සන්ලයිට්

විකිපීඩියා වෙතින්
Sunlight Soap packages from Belgium.
Sunlight Soap ad in the trenches of WW I (1915)

සන්ලයිට් යනු ගෙදරදොර භාවිතයට ගන්නා සබන් වර්ගයක වෙළඳ නාමයකි. 1885 දී නිර්මාණය කරන ලද, සන්ලයිට් සන්නාමය තවමත් නව්‍යකරණය කරමින් වසර සියයකට වැඩි කාලයකට පසුවත් භාවිත කරනු ලබයි.[1] එම වෙළඳ නාමයෙන් යුත් සබන් මුල් වරට නිෂ්පාදනය කරන ලද්දේ බ්‍රිතාන්‍ය සමාගමක් වූ ලීවර් සහෝදරයන් විසිනි. එය, වෙළඳ නාමයක් යටතේ ඇසුරුම් කළ ලොව ප්‍රථම රෙදි සෝදන සබන් වර්ගය යි.[2] රෙදි සේදීම සඳහා විශේෂයෙන් සකසන ලද එම සබන් වර්ගය සාර්ථක වීම නිසා සමාගමේ සේවකයින් නවාතැන්ගෙන සිටි ප්‍රදේශයට පෝට් සන්ලයිට් යන නම ලැබුණි. සබන් වර්ගයේ වට්ටෝරුව නිපදවනු ලැබුවේ රසායනඥයෙකු වූ විලියම් හියු වොට්සන් විසිනි.

විලියම් හෙස්කට් ලිවර් වික්ටෝරියානු එංගලන්තයේ පිරිසිදුකම සහ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් විප්ලවීය වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. එබැවින් විලියම් ලිවර් සහ ඔහුගේ සොහොයුරා වන ජේම්ස් ඩාර්සි ලිවර්, වොට්සන්ගේ සබන් සොයා ගැනීම සඳහා ආයෝජනය කළ අතර එහි ආරම්භක සාර්ථකත්වය වූයේ ඔහුගේ පියාගේ සිල්ලර සාප්පුවේ කපන ලද, ඔතා, සහ වෙළඳනාම සහිත සබන් කැට පිරිනැමීමෙනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Home". unilever.com. සම්ප්‍රවේශය 20 June 2022.
  2. "Unilever: A company history". BBC. 22 February 2000. සම්ප්‍රවේශය July 9, 2011.
"https://si.wikipedia.org/w/index.php?title=සන්ලයිට්&oldid=504016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි