ස්කාරා බරායි

විකිපීඩියා වෙතින්
නව ශිලායුගීය ඕක්නෙයි හි කේන්ද්‍රස්ථානය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
ස්කාරා බරායි, උතුරු පසින්
නිර්ණායකයසංස්කෘතික: i, ii, iii, iv
මූලාශ්‍ර514
අභිලේඛනය1999 (23වන සැසිය)
ස්කාරා බරායි හි කණින ලද වාසස්ථාන.
ගෘහ භාණ්ඩ පිලිබඳ සාක්ෂ්‍ය.
අංක 7 නිවාසයට වසුන හා වත්මන් මුහුදු වෙරළට සමීපත්වය පෙන්වන ජනාවසයෙහි ඉහළින් පෙනෙන අයුරු දසුනක්.


ස්කාරා බ්රෙයිහි හා අනෙකුත් නවශිලායුගීය අඩවි වලදී හමුවූ සංකේත.

ස්කාරා බරායි (උසුරුවනුයේ /ˈskɑrə ˈbreɪ/) යනු, ස්කොට්ලන්තයේ, ඕක්නෙයි මහා භූමිප්‍රදේශයේ බටහිර වෙරළ තීරයෙහි, ස්කායිල් බොක්කෙහි පිහිටි විශාල ගලින්-නිමැවූ‍ නව ශිලා යුගයට අයත් ජනාවාසයකි. එහි නිවාස 10ක් පවතින අතර ක්‍රි.පූ. 3100-2500 කාලයේ දී ජනාවාස වී ඇත. යුරෝපයේ වඩාත්ම සම්පූර්ණ නව ශිලා ගම්මානය මෙය වන අතර යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වීමට ආරක්ෂා සහිතව මෙය පැවතුණි.


ස්කාරා බරායි සොයා ගැනීම හා එහි ලක්ෂණ[සංස්කරණය]

ස්කාර් බ්රේ් නම් වූ විශාල පස් ගොඩැලිවලින් තෘණ උදුරා දැමීමට තරම් විශාල කුණාටුවක් නිසා 1850 වන තෙක් ස්කාර් බ්රේ පැවතියේ පසට යට විය.

ස්කේල් හි ස්කොට්ලන්ත වාසියකු වන විලියම් වොට් විසින් ශෛලමය ගොඩනැඟිලි කීපයක් කටු සටහන් සොයා ගන්නා ලද අතර මූලික කැනීම් ද සිදු කරන ලදී. 1926 ඇති වූ තවත් කුණාටුවකට පසු 1928 ත් 1930 ත් අතර දී එය වීර් ගෝඩන් ඩයිල්ඩ් විසින් සම්පූර්ණයෙන් කැනීමට භාජනය කරන ලදී.

ස්කාරා බ්රේස පදිංචිකරුවන් පැහැදිලි ලෙසම ග්රූව්ච්වෙයා සාදන්නෝ සහ භාවිතා කරන්නෝ වූහ. නිවෙස් මැටියෙන් ඉදි කළ ඒවා විය. ඒවා පොළවට කිඳා බැස්සේය. ඒවා විශාල කුණු ගොඩවල් බවට පත් වූයේය. ඒවා සුළු වශයෙන් ස්ථිර නිවාස වූ අතර ඔක්නෙයි හි රළු ශීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ නිර්මාණයක් විය. නිවසක් වර්ග මීටර 40 ක වපසරියකින් යුක්ත වූ අතර එහි විශාල හතරැස් කාමරයක් ද උෂ්ණත්වය ලබා දීමට හා කෑම පිසීමට විශාල ලිපක් ද විය. දූපතේ එතරම් ගස් නොතිබූ නිසා එම නිවෙස්වල වහළ සෙවිලි කිරීම සිදු වූයේ ලී දඬු හා තල්මස් ඇටකටු තණ පිඩැලි සමඟ ඇල්ලීමෙනි. නිවෙස්වල ගලින් කරන ලද ගෘහ භාණ්ඩ විශාල සංඛ්යා්වක් විය. ඊට කබඩ්, මේස, පුටු හා ඇසුරුම් පෙට්ටි අන්තර්ගත විය. කාණු පද්ධතියක් පවා ග්රාමම නිර්මාණයේ සම්පාදනය කොට තිබිණි. සෑම නිවසකම ප්රාුථමික මට්ටමේ වැසිකිලියක් තිබිණි.

සොයා ගත් නිවාස දහයෙන් හතකම ඇඳවල් හා මේස සහිත එක හා සමාන ගෘහ භාණ්ඩ විය. ඒවා වූයේ ද සමාන ස්ථානවලය. මේසය තිබුණේ නිවසට ඇතුළු වන විටම පෙනෙන ලෙස දොරට මුහුණ දා බිත්තියට හේත්තු කරය. අටවනනිවසේ මේස හෝ ඇසුරුම් පෙට්ටි නොතිබිණි. නමුත් එය එක හා සමාන කුඩා කුටිවලට බෙදා තිබුණි. මෙම නිවසේ කැනීම්වලදී ගල් කැබලි, අස්ථීන් සහ සත්ව අං හමු විය. මෙම ගොඩනැඟිල්ලක ඇටකටු ඉදිකටු හෝ ගිනිගල් කෙටේරි වැනි සරල ආයුධ නිෂ්පාදනය කළ වැඩපළක් විය හැකිය.

යුරෝපයේ මිනිස් මැක්කා පියුලෙක්ස් ඉරිටන්ස් පිළිබඳ ප්ර ථම වාර්තාව මෙම බිමෙන් සොයා ගන්නා ලදී.

විකිරණ කාබන් පරීක්ෂාවෙන් පෙන්නුම් කරන්නේ ස්කාරා බ්රේො හි ජනාවාස ඇතිවීම ක්රිග.පූ. 3100 සිට වසර 600ක් පුරා පමණ පැවති බවයි. ක්රි‍.පූ. 2500 දී පමණ කාළගුණ විපර්යාසය සිදු වීමෙන් පසු එනම් බොහෝ ශීතල තෙත් කාළගුණයක් පැවතීමට පටන් ගත් පසු පදිංචිකරුවන් විසින් මෙය අත්හැර දමන්නට ඇත. ස්කාරා බ්රේීහි මිනිසුන් එහි පදිංචිය හදිසියේ අත්හැරීමට හේතු පිළිබඳ නොයෙකුත් සිද්ධාන්ත ඇතත් මෙය සිදු වූ ආකාරයට අදාල ශක්තිමත් සාක්ෂි තවම හමු වී නැත.

මෙම දෘශ්යයමාන ගොඩනැඟිලි මෙහි ජීවී සම්භවයක් තිබූ බවට හැඟීමක් ඇති කරනවන නමුත් මෙම භූමිය නැවත සොයා ගැනීමට පෙර සමුද්රී ඛාදනය නිසා මීට අදාල සාක්ෂි බොහෝ ලෙස විනාශ වී ඇත. අනාවරණය වූ ශේෂයන් පුරාණ ස්මාරකවලට යාබදව තිබෙන්නට ඇත. කොටු කරන ලද ප්රතදේශයේ දකුණට වන්නට වූ පර්වතයේ සෝදා යාමක් දක්නට ලැබී ඇත. විශාල ශෛලමය පවුර විසින් වූ ශේෂ සෝදා යාමෙන් ආරක්ෂා කෙරෙයි.


ඛණ්ඩාංක: 59°02′55″N 3°20′35″W / 59.04861°N 3.34306°W / 59.04861; -3.34306

"https://si.wikipedia.org/w/index.php?title=ස්කාරා_බරායි&oldid=341957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි