා කේත(cheat codes) යොදා ගතහොත් පමනි.ප්‍රධානියගෙ ඇඳුම සඳහා සොන්ග් හුයිට වෙනම ඇඳුමක් නිර්මනය කිරිමට අවශ්‍යවි තිබුනි.

නිකුත් කිරිමෙන් අනතුරුව මෙම ක්‍රිඩාවට පැමිනිලි රාශියක් පැමිනි අතර ප්‍රධාන වශයෙන් ක්‍රිඩාව අතරමග නතර වීම, අපැහැදිලි රූප රාමු සහ ක්‍රිඩාව සුරක්ෂිත කිරිමෙ ක්‍රමයක් නොතිබිම කැපි පෙනෙ. මීට ප්‍රතිචාරයක් වශයෙන් අනාගතයෙ නිකුත් කිරිමට අනුකොටසක්(patch) නිර්මාණය කිරිමට ස්වෙන්සන් තිරනය කරන ලදි. මෙම නවීකරණය කල පිටපතෙ වැඩි දියුනු කල රුප රාමු, වඩා හොඳ පාලක අනුකුලතවක්, වැරදි සැදු, මුර පදයක් සහිත සුරක්ෂිත කිරිමෙ ක්‍රමයක් සහ අමතර ප්‍රධානි චරිතයක් අන්තර්ගත විය. මෙම නවීකරනය කරන ලද පිටපත 2013 ජනවාරි 1 වන දින "ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් V2" නමින් නිකුත් කරන ලදි.


සංගීතය[සංස්කරණය]

චිප්ටියුන් කලාකරු ලූක් එස්කුවෙල් ("A_Rival")මෙම ක්‍රිඩාවට සංගීතය රචනා කරන ලදි.එස්කුවෙල් ක්‍රිඩාවට සංගීතයෙන් දායක වුනෙ 2009/2010 සිට වන අතර ඔහුට සොන්ග් හුයි ව මුනගැසුනෙ යුටයුබ්(YouTube) වෙබ් පිටුව හරහා සොන්ග් හුයි ගෙ පෙර සංගීත කලාකරුගෙ සංගීත හා සැසඳීමෙන් පසුවය. මෙම ක්‍රිඩාවට සංගීත නාද සැදීමේදි එස්කුවෙල් විසින් මෙගාමෑන් සහ ස්ට්‍රිට් ෆය්ටර් හි සංගීත නාද එකතු කර නව සංගීත නාද නිපදුවේය. අනිකුත් ගීත වල ඒකාබද්ධතාව පවත්වාගැනිමට ඔහු මෙගාමෑන්හි නාද කොටස් ඊට එක් කලේය. එස්කුවෙල් ගෙ නව සංගීත නාද වලට මූලිකවම පාදක වූයෙ මෙගා මෑන් 1 හා 2 වන අතර මෙගමෑන් 3,4 හා 5 හි සංගීත නාදද අඩුවැඩි වශයෙන් ඊට යොදාගත්තේය. මීට අමතරව එස්කුඑල් නවතම නිර්මාණ 2ක් රචනා කරන ලදි. ඒවා නම් "විලී මැප් තේමා සංගීතය"(Willy Map Theme) සහ අවසාන තේමා සංගීතයේ අරම්භක කොටසයි. ප්‍රධාන සංගීත නාදය, මෙගා මෑන් 3 සහ ධාල්සිම් හා ස්ට්‍රිට් ෆය්ටර් 2 හී තේමා ගීත වල සංකලනයක් වේ. 2012 දෙසම්බර් 18 වන දින "ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් ඔඑස්ටි" නාද ලැයිස්තුව එස්කුවෙල් ගෙ පෞද්ගලික වෙබ් පිටුව ඔස්සෙ නොමිලේ බෙදාහරින ලද අතර 2013 පෙබරවාරි 8 වන දින ගීත 4කින් යුත් "ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් X-ටෙන්ඩඩ්" වෙලුම 1 - නාද ලැයිස්තුව බෙදාහරින ලදි.


"ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් ඔඑස්ටි" නාද ලැයිස්තුව
අංකය. ගීතය කාලය
1. "Main Theme"   01:02
2. "Select Your Fighter"   00:28
3. "Blanka Stage"   01:55
4. "Chun-Li Stage"   01:33
5. "C. Viper Stage"   02:12
6. "Dhalsim Stage"   01:17
7. "Urien Stage"   01:50
8. "Rolento Stage"   02:12
9. "Rose Stage"   01:38
10. "Ryu Stage"   01:49
11. "Boxer Stage"   01:46
12. "Claw Stage"   01:46
13. "Seth's Lab"   01:21
14. "Dictator Final Battle"   02:02
15. "Ending"   02:15
16. "Get Your Weapons Ready"   00:32
17. "Akuma Theme"   01:43
18. "Goes With Everything"   02:16
19. "DESCEND TRANSFER"   00:06
20. "Continue"   00:20
21. "VS"   00:06
22. "Boss"   00:42
සම්පූර්ණ දිග:
0:30:49
"ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් X-ටෙන්ඩඩ්" වෙලුම 1 - නාද ලැයිස්තුව
අංකය. ගීතය කාලය
1. "Sagat Theme"   01:31
2. "Yang Theme (Unused)"   01:51
3. "Voice Collection"   00:37
4. "Ryu Theme (Super Square Remix)"   03:15
සම්පූර්ණ දිග:
0:07:14

පිළිගැන්ම[සංස්කරණය]

නිකුත් කර දින 2කට පසුව ක්‍රිස්ටියන් ස්වෙන්සන් මහතා මෙම ක්‍රිඩාව වෙනුවෙන් තිබු ඔහුගෙ පෞද්ගලික අපේක්ෂාව, එනම් අපෙක්ෂිත බාගත කිරිම් සංඛ්‍යාව ඉක්මවා ගිය බව කැප්කොම්හි නිල වෙබ් අඩවියෙන් ප්‍රකාශ කර සිටි නමුත් තථ්‍ය බාගත කිරිම් සංඛ්‍යාව හෙලි නොකලේය. 2013 මාර්තු 3 වන දිනට බාගත කිරිම් සංඛ්‍යාව මිලියන 1ක් වු අතර බාගත කිරිම් සංඛ්‍යාව ඔවුන්ගෙ විද්‍යුත් ජාලා(servers) පිරීමට සමත් වු බව කැප්කොම්හි ජෙෂ්ඨ සභා කළමණාකරු බ්‍රෙට් එල්ස්ටන් මහතා සනාථ කලේය.

ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් ක්‍රිඩාව හුදෙක්ම ධනාත්මක විවෙචන වලට බර වූවකි. චීට් කෝඩ් සෙන්ට්‍රල් මෙයට 4.1/5 ක තක්සේරු කිරීමක් ලබදි ඇති අතර සුරක්ශිත කිරිමෙ ක්‍ර්මයක් නැති විම තදින් වෙවේචනය කොට ඇත. ගේම් ඉන්ෆොර්මර් විසින් 8/10 ක තක්සේරු කිරීමක් ලබදි ඇති අතර අන් පැරණි ක්‍රිඩා සමග සසඳන විට මෙම ක්‍රිඩාව ලෙන්ගතු/පක්ෂපාති සහ අලුත් ක්‍රිඩා ලෝලීන්ට මහත් අශ්වාදයක් ලබා දෙන්නක් බව තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. ඉන්සයිඩ් ගේමින්ග් ඩේලි(Inside Gaming Daily) මෙම ක්‍රිඩාවට 8/10 ක තක්සේරුවක් ලබාදි ඇති අතර " ස්ට්‍රිට් ෆය්ටර් X මෙගා මෑන් ක්‍රිඩාව කුඩා සහ පැරණි මෙගාමෑන් ක්‍රිඩාවෙන් තරමක් දුරට වෙනස් වුවත් එය ඉතා විශිෂ්ඨ නිර්මාණයක් " තවදුරටත් සනිටුහන් කර ඇත. අයි.ජි.එන් මෙයට 7/10 ක තක්සෙරු කිරිමක් ලබදි ඇති අතර, "අවසන් ප්‍රතිඵලය මෙගාමෑන් ක්‍රිඩාලෝලීන් එක්වරක් හෝ දෙවරක් අනිවාර්යයෙන් බුක්ති විඳින ඉතා විශිෂ්ඨ ක්‍රිඩාවක් නමුත් මෙහි මීට අවෙනිකවු විශෙෂිත යම්ක් නොමැතිකම මෙය මෙතෙක් නිර්මාණය කල විශිෂ්ඨම මෙගාමෑන් ක්‍රිඩාව වීමට බධාවක් වෙනවා" යැයි සටහන් කලේය. ඩිස්ට්‍රක්ටොයිඩ්විසින් මෙම ක්‍රිඩාව විශිෂ්ටම මෙගාමෑන් ක්‍රිඩාව නොවන වගත් එය ක්‍රිඩාවට කැපවුනු ක්‍රිඩාලෝලීයෙකුගෙ ඉතා ඉහල උත්සහයක් බවත් පැවසිය. ගේම් ඉන්ඩස්ට්‍රි නිවුස්(Game Industry News)3.5/5 ක් ලබා දි ඇති අතර "මෙම ක්‍රිඩාව කැප්කොම්හි විශ්ෂ්ටතම ක්‍රිඩා 2ක එකතුවක් බවත් මෙය ක්‍රිඩා කිරිමෙන් ක්‍රිඩාලෝලිනට නැවත තම පැරණි මතකයන් අලුත් කරගත හැකි" බව සටහන් කලේය. එජ් සඟරාව මේයට 5/10 ක අඩු තක්සෙරුවක් ලබදි ඇති අතර මෙහි අස්ථිර අදියර සැලසුම් නිර්මාණය සහ සිමීත කාර්ය ප්‍රමාණය ක්‍රීඩාවේ විශාලතම දොෂ ලෙස විවේචනය කොට ඇත.