සංගීත සැණකෙළිය

විකිපීඩියා වෙතින්

සංගීත උත්සවයක් යනු සංගීතය මුලික කරගත් , සංගීත ප්‍රභේදයන්, ජාතියක හෝ සංගීතඥයන්ගේ පළාතක් හා නිවාඩුවක් තේමා කරගනිමින් ඉදිරිපත් කරන්නකි. මේවා බොහෝ විට එළිමහනේ පවත්වන අතර, කෑම වර්ග හා වෙළෙඳුන්ගේ කලාත්මක ඉදිරිපත් කිරිම් හා සමාජීය ක්‍රියකාරම් වලින් යුක්ත සංගීතමය ඉදිරිපත් කිරීම් වලින් සමන්විතයන් ඩෙල්හි හි පැවති පයිතියන් ගේම්ස් අතීතයේ තිබු එක් උත්සවයකි. මධ්‍යකාලීන යුගයේ බොහෝ උත්සව තරඟ ස්වභාවයෙන් පැවැත්විණ. බොහෝමයක් උත්සව අවුරුද්දක් පාසා හෝ වෙන් යම් කාල සීමා වන් තුල පවත්වනු ලදී. බොහෝමයක් 'රොන්' උත්සව වසරකට එක් වරක් පමණක් පවත්වයි. සමහරක් උත්සව ලාභය අරමුණු කරගනිමින් පවත්වන අතර, සංදර්ශන සහ අනෙකුත් විශේෂ සිදුවිම්වලට ප්‍රතිලාභ ලබා ගැනීමට ද පවත්වයි.

තවත් සංගීත උත්සව වර්ගයක් නම් අධ්‍යාපනික වර්ගයේ උත්සවයි. මේවා වාර්ෂිකව දේශිය සභාවන්හි, ප්‍රාදේශියව හෝ ජාතිකව පවත්වනු ලැබේ. සෑම වයස මට්ටමකම ආධුනික සංගීතකරුවන්ගේ සුභසාධනය සඳහා මෙම වර්ගයේ උත්සව පවත්වයි. මෙහිදී ඉදිරිපත් කරන්නා සංගීත ඛණ්ඩයක් තරඟකරුවන් ද සිටින ඇතුළත් ප්‍රෙක්ෂකගාරයක් ඉදිරියෙහි ඉදිරිපත් කරන අතර මෙහි වි‍ශේෂ ලක්ෂණයක් නම් සෑම තරඟකරුවකු හටම ඉතා විශිෂ්ට වෘත්තීය විනිශචයකරුවකු විසින් ඒ ‍වේලෙහිම වාචිකව හා ලිඛිත ප්‍රතිචාරයක් ලැබීමයි. මොවුන් හට සහතික පත්‍රයක් ලැබෙන අතර එක් තරඟකරුවකුට තවත් තරඟකරුකුගෙන් ඉගෙන ගත හැකි දෑ බොහෝමය. මෙවැනි උත්සව වල අරමුණු වනුයේ මිත්‍ර හා සහයෝගාත්මක වතාවරණයක් සෑම සංගීතකරුවෙකුටම සංගීත නිර්මාණයේදී ලබා දීමයි.

සංගීත උත්සව සංවිධානය[සංස්කරණය]

සංගීත උත්සවයක් සංවිධානය කරනු ලබන්නේ ප්‍රධාන කොටම සංගීතමය අරමුණක් සදහා වුවද එය ජාතික, ආගමික අවශ්‍යතාවයන්ට අනුව සංවිධානය වන අවස්ථා ද ඇත. බොහෝ විට මේවා එළිමහන් දර්ශනයන්ය. "ඩෙල්පිහි පයිතින් ග්‍රෙම්ස්" නම් සංගිත සංදර්ශණය ලොව පැරණිම උත්සවයක් ලෙස සැලකේ. බොහෝ විට මධ්‍යතනය යුගයේ පැවති සංගිත උත්සවයන් තරඟාවලියක් ලෙස පවත්වනු ලැබිය.

බොහෝ සංගීත උත්සව වාර්ෂිකය පවත්වනු ලබන අතර සමහර ඒවා ඒකවර ද ඒවා විශේෂ අවශ්‍යතා මතද සංවිධානය කරනු ලබයි.

අධ්‍යාපනික සංගීත සංදර්ශණයක් මේ අතරින් වැදගත් තැනක් ගනී. මේවා සංවිධානය කර්නනේ ආධුනික සංගිතඥයන් වෙනුවෙනි. ප්‍රවිණ සංගිතඥයන් හමුවේ අදහස් හුවමාරු කිරීම, ආධුනිකයන් දැන හදුනා ගැනීම, තම මතිමතාන්තර විවේචනය ඉදිරිපත් කිරීම මෙම උත්සව වලදි සිදු වේ.

සටහන්[සංස්කරණය]

| Music Festivals |}

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_සැණකෙළිය&oldid=465210" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි