සල්මන් ඛාන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සල්මන් ඛාන් ජාන්-එ-මන් සහ UFO වෙනුවෙන් පැවත්වූ සාදයකදී (2006)

|- |උපත |අබ්දුල් රශිඩ් සලීම් සල්මන් ඛාන්,1965 දෙසැම්බර් 27 |- | |ඉන්දොරෙ, මධ්‍ය ප්‍රදෙශය, ඉන්දියාව |- |රැකියාව |සිනමා නළුවෙකු, රූපවාහිනි නිවේදකයෙකු, තිර රචකයෙකු |- |ක්‍රියාකාරි වර්ෂයන් |1988 – වර්තමානය දක්වා |- |භාර්යාව |නැත |} ]] අබ්දුල් රශිඩ් සලීම් සල්මන් ඛාන් (හින්දි: सलमान ख़ान, උර්දුسلمان خان;; 1965 දෙසැම්බර් 27 උපත ලැබූ) බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පියෙකි.

1988 “බිවි හො තො අඉසි” ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර “මඉනෙ ප්යර් කියා” (1989) චිත්රපටය ඔහුගේ පළමු සාර්ථක චිත්‍රපටය විය. එහි රංගනය වෙනුවෙන් හොඳම රංගනය වෙනුවෙන් හා හොඳම ආධුනික පිරිමි රංගනයට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය හිමි විය. බොලිවුඩ් සිනමාවේ අති සාර්ථක චිත්‍රපට වූ “සාජන්” (1991), “හම් ආප්කෙ හේන් කෞන්” (1994), “කරන් අර්ජුන්” (1995), “බිවි නො.1” (1999) යන අධික ලාභ ලැබූ චිත්‍රපටයන්හි රංගනයන් හේතුවෙන් ඔහු සිනමා තරුවක් බවට පත් වුණි.

“කුච් කුච් හොතා හේ” (1998) චිත්‍රපටයේ සහය රංගනය වෙනුවෙන් 1999දී හොඳම සහය නළුවාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානයෙන් ඛාන් පිදුම් ලද්දේය. එයින් පසු “හම් දිල් දෙ චුකෙ සනම්” (1999), “තෙරෙ නාම්” (2003), “නො එන්ට්ර” (2005) “පාර්ට්නර්”(2007) සහ “වොන්ටඩ්” (2009) වැනි විවේචනාත්මක සහ වාණිජ්‍ය වශයෙන් සාර්ථක චිත්‍රපට කිහිපයකද ඔහු රංගනයෙහි යෙදුනේය. හින්දි සිනමාව තුළ විශිෂ්ඨ නළුවෙකු බවට පත්වීමට මෙලෙස ඛාන් සමත් විය.

"http://si.wikipedia.org/w/index.php?title=සල්මන්_ඛාන්&oldid=211500" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්