ශ්‍රී ලංකාවේ අරාබිවරුන්ගේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
2001 සහ 1981 ලංකික මුස්ලිම් ව්‍යාප්තිය

ඉතිහාසය මුළුල්ලේම ශ්‍රී ලාංකික දෙමළුන්, ශ්‍රී ලාංකික දමිළ ජාතියට අයත් බව පෙන්වීමට උත්සාහ කර ඇත. එය ශ්‍රී ලංකාවේ සුළු ජාතික ප්‍රජාවට අනන්‍යතාවයක් ලැබීම වැළැක්විමට කරන ලද්දක් බව සැලකේ. නමුදු ශ්‍රී ලාංකික ආණ්ඩුව මුස්ලිම්වරුන් දමිල ජනයාගෙන් වෙන්වු ජනවර්ගයක් ලෙසත්, මුස්ලිම්වරුන් අරාබි මූලයකින් යුත් බවත් පිළිබිඹු කරයි.

ඉස්ලාම්වරුන් ලංකාවේ ව්‍යාප්ත වු ආකාරය ඉන්දියාවේ Malabar මුහුදු බඩ ප්‍රදේශයේ මුස්ලිම් වරුන් ව්‍යාප්ත වු ආකාරයට සමාන බව සැලකේ සම්ප්‍රදායට අනුව වාර්තා වන්නේ Malabar හි මුස්ලිම්වරුන් වන්දනාමාන කිරීමට ශ්‍රී පාදයට පිවිසියේ? තොටුපල ඔස්සේ බවය. ඔවුන් ගේ විශ්වාසය නම් සමනල කදු මුදුනේ Adam ගේ පාද සලකුණ ඇති බවය.

14 වැනි ශතවර්ෂයේ අරාබි දේශාටක ඉබන් බතුතා ශ්‍රී ලංකාවේ අරාබි බලපෑම් පිළිබඳව බොහෝ තොරතුරු ප්‍රකාශ කළේය.

7 වැනි ශතවර්ෂයේ අවසානයට පෙරාතුව මුස්ලිම් වාණිජ ජනපදයක් ශ්‍රී ලංකාවේ පැවතිණි. සුන්දර පරිසරයේ අලංකාරයෙන් මන්මත්වීමත්, ශ්‍රී පාදයේ වශි වන සම්ප්‍රදායත් හේතුකරගෙන වැඩි පිරිසක් මුස්ලිම් වෙළඳ ජනයා ශ්‍රී ලංකාවට පැමි‍ණියහ. සමහරෙක් ලංකාවේ පදිංචි වූයේ එකල දේශිය පාලකයන්ගේ හෘදයාංගම සංග්‍රහය නිසාවෙනි. බොහෝ මුස්ලිම් ජනයා මුහුදු බඩ ප්‍රදේශයන්හි විසුහ. ඔහුවු බැග්ඩැග් හා අනෙකුත් ඉස්ලාම් නගරයන් සමඟ සංස්කෘතක හා වාණිජ්‍යමය සම්බන්ධ‍තාවයන් පවත්වා ගැනීමට අමතක නොකළහ.

ටිකිරි අබේසිංහයන්ගේ Portuges Rule in Ceylon 1594-1612 ග්‍රන්ථයට අනුව ලංකාවේ ප්‍රථම මුස්ලිම් භක්තිකයන් අරාබියේ Hose of Hashim හි කොටසකට අයත් වුවෝය. ඔවුන් 8 වැනි ශතවර්ෂයේදී අරාබි calioph හි සකුර පාලනයෙන් පිට වු අයය. Adel Malika Marwan සහ දකුණුදිග ප්‍රදේශ වලින් ආ අය ඉන්දියා දකුණු අර්ධද්විපයේ, ලංකාවේ හා මැලක්කා හි ජනාවාස ඇරඹීය. ලංකාවට පැමිණි මුස්ලිම්වරු ජනාවාස 8 ක් පිහිට වුයේ උතුරු නැගෙනහිර උතුරු හා බටහිර වෙරළබඩ කලාපවලය. ත්‍රීකුණාමලය, යාපනය, කොළඹ, ගාල්ල මෙම ප්‍රදේශවලට අයත් විය. එම නිසා ඉස්ලානු ආගම ක්‍රි.ව. 718 දී පමණ ලංකාවට පැමිණිබව නිගමනය කල හැක.

ලංකාවේ මුස්ලිම් ජනයා ව්‍යාප්ත විම කෙරෙහි බොහෝ හේතු බලපාන්නට විය. සිංහල ජනයාගෙන් බහුතරය යැපුනේ වෙළෙදාමට වඩා ගොවිතැන මතය. එම නිසා මුස්ලිම්වරුන්ට වෙළෙදාම් කිරීම පහසුවිය. මුස්ලිම් ජනයා පිටරටවල් සමඟ පැවැත්වු වාණිජ හා දේශපාලනික සම්බන්ධතා නිසා රට තුළට ආදායම් ගෙන ඒම ලාංකිය රජවරුන්ගේ ප්‍රසාදයට හේතුවිණි. මේනිසා මුස්ලිම්වරු රටට වාසි සහගත ජාතියක් ලෙස සැලකුවේය. ලාංකික ජනයාගේ ආගමික ඉවසීම හා සාධාරණත්වය මුස්ලිම් ජනයාගේ ව්‍යාප්තිය උදෙසා හේතු කාරක විය.

ප්‍රථම බාගයේ මුස්ලිම් ජනාවාස වරාය ආසන්නයේ පිහිට වුයේ ඔවුන්ගේ වෙළෙඳාම් කටයුතු වල ස්වභාවය නිසාය. තවද මුස්ලිම් ජනයා ලංකාවට පැමිණිමේදි මුස්ලිම් කතුන් නොගෙනා බව උපකල්පනය කළ හැකිය. එම නිසා ඔවුන් ලංකාවේ සිංහල හෝ දෙමළ කතුන් මුස්ලිම් ජාතියට හරහා ඔවුන් විවාහර කර ගත්හ. ලාංකික මුස්ලිම්වරුන් දෙමළ භාෂාව දැන ගැනීමට මුලික හේතුව වූයේ දකුණු ඉන්දියානූ වෙළෙඳුන් සමඟ වෙළෙඳ හුවමාරු ඇති කර ගැනීමේදී ඔවුන් සමඟ සන්නිවේදන කටයුතු කිරීමට දමිළ භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය වු බැවිනි. ඉන්දියාවේ තමිල්නාඩු හි විසු මුස්ලිම්වරුන් සමඟ සංකලනය විම ද තවත් හේතුවකි. මුස්ලිම්වරුන් ඉතා‍ සුක්ෂම ලෙස වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගත්හ. මුස්ලිම් ජනාවාස ක්‍රි.ව. 1024 දි කළුතර දිස්ත්‍රික්කයට ද ව්‍යාපත වු බව සැලකේ. මෙම මුස්ලිම්වරු ලාංකික ජනයා අතර ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීමට ඉඩ නොදුන්න ද ඔවුන් විවාහ වූ දමිළ හා සිංහල කතුන් බොහෝමයක් ඉස්ලාම් ආගම අදහන්නට වුහ. ලාංකික ඉතිහාසයේ වාර්තා වන අයුරින් වත්මි රාජා නමැති මුස්ලිම් නායකයෙකු 14 වැනි ශතවර්ෂයේදි කුරුණෑගල පාලනය කර ඇත. මෙම තොරතුරු ඉතිහාස පොත් වල සඳහන් නොවේ. නවක ලේඛකයන් මෙම තොරතුරු තම පොත් වල සඳහන් කර නැත. එයට හේතුවක් හෝ දක්වා නැත. වත්මි රාජා යනු බුවනෙක බාහු රජුගේ මුස්ලිම් බිරිදකගෙන් උපත ලැබුවෙකි. පළමු බුවනෙකබාහු රජුගේ සිංහල පුත්‍රයා වූ 3 වැනි පරාක්‍රමබාහු රජු පණ්ඩිත පරාක්‍රමබාහු රජ නමින් දඹදෙනිය පාලනය කළේය. තම සුළු සහෝදරයාගේ ඇස් උගුල්ලන ලෙස 3 වැනි පරාක්‍රමබාහු රජු අණකල බව සැලකනෙ අතර මෙම නින්දිත සිද්ධිය මහාවංශ කතුවරයා විසින් රචනා කර නැත. බ්‍රිතාන්‍ය පරිවර්තකයෙකු වු මුදලියර් විජේසිංහ පවසන්නේ පුස්කොළ පොත් වලින් මෙම සිද්ධිය මුළුමනින්ම ඉවත් කර මුසාවාද එකතු කළ බවයි. අන්ධ වූ වත්මි රාජාව ක්‍රි.ව. 1344 දි ලංකා ගමනේදී ඉබන් බතුතා දුටු බව ද සඳහන් වේ. වත්මි රාජාගේ පුත් 2 වැනි පරාක්‍රමබාහුද, 2 වැනි අලකේශ්වර මුස්ලිම් ජාතිකයො වෙති. මුස්ලිම් ජාතික අ‍ලකේෂ්වර රජුන්ගේ පෙළපත ක්‍රි. ව. 1410 දී අවසන් විය. මෙම වසර 100 කාලය පුරාවට රජ කළ රජුන් සියල්ලන් මුස්ලිම් නොවුවද, සංඝබෝධි යන උපසර්ගය ගල්සන්නස් වල රජුවරුන්ගේ නාමය ඉදිරියෙන් නොතිබීමෙන් පිළිබිඹු වන්නේ ඔවුන් බෞද්ධ රජවරුන් නොවු බවයි.තවද ඉබන් බතුතාගේ ලංකා ගමනයේදි කොළඹ ජබෝති නමැති මුස්ලිම් පාලකයෙකු ඇබසිනියාවන් 500 ක ගෙන් පමණ සමන්විත නගරාක්ෂක හමුදාවක් සමඟ නගරය පාලනය කළ බව සඳහන් වේ. මෙය නොසලකා, මුස්ලිම්වරුන් සිංහල රාජ්‍යත්වය හා දේශිය ජනයා සමඟ සැමවිටම සබැඳියාවෙන් කටයුතු කළ බව සැලකේ. ඔවුන් දෙමල ජනයාට වඩා සිංහල ජනයාට සමීපව සිටි බවට සාක්ෂයක් ලෙස මෙය සැලකිය හැකිය. මෙයින් සිංහල රජවරුන් සමඟ තිබූ සම්බන්ධතාවය තවත් වැඩි වු අතර 14 වැනි ශතවර්ෂයේදි මුස්ලිම්වරු ව්‍යාප්ත වන දමිළ රාජධානිය හා දමිළුන්ගේ වෙරළබඩ බලය මැඩපැවැත්විමට පැවති සටන් වලදි තම සහය සිංහලයන්ට ලබා දි ඇත.


16 වැනි ශතවර්ෂය ආරම්භයේදි අරාබි වෙළෙඳුන්ගෙන් පැවත එන ලාංකික මුස්ලිම් ජනයා ලංකාවේ පදිංචිව සුව පහසු ජීවිත ගත කළහ. ඔවුන් වෙළෙඳ කටයුතුවල ඉතා සාර්ථක වු අතර ස්වදේශිකයන්ගේ සිරිත් ද අනුගමනය කිරීමට පටන් ගෙන ඇත. ක්‍රමයෙන් ඔවුන් සමාජයෙන් වෙන් කළ නොහැකි මෙන්ම අත්හළ නොහැකි කොටසක් බවට පත්විය. මෙම සමය ලාංකික මුස්ලිම්වරු සාමය හා සමෘද්ධිය අතින් ඉහළින්ම අත්විඳි කාලයක් විය.


[සංස්කරණය] සටහන්

The_Sri_Lankan_Moors
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න