ශ්‍රී ලංකාවේ පැරාලිම්පික් සහභාගිත්වය
සැකිල්ල:Country alias at the පැරාලිම්පික් | |
---|---|
සැකිල්ල:Country alias | |
IPC code | SRI |
NPC | National Federation of Sports for the Disabled |
Medals |
|
Summer appearances | |
1996 ඇට්ලන්ටා හි පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පළමු වරට පැරාලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගි වුණ අතර එහි එක් ක්‍රීඩකයෙකු (කාලික පතිරණ) ක්‍රීඩා කළේය. එයින් පසුව පැවති සෑම ගිම්හාන පැරාලිම්පික් උළෙලකටම ශ්‍රී ලංකාව සහභාගී වී ඇතත් කිසිම ශීත සෘතු පැරාලිම්පික් උළෙලට සහභාගි වී නොමැත.[1]
2012 ලන්ඩනයේ පැවති ගිම්හාන පැරාලිම්පික් උළෙලේදී T46 කාණ්ඩයේ පිරිමි මීටර් 400 දිවීම ඉසව්වේදි ලෝකඩ පදක්කම දිනාගත් ප්‍රදීප් සංජය විසින් ශ්‍රී ලංකාව සිය පළමු පැරාලිම්පික් පදක්කම දිනා ගත්තේ ය.[2]
රියෝ හි පැවති 2016 ගිම්හාන පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය. දිනේෂ් ප්‍රියන්ත හේරත් F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ 3 වන ස්ථානයට පත්විය.[3]
2020 ටෝකියෝවේ පැවති ගිම්හාන පැරාලිම්පික් උළෙලේදී, ශ්‍රී ලංකාව සිය ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම දිනාගත් අතර, පිරිමි හෙල්ල විසි කිරීමේ F 46 කාණ්ඩයේ දිනේෂ් ප්‍රියන්ත හේරත් රන් පදක්කම දිනා ගනිමින් මීටර් 67.79ක නව F 46 ලෝක හා පැරාලිම්පික් වාර්තාවක් පිහිටුවීය. 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේදී පිරිමි හෙල්ල විසිකිරීමේ F 64 කාණ්ඩයේ මීටර් 65.61 ක දුරක් වාර්තා කරමින් දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගත්තේය.[4][5]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ සැකිල්ල:IPC npc profile
- ↑ [1]
- ↑ http://www.dailymirror.lk/115781/Dinesh-Priyantha-wins-Javelin-bronze-at-Rio-Paralympics
- ↑ "Athletics - Men's Javelin Throw - F64 Schedule | Tokyo 2020 Paralympics". .. (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-08-30.
{{cite web}}
: CS1 maint: url-status (link) - ↑ https://www.newsfirst.lk/2021/08/30/sri-lanka-wins-02nd-paralympics-medal-bronze-for-samitha-dulan/