සමුපකාරය

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකාවේ සමුපකාර ගීතය ( Cooperative Song )[සංස්කරණය]

මහජන දියුණුව සැලසෙන්නේ

පදනම සහයෝගය වෙමිනේ සමගි බලේ // / යොදවමිනේ

සිරිලක නිදහස රැුකදෙන්නේ

ජය වේවා සිරිදේවා - සමුපකාරය පැතිරේවා

උස්මිටිකම් අමතක කරදා

දුර හැර ආගම් කුල බේදා අලස නොවී /// දිරිය යොදා

ලක්මව සුරකිමු අපි සැමදා ජයවේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

තම තමනට දෙන ආධාරේ විලස ගැනේ සම උපකාරේ

දිළිඳු දනා /// පෙළ අතරේ

සේවය වෙයි සිරිලක් අඹරේ

ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සිය රට ගොඩමඩ ගොවිතැනෙහි

වෙළහෙළදාමෙහි අත්තමෙහි දියුණුවටා /// මතු දිනෙහි

පිහිටයි සමුපකාරයෙහි ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

ජාතික ධනය ද සුදුසු ලෙසේ

පොදු ජනයා හට බෙදන ලෙසේ

සමවාසී /// ලැබෙන ලෙසේ

සමුපකාරයෙන් ඉඩ සැලසේ

ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සමුපකාරය බලය යොදා

රට තොට උවදුරු නැති කරදා

අසරණයා // දුකින් මුදා

සැමටම සුබසෙත කරමු උදා

ජය වේවා - සිරිදේවා සමුපකාරය පැතිරේවා

සමුපකාර ගීතයේ ප‍්‍රබන්ධය - සරණගුප්ත අමරසිංහ මහතා[සංස්කරණය]

1934 මැයි මස 20 වැනි දින භාරතීය මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් අතින් මුල්ගල තබා ආරම්භ කරන ලද ‘ශ්‍රීපාලිය’ එදා මෙදා තුර මෙරට සෞන්දර්ය කලා විෂයයන් සඳහා ලබාදුන් දායකත්වය අතිමහත්ය. කලාභවනෙහි සංගීත ඉගැන්වීම සඳහා මුලින්ම පැමිණි ආචාර්යවරයා වූයේ සරණගුප්ත අමරසිංහ මහතා ය.

නිල් අහස් තලේ අගෙයි නෑ වළාකුළු

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

මල් විසිරිලා වාගෙයි තාරකා සිරි

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

විල් නෙළුම් නිදා වැටෙයි මානෙල් මල් පිපී

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

රැල් සිසිල් සුළං සැපයි මේ රැයේ වැදී

ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

SW  14 අංකය යටතේ 1943 වර්ෂයේදී තැටිගත කෙරුණු “නිල් අහස් තලේ” ගීතය LANKA FILM COMPANY LTD. තැටි ලේබලයෙන් නිකුත් වුණු “ළමා ගීත ශ්‍රේණියේ” එක ගීතයක් විය. තැටි ලේබලයේ “CHILDERN’S SONG SERIES” යනුවෙන් සටහනක් ද යෙදුණි . ගීතය ගායනා කළේ යූ .ජී.පී ද සිල්වා නම් මහත්මයෙකු විසිනි. ගීතයේ තනුව ද යූ .ඩී. පෙරේරා මහතා විසිනි. සංගීතය සැපයුවේ සරණගුප්ත අමරසිංහ මහතා සහ ඔහුගේ වාද්‍ය මණ්ඩලය විසිනි. සරණගුප්ත අමරසිංහ මහතා එවකට LANKA FILM COMPANY LTD.  තැටි ලේබලයේ ප්‍රධාන ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු ද විය.


කුඩා කාලයේදී ඇසුනු සරණගුප්ත අමරසිංහ ගායනා කළ “පායනා කාලෙදී” ගීතයේ තනුව බොහෝ දෙනාට නිතැතින්ම මතකයට ඒයි.

රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරත් කූඹියෝ

සීතෙනුත් වැස්සෙනුත් බේරිලා ඉන්නවා ගේ සදන් එක්වෙලා කූඹියෝ

උන් ඉතා ඉක්මනින් යන්නෙ මේ සන්තොසින් කම්මැලී නෑ කිසිත් කූඹියෝ

දැන් අපත් ඒ වගේ ඉන්නවා නම් හොදයි කම්මැලී නෑ වගේ කූඹියෝ


සමුපකාර ගීතයේ තනු නිර්මාණය - ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතා[සංස්කරණය]

සමුපකාර ගීතය සඳහා පහත සබැදිය වෙත පිවිසෙන්න. https://uvacooperative.blogspot.com/p/blog-page_27.html


සමුපකාර කොඩිය (Cooperative Flag)[සංස්කරණය]

සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙම කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානයේ මැදිහත් වීමෙන් පිළිගන්නා ලද්දකි. මෙහි නිර්මාතෘ වන්නේ ප‍්‍රංශ ජාතික සමුපකාර විද්වතෙකු වූ චාල්ස්ගයිඞ් මහතාය. මෙයින් පිළිබිඹු කරන්නේ අනාගත මානව දයාවේ විශ්වාසනීයත්වය බව චාල්ස්ගයිඞ් මහතා ප‍්‍රකාශ කර ඇත. මෙය ප‍්‍රථමයෙන් ප‍්‍රදර්ශනය කර ඇත්තේ 1923 පැවැත් වූ පළමු ජාත්‍යන්තර සමුපකාර දිනයේදීය.

සමුපකාර කොඩියේ සඳහන් වර්ණ 07 න් කියවෙන්නේ පහත සඳහන් අදහස්ය.[සංස්කරණය]

රතු පාට  : උට්ඨාන වීර්ය රඹ පාට  : හරි දැක්ම වෙනුවෙන් කැපවීම

කහ පාට  : අභියෝගයන්ට ඥාණාන්විතව මුහුණ දීම.

කොල පාට  : සමුපකාරක හරයන් මැනවින් අවබෝධ කර ගැනීම හා සාමාජිකත්ව වර්ධනය

ලා නිල් පාට : සමස්ථ මිනිස් වර්ගයාගේ එකමුතුකම හා සහජීවනය.

දම් පාට  : මිත‍්‍රත්වය හා ප‍්‍රබෝධමත් බව.

1923 සිට පිලිගත් ශඩ්වර්ණ ( දේදුනු වර්ණ) සමුපකාර කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානය විසින් 2014 සිට වෙනස් කර ඇත. ඒ අනුව මේ වන විට දේදුනු වර්ණ කොඩිය වෙනුවට පහත දැක්වෙන කොඩිය සමුපකාර කොඩිය ලෙස ශ්‍රි ලංකාවේද පිළිගෙන ඇති අතර 2017 ජුලි පළමු සෙනසුරාදා පැවති ජාත්‍යන්තර සමුපකාර දිනයේ සිට නව කොඩිය ශ්‍රි ලංකාවේ භාවිතා වේ.

නව සමුපකාර කොඩිය සඳහා පිවිසෙන්න. http://www.crwflags.com/fotw/flags/int-ica.html

ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය The official logo of Sri Lanka Co-operative[සංස්කරණය]

ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය නිර්මාණය කරන ලද්දේ ඕවන් වීරක්කොඩි මහතාය. මෙයින් පිළිබිඹුවන්නේ, කාර්මික, කෘෂිකාර්මික සහ සේවා ක්‍ෂෙත්‍රයේ සංකලනය සහ සහයෝගීත්වය සහ සංවර්ධනයයි

ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය සඳහා පිවිසෙන්න..

https://uvacooperative.blogspot.com/p/blog-page_27.html

සමුපකාරය නිර්වචනය හා ප්‍රතිපත්ති[සංස්කරණය]

සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය[සංස්කරණය]

1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය මැන්චෙස්ටර් සම්මේලනයේදි සම්මත කරගත් සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය සමුපකාරය යන්න පිළිබදව විශ්විය නිර්වචනය වේ. එය1995 දි "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" නැමති ලියවිල්ල ඔස්සේ ප්‍රකාශයට පත්කරන ලදි.

"සමුපකාරය"” යන්න සඳහා ලබා දී ඇති නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනය.[සංස්කරණය]

A co-operative is an autonomous association of persons united voluntarily to meet their common economic, social, and cultural needs and aspirations through a jointly-owned and democratically-controlled enterprise.
සමුපකාරය යනු සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු අභිලාශයන් ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල සංවිධානයකි.[සංස්කරණය]

සමුපකාර ව්‍යාපාරයේ පසුබිම[සංස්කරණය]

සමුපකාර ව්‍යාපාරයේ පසුබිම

පළමු සමුපකාර ව්‍යාපාරය කවදා කුමන ස්ථානයක ආරම්භ වුවේ දැයි විවාදාත්මක තත්වයක් පවතීයි. විවාදාත්මක තත්වය කෙසේ වෙතත් නූතන සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය කාර්මික විප්ලවය මත පාදක වන බවට විවාදයක් නැත. කාර්මික විප්ලවය 19 වන සියවසේ දී එංගලන්තය හා ප්‍රංශය මූලික කොට ගෙන පැන නැගිනි. එය එතෙක් පැවති සමාජ ආර්ථික සංස්කෘතික හරයන් වෙත දරුණු බලපෑමක් සිදු කලේය. එය මිනිස් ඉතිහාසය වෙනස් කලේ සමකාලීන මනුෂ්‍ය ජීවිත තුලට දරුණු පීඩනයක් මුදා හරිමිනි. ගොවීන් ගොවිබිම් වලින් ඉවත් කර නාගරික ශ්‍රම බලකාය වෙත පලවා හැරිනි. විරැකියාව උග්‍ර වූ අතර බොහෝ දෙනා නාගරික පරිශ්‍ර තුල රැකියා වියුක්තව  දුගීභාවට පත්විය. මිනිස් ශ්‍රමයේ කුඩා පරිමාණ ගෘහස්ථ කර්මාන්ත වෙනුවට  කර්මාන්තශාලා (Factory) ආදේශ විය. වැඩවසම් සබඳතා වෙනුවට ධනව‍ාදී සබඳතා ආදේශ වෙමින් පැවතිනි. කම්කරු ප්‍රමිතීන් අතිශය ම්ලේජ්ජ වූ අතර දීර්ඝ වැඩ පැය ගණනකට කම්කරුවන්ට ලැබුනේ අතිශය සොච්චම් වැටුපකි. කම්කරුවන්ගේ ඒකරාශීවීම් තහනම් කෙරිනි. මෙම දුක්කිත තත්වයට එරෙහිව සමාජීය සිතන්නන් අතරින් ප්‍රධන ව්‍යාපෘතීන් කිහිපයක් බිහිවූ බව පෙනේ. සමුපකාර ව්‍යාපාරය ඉන් එකක් වන අතර චාට්ස් වාදය, වෘත්තීය සංගම් ව්‍යාපාරය, කම්කරු දේශපාලන ව්‍යාපාරය අනෙක් ව්‍යාපෘතීන් වේ.

පළමු සමුපකාරික ආයතනය ලෙස හමුවන්නේ ස්කොට්ලන්තයේ නැගෙනහිර අර්විෂයාර් හි පෙන්වික් රෙදි වියන්නන්ගේ සමිතියයි (Fenwick Weavers’ Society). ඒ 1761 වර්ෂයේදීය. මෙම සමිතිය දේශීය කම්කරුවන්ට සහන මිලට ඕට් ධාන්‍ය පිටි (Oatmeal) අළෙවිකරනු ලැබිණි. අනතුරුව මෙහි සේවාවන් ඉතිරිකිරීම් හා ණය ගණුදෙනු දක්වාත්, විදේශ ගමන් හා අධ්‍යාපන කටයුතු දක්වාත් ව්‍යාප්ත විය. 1810 දී සමාජ ප්‍රතිසංස්කරණවාදී රොබර්ට් ඕවන් හා ඔහුගේ සම චින්තකයන් විසින් ඕවන්ගේ මාමන්ඩියගේ නිව් ලැමාර්ක් මෝල මිලදී ගත් අතර ඔවුන් හොද මට්ටමේ කම්කරු ප්‍රමිතීන් එම වැඩබිමට හදුන්වා දුන්නේය. අඩු මිලැති සිල්ලර වෙළද සැල් මගින් ලාභය කම්කරුවන් අතර බෙදා හැරියේය. ඕවන් සමුපකාරික ව්‍යාපාරයට වැදගත්වන්නේ සමුපකාරය පිලිබඳ අදහස තම රචනාවන් හා ‍දේශනයන් ඔස්සේ වර්ධනය කල පුරෝගාමියා නිසාය. ඔහු සමුපකාරික ප්‍රජාවන් ග්ලැස්ගෝව්, ඉන්ඩියානා හා හැම්ප්ෂයර් යන ස්ථාන වල ස්ථාපිත කලේය. විලියම් කිංග්, සමුපකාරිකයා (The Cooperator) නමින් පුවත් පතක් තුලින් ඕවන්ගේ සිතීම් ඉදිරිපත් කලේය. එසේ නමුත් මෙම ව්‍යාපෘතීන් 1828 දී බිද වැටීමට ලක්විය.

වැඩ වසම් සමාජ ක්‍රමය බිද වැටි ධනවාදි සමාජ ක්‍රමය බිහිවිමේ ප්‍රතිඵලයක් වශයෙන් මතු වු නව සමාජ පන්ති සම්බන්ධතාවය තුල ප්‍රාග්ධනය හිමි පන්තියක් හා වැටුප් ක්‍රමය හිමි පන්තියක් වශයෙන් පැහැදිලි පන්ති විෂමතා ඇතිවීම හේතු කොටගෙන ශ්‍රමය හිමි පන්තිය ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමුපකාරය සංවිධානාත්මක ස්වරූපයෙන් මතු වු බව සමුපකාර ඉතිහාසයෙන් ගම්‍ය වේ.

රොච්ඩේල් පුරෝගාමින් 1844 අගෝස්තු 15 වන දින සාධාරණත්වයේ පුරෝගාමින්ගේ සංවිධානය නමින් ඇදුම් නිෂ්පාදනය කරන කම්කරුවන් විසිඅට දෙනෙකු එක් වි මෙම සංවිධානය ආරම්භ කර ඇත. මෙයින් පෙනෙන්නේ සමුපකාර ව්‍යාපාරයේ පදනම නිෂ්පාදන සාධකයක් වශයෙන් ශ්‍රමය පමණක් හිමි අය එක් වි සිදුකරන ක්‍රියාවක් බවය. මෙය ශ්‍රි ලංකාවේ පස්සර වතු කම්කරුවන්ගෙන් මතුවන ලාංකික සමුපකාර ව්‍යාපාරය තුලින් ද ගම්‍ය වේ. කම්කරුවන් මෙසේ එක්වෙද්දි ජර්මනිය වැනි රටවල ගොවින්ගේ එක්විමෙන් සමුපකාර බිහිවිමෙන් පෙන්නුම් කරන්නේ 1906 ලංකාවේ ගොවින් එක් වි බිහි වු සමුපකාර පිලිබද කථාව වේ. ප්‍රංශය තුල මතු වුයේ ශ්‍රමිකයන්ගේ සමුපකාර වශයෙන්ය. එය ලංකාවේ කම්කරු සමුපකාර වශයෙන් මතු වු අතර 1977 පසු මැන්පවර් සමාගම වුයේ එකී සමුපකාර ක්‍රමය වේ. ඩෙන්මාර්කය තුල කෘෂි කාර්මික සමුපකාර බිහි වු අතර 1940 පසු ලංකාවේ එය ගොවි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ  හා බෙදාහැරිමේ සමුපකාර වශයෙන් මතු විය. ඒ අනුව පන්තිමය සාධකයක් වශයෙන් කම්කරුවන් ද ගොවින්ද එක් වි සමුපකාරය බිහි කිරිමෙන් සමුපකාරයේ නෛසර්ගික ගුණය මතුකර පෙන්වා ඇත. එමගින් විවෘත හා ස්වේච්ඡා සාමාජිකයන්ගේ එකතුව කුමන පන්ති පදනමෙන් සිදුවිය යුතු ද යන්න තිරණය කළ හැකි පසුබිමක් ඇත. සමුපකාර සංකල්පය තේරුම් ගැනිමේ දි ඉහත කි සමාජ පදනම ද මෙම සංකල්පය සංවිධානාත්මකව බිහි වු පසු ඉදිරිපත් කර ඇති නිර්වචන ද අධ්‍යනය කිරිමෙන් සිදුකල හැකිය.

සමුපකාරය සඳහා වු නිර්වචනයන් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.[සංස්කරණය]

v  ආර්ථික දියුණුව සදහා මිනිසුන් අතර කුලල් කා ගන්නා තරගය වෙනුවට සහයෝගය වැනි සමාජ ගුණධර්ම ඇතුලත් හොද සමාජ පරිසරයක් පදනම් කරගත් එකා සැමටත් සැම එකාටත් සේවය කරන ක්‍රමය සමුපකාර ක්‍රමය වේ.  

රොබට් ඕවන්

v  සමුපකාර සමිතියක් යනු දුබලයන් අතර ඇරඹෙන ඊට අදාල වන ප්‍රමාණයට ඉන් ලැබෙන ඵලය භුක්ති විදින්නාවු සාමාජිකයන්ගෙන් සමන්විත වන සියලු අවස්ථාවන්හිදි ආත්මාර්ථකාමි නොවන හරයෙන් යුක්ත වු ඒකාබද්ධ වෙළදාමේ කටයුතු අරමුණු කරගත්  කිසියම් සංගමයෙකි. –

සි.ආර්.‍ෆේ

v  සමුපකාර සමිතියක් යනු ඒවායේ සාමාජිකයන්ගේ සුභසාධනය ප්‍රධාන ඉලක්කය කොටගත් ආයතනයෝවෙති. බද්ධ ව්‍යාපාර සමාගම් මෙන් ඒවා රැකියා සැපයිම අරමුනු කර නොගනියි. - - ජේමිස් සැමුවෙල්සන්

v  සමුපකාරයයනු ස්වේච්ඡා ක්‍රියා පිළිවෙලකි. ලෝකයේ සියලුම බලවේගයන්ට එය අනිවාර්ය කල නොහැක. එය තමන් සතු බලය හැර අන් කිසිවක් මත යැපෙන්නන් නොවේ                                        - වෛද්‍ය විලියම් කිං.

v  සමුපකාරය යනු ඒවා සිය පොදු අවදානම ඇතුව සහ සියල්ලටම දායක විය හැකි සම්පතක් ද අත දරා සාමුහික ආර්ථික ව්‍යවසායක් තුලින් පොදු අභිප්‍රායන් මුදුනු පමුණුවා ගැනිම සදහා එක්ව කටයුතු කරන ස්වේච්ඡාවෙන් එක් වු සුලු නිෂ්පාදකයන්ගේ සංගමයකි.

ආචාර්ය ජි මිලැඩෙනාෆිස්

v  පුද්ගලයන් සමුහයක් තමතමන්ගේ ආර්ථික තත්වය උසස් කර ගැනිම සදහා සමානාත්මතාවය පදනම් කොටගෙන සිය කැමැත්තෙන්ම එකතුව ගොඩනගාගත් සංවිධානයකි.

එච් කැල්වට්

v  සමුපකාර යනු පොදුවේ ලාභය හෝ පාඩුව විදදරා ගැනිමය අන්‍යොන්‍ය කළමනාකරණය යටතේ තමන් සතු බලය හෝ සම්පත් හෝ යන දෙකම හෝ අනුපුරක ලෙස ප්‍රයෝජනයට ගන්නා වු දිළින්දන්ගේ ස්වේච්ඡා එකතුවකි

.හෙරික්

v  සමුපකාරය යනු ලාභ වේතනාවෙන් හෝ ස්වේච්ඡා හා ආත්මාධාරය මත ක්‍රියාත්මක වන්නාවු මුලු මහත් සමාජයටම ප්‍රයෝජනවත් වු අභිනව නිෂ්පාදන හා වානිජ ක්‍රමයක් ඇති කිරීම වේ.

ජාත්‍යන්තර සමුපකාර සන්ධානය

v  සමුපකාර සමිතියක් යනු අවශ්‍යවන ප්‍රාග්ධනය සදහා සෑම දායකත්වයක්ම සැපයිම හා ව්‍යවසායේ ප්‍රතිලාභ පමණක් නොව අවධානම පිලිබද සාධාරණ කොටසක් දරන සාමාජිකයන් ක්‍රියාකාරින් ලෙස සහභාගිවන ප්‍රජාතන්ත්‍රවාදි පාලනයෙන් යුත් සංවිධානයක් සකස් කර ගැනිම තුලින් පොදු අරමුණක් ලගාකර ගැනිම පිණිස සිය කැමැත්තෙන්ම එකතු වු පුද්ගලයන් සමුහයකගේ සංවිධානයකි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (1969)

සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය[සංස්කරණය]

1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය මැන්චෙස්ටර් සම්මේලනයේදි සම්මත කරගත් සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය සමුපකාරය යන්න පිළිබදව විශ්විය නිර්වචනය වේ. එය 1995 දි   "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" නැමති ලියවිල්ල ඔස්සේ  ප්‍රකාශයට පත්කරන ලදි.

"සමුපකාරය"” යන්න සඳහා ලබා දී ඇති නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනය.

A co-operative is an autonomous association of persons united voluntarily to meet their common economic, social, and cultural needs and aspirations through a jointly-owned and democratically-controlled enterprise.

සමුපකාරය යනු සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු අභිලාශයන් ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල සංවිධානයකි.

රොබට් ඕවන්ගේ නිර්වචනය සලකා බලන විට පෙනෙන්නේ ආර්ථික දියුණුව සදහා මිනිසුන් එකිනෙකා අතර කුලල් කා ගන්නා ආකාරයක් වේ. එය ඔහු පෙන්වා දෙන කුලල් කා ගන්නා තරගය වෙනුවට යන ප්‍රස්තූතය යොදා ගනිමින් ඒ වෙනුවට සහයෝගය වැනි සමාජ ගුණධර්ම ඇතුලත් කර ගැනිම සිදුකල යුතු බවයි. එහි පදනම වශයෙන් එකා සැමටත් සැම එකාටත් යන මුල ධර්මය වශයෙන් එක් කොට ඇත.

සි.ආර් ෆේ ගේ නිර්වචනය අධ්‍යයනය කරන විට ඔහු පෙන්නුම් කරන්නේ දුබලයන් අතර ඇරඹෙන යන්න සදහන් කර තිබිමෙන් මතු වන්නේ සමුපකාරය වටා එක්විය යුත්තේ දුබලයන් බවය. ආර්ථික අතින් ශක්තිමත් මිනිසුන් එකතු වි සමුපකාර ක්‍රමයට සිය ව්‍යවසාය කටයුතු කල නොහැකිද? යන්න මෙහිදි ප්‍රශ්න කල යුතුව ඇත. මෙම දුර්වලතාවය තිබුනත් මෙහි විශේෂත්වය වන්නේ දායක වන ප්‍රමාණයට ලැබෙන ඵලය භුක්ති විදිම යන්න වැදගත් මුලධර්මයකි. එයින් කියන්නේ දායක නොවි ඵලය භුක්ති විදිය නොහැකි බවය. එහි තවත් විශේෂය වන්නේ ආත්මාර්ථකාමි නොවන හරයෙන් යුක්ත මිනිසුන් එකතුවීම වෙනුවට පරාර්ථකාමි මිනිසුන්ගෙන් එක් විය යුතු බව ඔහු දන්වා ඇත. මෙය සමුපකාර සංවිධානයට තවත් සුවිශේෂි සංකල්පයක් බව පෙන්වා දිය හැක. මෙහි තවත් දුර්වලතාවයක් ලෙස දැකිය හැක්කේ ඒකාබද්ධ වෙළදාමේ කටයුතු අරමුණු කරගැනිම යන්නයි. මෙසේ සදහන් කිරිමෙන් සමුපකාරය වෙළදාම සදහා හිරකර තැබිමය. එහෙත් සමුපකාර ක්‍රමයට නිෂ්පාදනය බෙදාහැරිම හා හුවමාරුව හා පරිබෝජනය යන ක්‍රියා කළ හැකිය යන්න ඔහු තේරුම් ගෙන නැත.

ජේම්ස් සැමුවෙල්සන්ගේ අර්ථ කථනය විචාරයට ලක් කිරීමේ  දි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ සාමාජිකයන්ගේ සුභසාධනය ප්‍රධාන ඉලක්කය වන බවත් සමාගම් ව්‍යාපාරය මෙන් රැකියා සැපයිමටඅරමුණු නොකර ගැනිම වේ. සමුපකාර සංවිධාන සමාජිකයන්ගේ සුභසාධනය නොව සාමාජිකයන්ගේ සුබසිද්ධිය උදෙසා බිහිකරන සංවිධානයක් ලෙස මොහු දැක නැත. එපමණක් නොව රැකියා සොයන්නන් නොව රැකියා මවන්නන් බිහිකිරීම සමුපකාරයේ හරය බව මොහු දැක නැත මෙම දුර්වලතා හේතු කොටගෙන සමුපකාර පිලිබද වැරදි අවබෝධයක් මෙහි ගම්‍ය වි ඇත.

වෛද්‍ය විලියම් කිං නිර්වචනය අධ්‍යනය කරන විට පැහැදිලිව දැකිය හැකි හරයාත්මක ලක්ෂන කිහිපයක් එහි ඇත. එනම් ස්වේච්ඡා ක්‍රියා පිළිවෙත යන්න වැදගත් වේ. ස්වේච්ඡාව යනු කිසිවෙකුගේ බලපැමෙන් හෝ කිසිවක් ලබාගැනිමේ අරමුණෙන් සංවිධානය වටා එකතු වීම මොහු බැහැර කර ඇත.එපමණක් නොව යැපිම් මානසිකත්වය බැහැර කර ඇත. ඔහු සාමාජිකයා සතු බලය එකම බලය ලෙස අර්ථ ගන්වා ඇත. මෙම කරුණු ඔහුගේ නිර්වචනය සාධණිය ලක්ෂණ වේ. එහෙත් ලෝකයේ සියලුම බලවේග නිෂ්පාදන බලවේගයන්ට හා නිෂ්පාදන සම්බන්ධතාවයන්ට බැදි කටයුතු කරන බැවින් සමුපකාරය ද නිෂ්පාදන මාදිලියක් වන නිසාය. තවද මෙතෙක් ලෝකයේ බිහි වු සියලුම නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතා වලින් අත්පත් කරගත නොහැකි සංවර්ධනය අත්පත් කරගැනිමේ එකි බලවේගය වන්නේ සමුපකාරය වන නිසාමය.

ජි මිලැඩෙනාෆිස් ගේ නිර්වචනයට අනුව සමුපකාරය තේරුම් ගැනිමේ දි මුලු නිර්වචනයම තුල පොදුවේ ගත හැකි හරයාත්මක වටිනාකමක් ඇත. එනම් පොදු අවශ්‍යතා පිලිබද සදහන් කර ඇති කරුණු ද සියල්ලටම දායක විය හැකි පරිදි සම්පත් සියල්ල ලග තිබිය යුතු බව සමග කියැවෙන සාමුහික ආර්ථික ව්‍යවසාය යන්න ද පොදු අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනිම සදහා එක්ව ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම යන කරුණු සියල්ල වේ. මෙම නිර්වචනයෙන් ඇති ගුණය මතු කර පෙන්විමට මෙහි ඇති එකම ප්‍රශ්නය වන්නේ සුලු නිෂ්පාදකයන්ගේ වශයෙන් මෙම නිර්වචනයට එක්කර කොටසයි. ව්‍යවසායකත්වය සුලුද?මහා පරිමාණද? යන්න ඒ ව්‍යවසායේ ස්වභාවය අනුව තිරණය කළ යුතු කරුණක් වේ. සුලු වුවත් මහා පරිමාණ වුවත් එය සිදුකරන්නේ එකතුවන අයගේ අයිතිය පාලනය ප්‍රතිලාභ මත නම් ඊට පරිමාව පිලිබද ප්‍රශ්නයක් නැත.

කැල්වට්ගේ නිර්වචනය ද විචාරයට ලක්කරන විට පෙන්නුම් කරන්නේ සමුපකාරයේ සාධනිය ගුණය එනම් පුද්ගලයන් සමුහයක් තම තමන්ගේ ආර්ථිකතත්වයන් උසස් කර ගැනිම සදහන් කිරීම වැදගත් වේ. එහි පදනම ද සමානාත්මතාවය කොටුකිරීම අතිශයින්ම වැදගත් වේ. ඊට හේතුව අසමානතාවය අනෙකුත් සියලු ව්‍යවසායන් තුලින් මේ වන විට ගම්‍ය වි ඇති නිසාය. ඊලග සාධණිය ලක්ෂණය සිය කැමැත්තෙන්ම එකතු වීමයි. හෙරික්ගේ නිර්වචනය විචාරයට ලක්කරන විට පෙන්වන පොදු ගුණය වන්නේ ලාභය හා පාඩුව විද දරා ගැනිම ද කළමනාකරණය පුද්ගලික කලමනාකරණයක්  නොව අන්‍යොන්‍ය කළමනාකරණය යටතේ එනම් එහි ධනවාදි කළමනාකරණ මුලධර්ම හෝ මාක්ස්වාදි කළමනාකරණ මුල ධර්ම නොව සමුපකාර කළමනාකරණ මුලධර්ම වීම අතිශයින් වැදගත්ය.එපමණක් නොව එය තමන් සතු බලය හා සවියක් යන දෙකම ප්‍රයෝජනයට ගැනිම ගැන සදහන් කිරීම වැදගත් වේ. එහෙත් මෙහි දුර්වලතාවය දිළින්දන්ගේ ස්වේච්ඡා එකතුවක් යන්න සදහන් කිරිමෙන් දිළිදුකමට ලක් වු පිරිසට සිමා කිරීම වේ. මෙහි සිදුවිය යුත්තේ දිළිදුකම නැති කිරීම සදහා වු ස්වේච්ඡා එකතුවක් යන්න වේ.

ජාත්‍යන්තර සමුපකාර සන්ධානයේ නිර්වචනය අධ්‍යනය කරන විට නිර්වචන දෙකක් අපට හමුවේ. පලමු වැන්න ජාත්‍යන්තර සමුපකාර සන්ධානය ආරම්භ කිරීම සමග ඔවුන් හදුනාගත් සමුපකාරය සදහා වු නිර්වචනයයි. දෙවැන්න ගෝලිය සන්දර්භයක් තුල ඔවුන් සමුපකාර අනන්‍යතාවය ප්‍රකාශයට පත් කරමින් හදුනාගත් සමුපකාර ක්‍රමය වේ. මෙයින් පෙනෙන්නේ සමුපකාරය ව්‍යවසායක ක්‍රියාවලියක් වශයෙන් සමුපකාර සන්ධානයද පැරණි මතය ඉවත් කොට අලුත් මතය පිළිගෙන ඇති බවයි. එහෙත් සමුපකාර භාවිතය පිලිබද ලෝකය පුරාම සිදුව ඇත්තේ පැරණි දේ අලුත් වුවත් එය අලුත් දෙයක් හැටියට ගෝලිය ක්‍රියාවලියට සම්බන්ධ නොමැති බවයි. මේ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ද ඉදිරිපත් කර ඇති නිර්වචනය අධ්‍යනය කරන විට සමුපකාර වටිනාකම් කිහිපයක් ඒ තුලින් ද මතුවන බව පෙන්වා දිය හැක. ප්‍රාග්ධනය සදහා සියලුම සාමාජිකයන් දායක වීම ප්‍රතිලාභ පමණක් නොව අවධානමද සාධාරණව බෙදා ගැනිමට හැකියාව තිබිම ප්‍රජාතන්ත්‍රවාදි නියමයන් පරිදි පාලනය ගෙනයාමට හැකියාව තිබිම පුද්ගලික අරමුණක් නොව පොදු අරමුණු ඒ තුල තිබිම ආදි කරුණු මෙහි ඇති විශේෂ කරුණු වශයෙන් පෙන්වා දිය හැක. මේ සියලු නිර්වචන තුල ගම්‍ය වු කරුණු අනුව අප මෙහිදි මුලින්ම පෙන්වා දුන් ප්‍රශ්න දෙකම වෙන් වෙන්ව පිලිතුරු නැත. එනම් සමුපකාරය යනු කුමක්ද? සමුපකාර සමිති යනු කුමක්ද? යන ප්‍රස්තූතයන් දෙක හා බැදුනු කරුණු වේ.

මෙහිදී තවත් සුවිශේෂි කරුණක් පෙන්වා දිය යුතුව ඇත. 1917 දි රුසියාවේ සමාජවාදි විප්ලවය ඇතිවිමෙන් පසු සමාජවාදි ආර්ථිකය තුල ඇති වු සමුපකාරය ඊට පෙර පැවති සමුපකාරය හා සම්බන්ධ වි ඇති ආකාරයන් වෙනස් වි ඇති ආකාරය වේ. මෙහි විශේෂ දේ වන්නේ 1917 දි සමාජවාදි විප්ලවය කාලයේ මාක්ස් පෙන්වා දුන් එංගලන්තයේඇති නොවි රුසියානු සමාජයේ ඇති වෙද්දි 1917 දිම එංගලන්ත සමාජය තුල සමුපකාර පක්ෂය බිහිවීමය. එකි පක්ෂයේ ලියකියවිලි අධ්‍යනය කරන විට ඉතා පැහැදිලි වන්නේ සමුපකාරයට දේශපාලන පක්ෂයක් බිහි වුවත් සමුපකාර දේශපාලන ආර්ථික විද්‍යාවත් මේ වන තුරුත් එකි පක්ෂය මගින් බිහි නොවීමය. එය සමුපකාරයේ නෛසර්ගික ගුණය හරයාත්මක ගුණය අපෝහක ගුණ හා නෛතිකගුණය ද මේ කිසිවකුත් විචාරයට ලක් නොකිරීම න්‍යායාත්මකව පෙන්වා නොතිබිමය.

බුදු දහමින් පෝශණය වු ශ්‍රි ලංකාවේ සමුපකාරය .[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයට වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. සම්ප්‍රදාය අනුව ශ්‍රී ලංකාවේ සමුපකාරය යනු බුද්ධ සාසනයම බව ප්‍රත්‍යක්ෂ වේ. ඒ කෙසේද යත් සකල ශ්‍රී ලාංකිකා වාසී ජනතාව එනම් සිව්වනක් පිරිසට හෙවත් සංඝයට  නිරාමිස සතුට ළඟාකර ගැනීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරවීම පිණිස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ කායික මානසික අධිගමනය අරමුණු කොට පවත්වාගෙන යනු ලබන වසර 2500ක් ඉපැරණි ලිඛිත සම්ප්‍රදායකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් සම්මා දිට්ඨි. සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා), සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම පිණිස යමෙක් හෝ පිරිසක් යම්කිසි පරෝපකාරයක, ආත්මාධාරයක, කල්‍යාන මිත්‍ර සෙවනයක නිරත වෙයිද එය සම්මා උපකාරයකි, එනම් (සම්මා+උපකාරය - සමුපකාරය) හෙවත් සමුපකාරය වේ. එබැවින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම පිණිස එක්වන සමස්තය හෙවත් සමුපකාරය බුද්ධ සාසනයම වේ. එනම් ශ්‍රී ලංකාවේ සමුපකාරය යනු බුද්ධ සාසනයම වේ. 

ශ්‍රී ලංකාවේ සමුපකාරය හෙවත් බුද්ධ සාසනය මූලික වශයෙන් ශ්‍රී ලාංකිකයාගේ නිරාමිස සතුට අරමුණු කරගෙන එකිනෙකා අතර යහපත් ලෙස උපකාර කර ගනිමින් එනම් සම්මා උපකාර කර ගනිමින් පරෝපකාර කරගනිමින් ආත්මයෙන්ම ආධාර කරමින් එනම් ආත්මාධාරය කරමින් කටයුතු කරන මුළු ශ්‍රී ලාංකික ප්‍රජාවම සහභාගී වන අතිශයින් ගැඹුරු දීර්ඝ කාලයක සිට පවතින සම්ප්‍රදායකි.

අද පවතින සමුපකාරයේ මුලික හරය වන අවම පරිභෝජනය, උපරිම මානව සම්පත් සන්වර්ධනය යනු බුද්ධ සාසනය තුල දක්නට ලැබෙන ගැඹුරු සංකල්පය වන අත්හැරීම හෙවත් පරිහරණයත්, උපරිම මානව සංවර්ධනය යනු නිරාමිස සුවය දක්වා විස්තර කෙරෙන මානසික සතුටත් අද ලෝකයට එක්සත් ජාතීන් විසින් හදුන්ව දීමට සැරසෙන දල ජාතික සතුට ට වඩා බෙහෙවින් ඉහල මට්ටමේ පවතින මානව සංවර්ධනයක් බවත් ලිඛිත සාම්ප්‍රදායික ත්‍රිපිටක ඉතිහාසය මනාව කරුණු ගෙන හැර දක්වයි.

ශ්‍රී ලංකාව තුල සමුපකාරික ගතිගුණ වලට ශ්‍රී ලාංකේය ජනයා අනුගතවන්නේ බුද්ධ සාසන ඇතිවූ දා පටන්ය. එනම් ශ්‍රී ලංකාවේ සමුපකාරය හෙවත් බුද්ධ සාසනය ත්‍රිපිටක  කල්‍යාන මිත්‍ර සුත්‍රයෙන් විස්තර කෙරෙන කල්‍යාන මිත්‍ර සම්පත්තිය හෙවත් පරෝපාකාරය වසර 2500ක ලිඛිත ඉතිහාසයකි. බුද්ධ සාසනය හරහා පවතින ශ්‍රී ලංකාවේ සමුපකාරය අද ලෝකයේ කතිකාවට ලක්වන සමුපකාරයට බෙහෙවින් ඉහල මට්ටමේ පවතින ආර්ථික සමාජයීය හා සංස්කෘතික පදනමකි. බුද්ධ සාසන සමුපකාරය  මාහා සම්මතයකි. රාජ්‍ය පාලන ක්‍රමයකි. ආචාර ධර්ම පද්දතියකි, නීති පද්දතියකි. ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. නිරාමිස සතුට උදෙසා දෛනිකව කරනු ලබන පුහුණුවකි.  උපාසක උපාසිකා මහන මෙහෙන සිව්වනක් පිරිසකින් සමන්විත ඒකීය සංඝයකි.

ශ්‍රී ලංකාවේ  සමුපකාරය තුල නොමත්තක් නැත. සත්ව වර්ගයාගේ පැවැත්ම පිණිස අවශ්‍ය සියල්ල බුද්ධ සාසන සමුපකාරය තුල අන්තර්ගතය.


සමුපකාර ප්‍රතිපත්ති[සංස්කරණය]

රොච්ඩේල් මූලධර්ම – Rochdale Principles (1844)[සංස්කරණය]

රොච්ඩේල් පුරෝගාමීන් විසින් 1844 දී හදුන්වා දුන් මූලධර්ම යම් යම් වෙනස්කම් වලට  භාජනය වෙමින් අද දක්වාම සමුපකාර ව්‍යාපාරය තුල පැවත එයි. එම නිසා රොච්ඩේල් මූලධර්ම හදුනා ගැනීම වැදගත්වේ.

  1. විවෘත සාමාජිකත්වය Open Membership
  2. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය Democratic control (one person, one vote).
  3. ව්‍යාපාරයේ අතිරික්තය කොටස්කරුවන් අතර බෙදා හැරීම Distribution of surplus in proportion to trade.
  4. කොටස් ප්‍රාග්ධනය සඳහා සීමිත පොලියක් ගෙවීම Payment of limited interest on capital
  5. දේශපාලන හා ආගමික මධ්‍යස්ථතාවය Political and religious neutrality.
  6. මුදලට පමණක් වෙළදාම (ණය අනුග්‍රහයක් නොදක්වයි ) Cash trading (no credit extended)
  7. අධ්‍යාපන ප්‍රවර්ධනය Promotion of education
  8. පිරිසුදු හා නුමුහුන් ද්‍රව්‍ය පමණක් අළෙවිය

1937 දි ජාත්‍යන්තර සමුපකාර සංධානය විසින් රොච්ඩේල් පුරෝගාමීන්ගේ මූලධර්ම වල පිරිසුදු හා නුමුහුන් ද්‍රව්‍ය පමණක් අළෙවිය යන අවසන් මුල ධර්මය ඉවත් කරන ලදි. 1966 දි වියාන සම්මේලනයේදි 5 සහ 6 වන ප්‍රතිපත්ති ද වෙනස්විය. රොච්ඩේල් පුරොගාමීත්වයෙන් වසර 40 කට ඇවෑමෙන් එනම් 1895 වසරේ අගෝස්තු 19 දින ලන්ඩනයේ පැවති සිය පලමු සම්මේලනය ඔස්සේ ජාත්‍යන්තර සමුපකාර සංධානය ඇරඹිනි. මේ සඳහා ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය, රුසියාව, සර්බියාව හා එක්සත් ජනපදය යන රටවලින් නියෝජිතයන් සහභාගි විය. මොවුහු සංවිධානයේ අරමුණු ස්ථාපිත කලහ. මෙම සංවිධානය අද වන විට ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බවට පත්ව ඇත

1848-1852 කාලයේ දි ජර්මනියේ ආරම්භ වු රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති අනුගමනය කල ප්‍රතිපත්ති[සංස්කරණය]

මීට අමතරව 1848-1852 කාලයේ දි ජර්මනියේ ආරම්භ වු සමුපකාර ණය දෙන සමිති වල ද  යම් යම් ප්‍රතිපත්ති අනුගමනය කරන ලදි. ජර්මනියේ ආරම්භ වු රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති අනුගමනය කල ප්‍රතිපත්ති මෙසේය.

01. සීමිත බල ප්‍රදේශය.

02 කොටස්වලට දායක  නොවු සාමාජිකත්වය.

03. අතිරික්තය සංචිත වලට මාරු කිරීම.

04.සීමාරහිත වගකීම.

05. සාමාජිකයින් සමග පමණක් ගණු දෙණු කිරීම.

06. නිලධාරි මණ්ඩලය ස්වෙච්ඡා පදනමින් තෝරා ගැනීම.

1906 දි ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යපාරය ආරම්භ වීමට පදනම වුවේ මෙම ජර්මානු රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති ක්‍රමයයි.

සීමාසහිත ණය දෙන සමිති ක්‍රමය නිර්මාණය කල ෂුල්ස් ඩෙලිට්ස් මහතාගේ  ණය දෙන සමිති ක්‍රමයේ දි අනුගමනය කල ප්‍රතිපත්ති[සංස්කරණය]

ජර්මානු රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති ආකෘතිය අනුව යමින් සීමාසහිත ණය දෙන සමිති ක්‍රමය නිර්මාණය කල ෂුල්ස් ඩෙලිට්ස් මහතාගේ  ණය දෙන සමිති ක්‍රමයේ දි අනුගමනය කල ප්‍රතිපත්ති මෙසේ විය.

01. බාහිර ආධාර ප්‍රතික්ශේප කිරීම

02  විශාල බල ප්‍රදේශය.

03. ක්‍රියාකාරිාත්වයට අනුව ලාබ බෙදිම

04.කොටස්වලට ඉහල පොලියක් ගෙවීම

05. සීමාසහිත වගකිම

06. ව්‍යාපාර ප්‍රාගුණ්‍යතාව

07. අතිරික්තයෙන් 10% සංචිත වලට බැර කිරීම

මෙලෙස ජර්මනිය මූලික කරගෙන රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති ක්‍රමයය හා ෂුල්ස් ඩෙලිට්ස් මහතාගේ  ණය දෙන සමිති ක්‍රමයේ දි ප්‍රතිපත්ති අනුගමනය කලද  ජාත්‍යන්තර සමුපකාර ප්‍රතිපත්ති නිර්මාණයෙහිලා මූලික වුයේ රොච්ඩේල් පුරොගාමීත්වයෙන් ප්‍රතිපත්තිය. එම ප්‍රතිපත්ති විශ්වීය ප්‍රතිපත්ති ලෙස පිළිගැනේ.

රොච්ඩේල් මූලධර්ම තුලින් නූතන සමුපකාර මූලධර්ම විකාශනය වීම (1937 -1995)[සංස්කරණය]

ජාත්‍යන්තර සමුපකාර සංධානය සමුපකාර මූලධර්ම ලෙස රොච්ඩේල් පුරෝගාමීන්ගේ මූලධර්ම වල අටවන ප්‍රතිපත්තිය වන පිරිසුදු හා නුමුහුන් ද්‍රව්‍ය පමණක් අළෙවියඉවත් කර ඉතිරි මුල ධර්ම  1937 දී නිල වශයෙන් පිලිගත්හ.

1966 දී වියානා හී පැවති සම්මේලනයේදී රොච්ඩෙල් පුරෝගාමින්ගේ පස්වන ප්‍රතිපත්ති වන ,

v  දේශපාලන හා ආගමික මධ්‍යස්ථතාවය Political and religious neutrality.

හයවන ප්‍රතිපත්ති වන,

v  මුදලට පමණක් වෙළදාම (ණය අනුග්‍රහයක් නොදක්වයි ) Cash trading (no credit extended)

යන ප්‍රතිපත්ති ඉවත් කර ඒ වෙනුවට හයවන ප්‍රතිපත්තිය ලෙස සමුපකාර ව්‍යාපාර අතර සහයෝගීතාවය ( සමුපකාරය ) Cooperation between cooperatives ප්‍රතිපත්තිය එක් කරමින් පහත පරිදි වෙනස්කම් වලට ලක් කරන ලදී.

1966 දී වියානා හී පැවති සම්මේලනයේදී පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති[සංස්කරණය]

  1. විවෘත, ස්වේච්ඡා සාමාජිකත්වය Open, voluntary membership.
  2. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය Democratic governance.
  3. ස්කන්ධය සඳහා සීමිත ප්‍රතිදානයන් ගෙවීම Limited return on equity.
  4. අතිරික්තය සාමාජිකයන් අතර බෙදාහැරීම Surplus belongs to members.
  5. සාමාජිකයන් සහ පොදු ජනයා සමුපකාර මූලධර්ම පිලිබඳ දැනුවත් කිරීම Education of members and public in cooperative principles.
  6. සමුපකාර ව්‍යාපාර අතර සහයෝගීතාවය ( සමුපකාරය ) Cooperation between cooperatives

නුතන සමුපකාර ප්‍රතිපත්ති (ICA – 1995)[සංස්කරණය]

1995 වසරේදී ජාත්‍යන්තර සමුපකාර සංධානයේ ශත සංවත්සරයට සමගාමීව එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පවත්වන ලද මහ සම්මේලනයේදී සමුපකාර මූලධර්ම පිලිබඳ දීර්ඝ කතිකාවකින් පසු මෙම මූලධර්ම නැවත වෙනස්කිරිමකට ලක් කිරීමක් ජාත්‍යන්තර සමුපකාර සංධානය මගින් සිදු කරන ලදී. එහිදී සත්වන මූලධර්මය ලෙස “ප්‍රජාව පිලිබඳව සැලකිලිමත් වීම” එක්කෙරිනි.

  1. Voluntary and Open Membership විවෘත, ස්වේච්ඡා සාමාජිකත්වය
  2. Democratic Member Control ප්‍රජාතන්ත්‍රවාදී පාලනය
  3. Member Economic Participation සාමාජික ආර්ථික සහභාගිත්වය
  4. Autonomy and Independence ස්වයංපාලනය හා ස්වෛරීභාවය 5
  5. Education, Training and Information අධ්‍යාපනය, පුහුණුව හා සංවර්ධනය
  6. Co-operation among Co-operatives සමුපකාර අතර සහයෝගීතාවය
  7. Concern for Community ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම

සමුපකාර සාරධර්ම (ICA – 1995)[සංස්කරණය]

1995 දී අන්තර්ජාතික සමුපකාර සංධානය මැන්චස්ටර් නුවරදි ඉදිරිපත් කල “සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය” තුලින් සමුපකාරය ව්‍යාපාරය සඳහා සාරධර්ම මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.

“ස්වෝපකාරය, ස්වයං වගකීම, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, සාධාරණත්වය හා සාමූහිකත්වය යන සාරධර්ම මත සමුපකාරය පදනම් වේ. එසේම ඔවුන්ගේ පුරෝගාමීන්ගේ සම්ප්‍රදාය අනුව සමුපකාර සාමාජිකයෝ අවංකත්වය, විවෘතභාවය, සමාජ වගකීම සහ අනෙකා පිලිබඳව ගරුකිරීම යන ආචාර ධර්ම පිලිබඳවද විශ්වාස කරති.”

ඒ අනුව සමුපකාර සාරධර්ම පහත  පරිදි දැකිවිය හැකිය.

v  ආත්මාධාරය

v  ස්වයංවගකිම

v  ප්‍රජාතන්ත්‍රවාදය

v  සමානාත්මතාවය

v  සාධාරණත්වය

v  සහයෝගිතාවය

සමුපකාර ආචාර ධර්ම[සංස්කරණය]

සමුපකාර නිර්වචනය, සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම් වන සමුපකාර ආචාරධර්ම ලෙස

*අවංක බව *සමාජ වගකිම *විවෘත බව *අන් අය හදුනාගැනිම යන ගුණාංග පෙන්වා දීය හැක.

සමුපකාර සංධානය 1995 දි මැන්චෙස්ටර් සම්මේලනයේදි දීර්ඝ කතිකාවකින් පසු සම්මත කරගත් සමුපකාර ප්‍රතිපත්ති 07 කි. (වර්තමාන ප්‍රතිපත්ති)[සංස්කරණය]

1, Voluntary and Open Membership ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය[සංස්කරණය]
2. Democratic Member Control ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය[සංස්කරණය]
3. Member Economic Participation සාමාජික ආර්ථික සහභාගිත්වය[සංස්කරණය]
4. Autonomy and Independence ස්වයංපාලනය හා ස්වෛරීභාවය[සංස්කරණය]
5. Education, Training and Information අධ්‍යාපනය,පුහුණුව හා තොරතුරු[සංස්කරණය]
6. Co-operation among Co-operatives සමුපකාර අතර සහයෝගීතාවය[සංස්කරණය]
7. Concern for Community ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සමුපකාරය&oldid=665064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි