ස්කූබි ඩූ
ස්කූබි ඩූ ගැන කෙටියෙන් [සංස්කරණය]
ස්කූබි ඩූ සහ අපූරු යහළුවන් කණ්ඩායම හොල්මන් අවතාර සම්බන්ධයෙන් අභිරහස් විසදීමට සමත් වෙයි. හැම කතාවක්ම අවසානයෙ හොල්මන් අවතාර හෝ අද්භූත බලවේගයන් නොමැති බවත්
පෙන්වා දෙමින් සිදුවන අත්භූත දේවල් පසුපස ඇති පැහැදිලි හේතු නරඹන්නන්ට ඉදිරිපත් කරන්නේ රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසිනි.කතා කරන්නත් පුලුවන් දුඹුරු පාට, ස්කූබි විස්කෝතු
ලැබෙනවානම් ඕනම දේකට ඔට්ටු වෙන්න ලෑස්ති කෙනෙකි. ස්කූබු ඩූ බල්ලා සහ යහළුවන් ගැන නොදන්නා කෙනෙක් දැන් නොමැත. ලොකු කුඩා කොයි කවුරුත් වයස් සීමාවකින් තොරව ස්කූබු ඩූ
කාටූන් නැරඹීමෙන් සතුටු වෙති.ඇමරිකානු නිෂ්පාදිත දීර්ඝතම කාටුන් කතා පෙළ වන්නේ ද ස්කූබි ඩූ කාටුන් කතා පෙළයි. 1969 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා මුලින්ම විකාශය වූ ස්කූබි ඩූ ගේ
වික්‍රමයන් අද දක්වාද කාලයෙන් කාලයට වෙනස් කරමින් නැවත නිර්මාණය වේ.
ස්කූබි ඩූ බල්ලා හදපු හැටි [සංස්කරණය]
ස්කූබි ඩූ නිර්මාණය කර ඇත්තේ ජැක් හනා හා ජෝසප් බාබරාගේ සුප්‍රකට කාටූන් නිෂ්පාදක සමාගමයි. රූබි සහ කෙන් ස්පියර් එහි කතා නිර්මාණය කරන ලදී. එහි කාටූන් චිත්‍ර ඇදීම පැවරුනේ
ජපානයේ සිට ඇමරිකාවට ගිය ඊවෝ ටකමෝටෝ වෙතයි. මේ කතාවේ එන ස්කූබි නිර්මාණය කිරීම පිළිබදව රූබි සහ කෙන් දින ගණනක් කල්පනා කර ඇත. අවසානයේ විශාල වර්ගයක බල්ලෙක්
කථාවට සුදුසු යැයි තීරණය කර ඇත. ඉන් පසුව එම බල්ලා නිර්මාණය කිරීම ඊවෝට භාර කර ඇත. ඊවෝ අවසානයේදී මීට "ෂිප්ඩෝග්" වර්ගයේ බල්ලෙක් සුදුසු ඇයි තීරණය කරන ලදී.නමුත් පසුව ඔහු
තම තීරණය වෙනස් කොට මීට "ග්‍රේන්ඩේන්" වර්ගයේ බල්ලෙකු යොදා ගැනීමට තීරණය කරන ලදී.ඉන් පසුව ඔහු "ග්‍රේන්ඩේන්" බල්ලෙකුව නිරීක්ෂණය කොට ඒ ආධාරයෙන් අමුතුම වර්ගයේ බල්ලෙකු
නිර්මාණය කලේය. ඒ අද ලොව සුප්‍රකට වූ ස්කූබි ඩූ චරිතයයි.