ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ සියදිවි හානි කරගැනීම එරට සිදුවන අස්වාභාවික මරණවලට සුලබ හේතුවක් සහ දීර්ඝ කාලීන සමාජයීය ගැටලුවක් ද වන්නේ ය.

සංඛ්‍යාන දත්ත[සංස්කරණය]

2011 බිනර මස, ජාතික මානසික සෞඛ්‍ය පර්යේෂණායතනය (NIMH) හි ප්‍රධානී අාචාර්ය නීල් ප්‍රනාන්දු විසින් සම්මේලනයක දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව,  සෑම වසරක ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4,000 පමණ පිරිසක් සියදිවි නසාගැනීමෙන් මිය යති. ආචාර්ය ප්‍රනාන්‍දුගේ සංඛ්‍යාලේඛන වලින් පෙනී යන්නේ සියදිවි නසාගැනුම් වලට ගොදුරුවන්නන්ගෙන් බහුතරය වයස අවුරුදු 15ත් 44ත් අතර ශ්‍රී ලාංකිකයන් බව ය.[1] රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ සමයේ (1948) සිරිලක සියදිවි නසා ගැනීම් අනුපාතය මිනිසුන් 100,000කට 9ක් වුණි. 1970 ගණන්වල එය 100,000කට 19ක් ලෙස ඉහළ නැඟ ඇති අතර, 1980 දශක මධ්‍යයේ එය 100,000කට 33ක් මට්ටමට ළඟා වී ඇත. ඉනික්බිති එම අනුපාතය සාපේක්‍ෂ ව ස්ථිතික මට්ටමක තිබේ.[2]

සියදිවි නසාගැනීම් අනුපාතය[සංස්කරණය]

වයස් පන්තිය සියදිවි නසාගැනුම් ප්‍රමාණය /1,000
1950 1970 1975 1980 1986 1989 1996 1999
=<14 - 0.01 0.01 0.02 0.01 0.02 0.02 0.02
15-24 0.10 0.42 0.38 0.63 0.63 0.55 0.45 0.41
25-44 0.09 0.27 0.25 0.40 0.48 0.49 0.47 0.49
45-64 0.10 0.24 0.23 0.28 0.34 0.37 0.35 0.38
65-74 0.21 0.44 0.41 0.40 0.49 0.47 0.55 0.55
75+ 0.37 0.50 0.75 0.78 0.74 0.56 0.57 0.67
Source: Registrar General's Office[2]

සුලබතම විධි[සංස්කරණය]

  • දුම්රිය එන මඟට පැනීම
  • පළිබෝධනාෂක බීම
  • Hanging එල්ලීම
  • ගැඹුරු දියට පැනීම
  • ඉහළතර ස්ථානවලින් පැනීම
  • මාරාන්තික ගිනිඅවි භාවිතය
  • ඇසිඩ්, ඉන්ධන බීම
  • බෙහෙත් අධිමාත්‍රණය

මේවාත් බලන්න[සංස්කරණය]

යොමු[සංස්කරණය]

  1. "Sri Lanka suicide rate one of the world's highest". World Socialist Web Site. සම්ප්‍රවේශය 16 November 2012.
  2. 2.0 2.1 "Social Conditions of Sri Lanka" (PDF). Statistics.gov. pp. 14–16. සම්ප්‍රවේශය 16 November 2012.