සමාජය සම්බන්ධ ඉංජිනේරු ශිල්පය

විකිපීඩියා වෙතින්

ඉංජිනේරු විද්‍යාව යනු ඉතා විශාල සහභාගිත්වයන්ගේ සිට කුඩා එකල ව්‍යාපෘතින් දක්වා පැතිරුණු පරාසයක් සහිත විෂයකි. සෑම ඉංජිනේරු ව්‍යාපෘතියක්ම සමාගම්, ආයෝජන කණ්ඩායම් හෝ රජය වැනි මූල්‍ය ආයතන මත සිදුවේ.

ඉංජිනේරු විද්‍යාවේ ස්වභාවය අනුව එය සමාජය හා මිනිස් සිතුම්පැතුම් සමඟ බැදී පවතී. වර්තමාන සමාජය විසින් භාවිතා කරන නිෂ්පාදන හෝ ඉදිකිරීම් සියල්ල සඳහාම ඉංජිනේරු සැලසුම් බලපානු ලබයි. ඉංජිනේරු සැලසුම් පරිසරයට, සමාජයට හා ආර්ථිකයට වෙනස්කිරීම් පත්කල හැකි බලවත් උපාංගයක්ය. එහි යෙදීම් මඟින් එයට ශේෂ්ඨ වගකීම් පවරා ඇත. ඉංජිනේරු ව්‍යාපෘති විවිධ අයුරින් විෂයානුගතකල හැකිය. මෙහි විවිධ විෂයන්ට අදාල උදාහරණ ලෙස න්‍යෂ්ටික ආයුධ ආශ්‍රිත දියුණුව, තුන් දුර්ග වේල්ල (Three Gorges Dam), ක්‍රීඩා සඳහා උපයෝගී වාහන සැලසුම්කරණය හා භාවිතය, තෙල් නිස්සාරණය ආදිය දැක්විය හැකිය. බටහිර රටවල් වල ඉංජිනේරු සමාගම් තුළ බරපතල ලෙස සමාජ වගකීම් ආදිය පවත්වාගෙන යන අතර සමහර සමාගම් සතුව ඒවා නොපවතී.

ඉංජිනේරු විද්‍යාව මානව සංවර්ධනයේ ප්‍රධාන නියමුවායි. විශේෂයෙන්ම අප්‍රිකානු උප සහරා රටවල ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව අඩු ධාරිතාවක් නොගෙන පවතින අතර එය බොහෝ අප්‍රිකානු රටවලට බාහිරින් උපකාරයක් නොගෙන යටිතල ව්‍යුහ සංවර්ධනයට තීරණාත්මක බාධකයක් වී ඇත. සහඝ්‍රයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා, ධරනීය තාක්ෂණික දියුණුව හා යටිතල ව්‍යුහ සංවර්ධනයට ඉංජිනේරු විද්‍යවේ ප්‍රමාණවත් තරම් ධාරිතාවක් අවශ්‍ය වේ. සියලු විදේශීය සංවර්ධන ව්‍යාපෘති හා සහන සැලසීමේ NGO ව්‍යාපෘති සඳහා ව්‍යසන වලදී හා සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාමේදී ඉංජිනේරු විද්‍යාවේ ප්‍රමාණවත් දායකත්වයක් අවශ්‍ය වේ. ත්‍යාගශීලී සංවිධාන බොහොමයක් මිනිසාගේ හිතසුව පිණිස ඉංජිනේරු විද්‍යාව යොදාගනී.



Reference[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Electronic_engineering